COVID-19 වසංගතය හමුවේ SPC නිෂ්පාදන ධාරිතාවය වැඩි කෙරේ

Spread the love

COVID -19 වසංගතය හමුවේ රටවැසියන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සදහා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ මෙහෙයවීමින් රජය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද රැසක් ක්‍රියාවට නංවන ලදි.

මෙහිදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන පැරසිටමෝල් 500mg (pacidol) ඖෂධ නිෂ්පාදන ධාරිතාවය සහ ශ්වසන ආබාධ සදහා ලබාදෙනු ලබන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය වැඩිකොට රටෙහි පවතින වසංගත රෝගී තත්ත්වයන් පාලනය කිරිම සදහා සෘජු දායකත්වයක් ලබාදෙන ලද අතර, ඊට සමගාමීව අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝගී තත්ත්වයන් පාලනය කෙරෙන ඖෂධ නිෂ්පාදනය වැඩි කිරිම තුලින් පවතින වසංගත තත්ත්වය හමුවේ ඇතිවන අනෙකුත් සංකූලතා මැඩපැවැත්වීම සදහා ද අඛණ්ඩ සැපයුමක් ලබාදෙනු ලැබීය.

රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත ඊයේ (18) පස්වරුවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැමිණියේ COVID-19 වෛරසය හමුවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිදු කළ සේවයට ස්තුතිය පළ කිරිම සඳහායි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන කටයුතු ද නිරීක්ෂණයට ලක් කරන ලද අතර මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

රට තුල දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 20 ක් පමණ දැනට දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර, මෙය සියයට 60-75 දක්වා ඉහළ නැංවිම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ බලාපොරොත්තුවයි. ඖෂධ ආනයනය කිරීම සදහා වැයවන විදේශ විනිමය රට තුල ඉතිරි කර ගනිමින් තත්ත්වයෙන් උසස් ඖෂධ ලබාදීමට හැකිවීමත්, රැකියා අවස්ථා වැඩිවීමත්, රට තුල ඖෂධ නිෂ්පාදනයේ පවතින තාක්ෂණික දැනුම ද ඉහළ යාම මගින් රටේ සංවර්ධනයට එය ඉමහත් දායකත්වයක් ලබාදෙනු ඇති බවත් පෙන්වා දෙන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තත්ත්වයෙන් උසස් ඖෂධ සදහා වන වට්ටෝරු සම්පාදනය කරනු ලබන්නේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් බව ද පෙන්වා දෙයි.

RSL

Related Posts