Covid-19: අද දින මරණ 07ක් සමග මුළු මරණ 116 දක්වා ඉහළට – නව ආසාදිතයින් 498ක්
- RSL
- November 29, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (29) දින කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 07 දෙනකු මිය ගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 21.20ට නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක සදහන් වෙනවා.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි සිවු දෙනෙක් සිටින අතර මියගිය පුද්ගලයින් අතර අකුරැස්සේ (51 හැවිරිදි කාන්තාවක්) සහ හලාවත (70 හැවිරිදි පිරිමියෙක්) පුද්ගලයින් දෙදෙනෙක් සිටිනවා. සෙසු 05 දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවයි අදාළ ප්රවෘත්ති නිවේදනයේ සදහන් වන්නේ.
මේ සමග ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 116ක් දක්වා වර්ධනය වෙනවා.
මේ අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින ප.ව 20.40ට නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක සදහන් වුණේ අද දින (29) කොවිඩ්-19 ආසාදිතයින් 496 දෙනකු වාර්තා වූ බවයි.


