Covid-19 දෙවැනි රැල්ලක් අතළග – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
- RSL
- July 18, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ්-19 දෙවන රැල්ලක් ක‍්‍රියාත්මක නැතත් දෙවන රැල්ලක් ඉතා ආසන්න සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා අද (18) පැවැති මාධ්‍ය හමුකදී හෙළි කළේය.

විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මෙහිදී කියා සිටියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කණස්සල්ලෙන් පසුවන බවත් අද ඇති වී තිබෙන තත්ත්වය කුමන අතට හැරෙයි දැයි සැකයක් ඇති බවයි.
කොරෝනා වසංගතය ආරම්භ වූ මුල් අවධියේ ඊට මුහුණ දුන් ආකාරය ඉතා විශිෂ්ට බවත් ඒ ගැන සෑහීමකට පත්විය හැකි බව පැවසූ රණසිංහ මහතා රජයේ ඉහළ බලධාරීන් ගෙන් ලැබෙන වැරදි ආදර්ශ නිසා ජනතාව මන්දෝත්සාහී වී ඇති බවද කීවේය.
කොරෝනා වෛරසය සමාජයේ පැතිර ඇතැයි සීයට සීයක් තහවුරු කර කිව නොහැකි වුවත් ඒ ආසන්නයේ අත ළඟ ඉන්නා බව කිව හැකි යයිද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

