Covid-19: මැදපෙරදිග කලාපයේ සැබෑ තත්ත්වය කුමක්ද ?

Spread the love

කොවිඩ් -19 ආසාදිතයින් සහ මරණ ගැන වාර්තා වන විට ලෝකයේ වැඩිම අවධානයක් යොමු වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඇතුළු බටහිර රටවල් වෙතයි. ඒ අතර ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සේවය කරන නිසා දකුණු කොරියාවත්, ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ජීවත් වන නිසා ඕස්ට්‍රේලියාවත් දැඩි අවධානයට ලක් වෙනවා.

ඒත් දශක කිහිපයක් පුරා මිලියකට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ජීවත් වන මැදපෙරදිග කලාපයේ කොරෝනා ආසාදන හා මරණ ගැන අපට තිබෙන්නේ අඩු දැනුමක් හා අවධානයක්. ඒත් යම් කිසි ආකාරයකින් මැදපෙරදිග කලාපයේ කොරෝනා වසංගත තත්ත්වයක් උද්ගත වුවහොත් ශ්‍රී ලංකාවට ඍජුව බලපාන බව, විශෙෂයෙන් ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටින නිසා මෙරට ග්‍රාමීය දුප්පත් මිනිස්සුන්ට දැවැන්ත බලපෑමක් වන බව අපි අමතක කරනවා.

විශේෂයෙන් යම් ආකාරයකින් මැදපෙරදිග කොරෝනා අවධානම ඉහළ ගියහොත් එහි වැඩි බරක් දැරීමට සිදුවන්නේ අරාබියේ ගෘහ සේවිකාවන් හා සේවකයින් වශයෙන් සිටින අපේ කාන්තාවන්ට බව අප මතක තබා ගත යුතුයි.

ඒත් දුප්පතුන් නිසාම හඩක් අහිමි ඔවුන් ගැන අපි දක්වන්නේ අඩු අවධානයක්. ඒ වගේම දෛවෝපගත ලෙස ඉරානයේ හැරුණු විට අනෙක් මැද පෙරදිග රටවල කොරෝන වසංගත තත්ත්වයක් මේ දක්වා දැකිය නොහැකියි.

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සේවය කරන සෞදි අරාබියෙන් මේ දක්වා (06 වන දින මධ්‍යාහනය) වාර්තා වී තිබෙන්නේ කොරෝනා මරණ 34ක් පමණයි. එහි ආසාදිතයින් සංඛ්‍යාව 2402ක් බවයි අල් ජසීරා මාධ්‍ය ආයතනය කියන්නේ. ඒ සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයයෙන් ආසාදිතයින් 1799ක් සහ මරණ 10ක්, කටාරයෙන් ආසාදිතයින් 1604ක් සහ මරණ 4ක්, ඉරාකයෙන් ආසාදිතයින් 961ක් සහ මරණ 61ක්, බහරේනයෙන් ආසාදිතයින් 700ක් සහ මරණ 04ක්, ක්වේටයෙන් ආසාදිතයින් 556ක් සහ මරණ 01ක් වාර්තා වී තිබෙනවා.

ඉරානය – රෝගීන් 58,226 ක්, මරණ 3,603 ක් 

තුර්කිය – රෝගීන් 27,069 ක්, මරණ 574 ක්

ඊශ්‍රායලය- රෝගීන් 8,611 ක්, මරණ 51 ක්

සෞදි අරාබිය – රෝගීන් 2,402 ක්, මරණ 34 ක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය- ආසාදිතයින් 1,799 ක්, මරණ 10 ක්

කටාර් – රෝගීන් 1,604 ක්, මරණ 4 ක්
ඇල්ජීරියාව – රෝගීන් 1,320 ක්, මරණ 152 ක්

ඊජිප්තුව – රෝගීන් 1,173 ක්, මරණ 78 ක්

ඉරාකය – ආසාදිතයින් 961 ක්, මරණ 61 ක්
මොරොක්කෝව – රෝගීන් 1,021 ක්, මරණ 70 ක්

බහරේනය – ආසාදිතයින් 700 ක්, මරණ 4 ක්

කුවේට් – ආසාදිතයින් 556, 1 මරණය

ලෙබනනය – රෝගීන් 527 ක්, මරණ 18 ක්

සයිප්‍රසය – රෝගීන් 446 ක්, මරණ 9 ක්

ජෝර්දානය – නඩු 345 ක්, මරණ 5 ක්

සිරියාව – රෝගීන් 19 ක්, මරණ 2 ක්

අල් ජසීරා (06) වාර්තාවක් ඇසුරිණි

RSL

Related Posts