කොරෝනා (කොවිඩ් 19) වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීමේ අරමුණින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධනත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය.
මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් මර්දනය හා මැඩපැවැත්වීම උදෙසා ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ මාර්ගෝපදේශ බිම් මට්ටමින් ක්‍රියාත්මක නොවීම පිළිබද මෙහිදී සාකච්ඡාවට ගැනුන අතර, ඒ අනුව පහත සදහන් කටයුතු ඉටු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජිීව මුණසිංහ මහතා වෙත උපදෙස් ලබාදෙන ලදි.
- මහජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද, මාර්ගෝපදේශණ, නිර්දේශ හා නිර්ණායක අනුගමනය කරනවා ද යන්න නිරික්ෂණයට ඒකකයක් ස්ථාපිත කර, ඒ පිළිබද පසුවිපරම් කිරීම.
- ප්‍රවාහන, ඖෂධශාලා, වෙළෙද සංකීර්ණ, රෝහල් සහ රැකියා ස්ථානවල මුලිකවම අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් නිසි පරිදි සිදුවෙනවා යන්න සොයාබලා සවිබලගැන්විමට කටයුතු කිරීම.
- සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශ බලාත්මක කරමින් ඒ තුලින් මහජනතාවට වෛරසයේ අවධානම ගැන දැනුවත් කිරීමට හා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීමට ඒත්තුගැන්වීමට කටයුතු කිරිම.
- ආශ්‍රිතයින් හඹා ගොස් පරීක්ෂා කිරීමේ කටයුතු ශක්තිමත් කිරීම.
එමෙන්ම PCR පරික්ෂණවල වත්මන් තත්ත්වය පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට ගැනුන අතර ඒ අනුව පහත දත්ත ඉදිරිපත් කරන ලදි. මෙම වසරේ පෙබරවාරි මස 18 දින සිට ජුලි මස 15 දින වන විට මුළු දිවයිනම ආවරණය වන පරිදි PCR පරික්ෂණ 131. 527 ක් සිදු කොට ඇත. වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කොට තිබෙන්නේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය (MRI) වන අතර එම ප්‍රමාණය 36,101 කි.
රට පුරා PCR පරික්ෂණ සිදු කරනු ලබන රසායනාගාර 22 ක් වන අතර, දිනකට සිදු කරනු ලබන PCR පරික්ෂණ සංඛ්‍යාව 2500 දක්වා වැඩි වී ඇත. අප්‍රේල් මස සිට මේ දක්වා ප්‍රජාව තුලින් PCR පරික්ෂණ සාම්පල 27,915 ක් ලබාගෙන ඇති අතර, එම සාම්පල අතුරින් 392 ක් වෛරසය ආසාදිතයින් බවට ප්රත්යක්ෂ කොටගෙන ඇත.
මෙම අවස්ථාවට විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා,, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන, අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම්, සබරගමුව පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා යන මහත්ම මහත්මීන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගි විය