Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව 619 දක්වා ඉහළට
- RSL
- April 28, 2020
- උණුසුම් පුවත්
- featured
- 0 Comments

අද දින (28) ප.ව 08.04 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 611ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. අද දිනය තුළ ප.ව 08.04 වන විට වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 23ක් බවයි එහි සදහන් වන්නේ.

දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 317ක් වන අතර ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 470ක් බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ. සුවය ලබා පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 134ක් වන අතර මරණ සංඛ්‍යාව තව දුරටත් 07ක් ලෙස ස්ථාවරව පවතිනවා.

