Covid-19: ලෝකය පුරා උණුසුම් පුවත් සාරාංශය

Spread the love

කොවිඩ්-19 සම්බන්ධ උණුසුම් දෛනික පුවත්වලින් අදත් (28) ජාත්‍යන්තර මාධ්‍ය පිරී යමින් තිබෙනවා. ඒ අතරින් ඔබට අදාළ සහ බලපෑම් සහගත උණුසුම් පුවත් අප විසින් සාරාංශ ගත කළා.

මැදපෙරදිග දරුණුතම බලපෑමට ලක්වූ රට වන ඉරානය ලබන අද දින සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරනු ඇත.
  • ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම යාවත්කාලීන කිරීම් අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් ඇති අතර 500,000 කට ආසන්න පිරිසක් මියගොස් තිබේ
  • එක්සත් රාජධානියේ, ආසාදන වැඩිවීමෙන් පසු ලීස්ටර් නගරය අගුළු දැමීමට පියවර ගනු ඇත.
  • එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා සහ ටෙක්සාස් ප්‍රාන්ත ආසාදන වැඩිවීම වැළැක්වීම සඳහා බාර් විවෘත කිරීමට දැඩි සීමා පනවනු ලැබේ.
  • 500,000 කට ආසන්න ජනතාවකට බලපාන නව පිපිරීමක් මැඩපැවැත්වීම සඳහා චීනය බීජිං අසල දැඩි අගුලු දමා තිබේ.
  • මැදපෙරදිග දරුණුතම බලපෑමට ලක්වූ රට වන ඉරානය ලබන අද දින සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරනු ඇත.
  • එක්සත් ජනපදයේ රෝගීන් මිලියන 2.5 ක් පමණ වාර්තා වී ඇති අතර අවම වශයෙන් මරණ 125,000 ක් වාර්තා වී තිබේ.

යුරෝපය පුරා නවතම කොරෝනා වෛරස් සිරස්තල

මාර්තු මාසයේ ප්‍රමාද වීමෙන් පසුව ප්‍රංශය පළාත් පාලන මැතිවරණය පවත්වයි
  • ප්‍රංශයේ අනිවාර්ය මුහුණු ආවරණ පැළඳ සිටින ඡන්දදායකයින් පළාත් පාලන මැතිවරණයේ අවසන් වටයේ සඳහා ඡන්ද ප්‍රකාශ කරනු ලැබිණි. නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අඩු වී ඇති අතර පැරීසියේ ඡන්දදායකයින්ගෙන් 15% ක් පමණ අද දහවල් වන විට ඡන්දය ප්‍රකාශ කර තිබේ. වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ ඡන්දය ප්‍රමාද විය
  • මේ අතර, ජර්මානු නගරයක් වන ගොටර්ස්ලෝහි මස් කම්හලකින් කොවිඩ්-19 ආසාදිතයින් විශාල පිරිසක් හමුවීම පිළිබදව බලධාරීන් කණස්සල්ලට පත්ව සිටිති. ප්‍රදේශයේ පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසකට කොවිඩ් -19 ආසාදනය වී ඇති අතර දැන් නිලධාරීන් පවසන්නේ කර්මාන්ත ශාලාවට කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයින් අතර ද ආසාදිතයින් ඉහළ යන බවයි.
  • ග්‍රීක දූපතක් වන කොස් දූපත සදුදා සිට ජර්මානු වෛද්‍යවරුන් සදහා නොමිලේ සංචාරක පහසුකම් ලබාදීමට සැලසුම් කර ඇත. ග්‍රීක සංචාරක අමාත්‍යංශය පැවසුවේ “කොරෝනා වෛරසයට එරෙහිව ඔවුන් දැක්වූ දායකත්වය අගය කිරීම හා කෘතඥතාව දැක්වීම සදහා‘ මෙම පියවර ගත් බවයි.
  • චෙක් ජනරජයේ වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් තිබේ. සෙනසුරාදා නව රෝගීන් 260 ක් වාර්තා වූ අතර එය සති ගණනක වැඩිම සංඛ්‍යාවයි.

 ආසියානු කලාපයේ ප්‍රධාන සිරස්තල

දිල්ලිය ඉන්දියාවේ අවදානම්ම කලාපය බවට පත්ව තිබේ.
  • නව පිපිරීමක් ඇතිවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස චීනය බීජිනය අසල දැඩි අගුලු දමා තිබේ. මිලියන භාගයකට ආසන්න පිරිසකට ඇක්සින් ප්‍රාන්තයේ සහ ඉන් පිටත ගමන් කිරීම තහනම් වේ.
  • දකුණු කොරියාව පසුගිය පැය 24 තුළ තවත් දුසිම් ගණනක් නව ආසාදිතයින් තහවුරු කර ඇති අතර, එය නව පොකුරු මාලාවක් සමග අරගල කරයි. පසුගිය මාසයේ කොරියාවේ සමාජ දුරස්ථ භාවය සම්බන්ධ නීති ලිහිල් කළ දා සිට ආසාදිතයින් ඉහළ ගොස් තිබේ.
  • මේ අතර ජපානයේ ටෝකියෝ නුවරින් ඉරිදා (28) නව ආසාදිතයින් 60 ක් වාර්තා විය. එය පසුගිය මාසයේ හදිසි තත්වයක් ඉවත් කිරීමෙන් පසු ටෝකියෝවෙන් වාර්තා වූ ඉහළම දෛනික එකතුවයි.
  • ඉන්දියාවේ දිල්ලි නුවරින් මේ වන විට කොවිඩ්-19 රෝගීන් 73,000 ක් පමණ වාර්තා වී ඇත. සමාජ දුරස්ථභාවය ලිහිවීම, අධික නිලධාරීවාදය සහ දේශපාලන ගැටුම් හේතුවෙන් තත්ත්වය තව දුරටත් සංකීර්ණ වන බව එරට මාධ්‍ය කියයි. 

බී.බී.සී මාධ්‍ය වාර්තා ඇසුරින් සකස් කළේ තීක්ෂණ වෙළෙන්එගොඩ

RSL

Related Posts