ගෝලීය වශයෙන් කොවිඞ්-19 ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ පී.සී.ආර් පරීක්ෂණ වැඩිකළ නිසා පමණක් නොව වසංගතය තීව‍්‍රර වීම නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධාන හදිසි අවස්ථා වැඩසටහන් ප‍්‍රධානී මයිකල් රයන් මහතා ඊයේ (7) ජිනීවා නුවර පැවැති සාකච්ඡුාවකදී අවධාරණය කළා.
මයිකල් රයන් වැඩි දුරටත් සඳහන් කළේ අපේ‍්‍රල් – මැයි මාසවලදී දෛනිකව ආසාදිතයින් 100,000ක් සමග කටයුතු කිරීමට සිදු වුවත් වර්තමානය වන විට එය දෙගුණයක් වී දෛනිකව ආසාදිතයින් 200,000ක් සමග කටයුතු කිරීමට තමන්ට සිදුව ඇති බවයි.
‘මෙය කිසිසේත්ම පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීමේ ප‍්‍රතිඵලයක් පමණක් නොවෙයි. වසංගතය වේගවත් වෙමින් තිබෙනවා. ගෝලීය වශයෙන් ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යනවා‘ රයන් සඳහන් කළා.
මෙහිදී මයිකල් රයන් තවත් වැදගත් කරුණක් ගැන ද හෙළි කළා. ඒ ගෝලීය වශයෙන් ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගියත් මරණ අනුපාතය ස්ථාවරව පැවතීමයි.
‘මෙය පැහැදිලිවම ඉදිරිපෙළ කටයුතු කරන වෛද්‍යවරුන් සහ හෙදියන් රෝගීන්ව කලින්ම හඳුනා ගෙන ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ගන්නා පියවරවල ප‍්‍රතිඵලයක්‘ ලෝක සෞඛ්‍ය සංවිධාන හදිසි අවස්ථා වැඩසටහන් ප‍්‍රධානීයා වැඩි දුරටත් සඳහන් කළා.
දකුණු ආසියාවේ අවධානම වේගයෙන් ඉහළට
කොවිඞ්-19 වසංගතය හමුවේ දකුණු ආසියානු කලාපයේ අවධානම වේගයෙන් තීව‍්‍රර වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එම වාර්තාවල දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාව, භූතානය සහ මාලදිවයින හැරුණු විට ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ නේපාලයේ තත්ත්වය වේගයෙන් අර්බුදය කරා ගමන් කරමින් තිබෙන බවයි.
ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම වාර්තා අනුව ඉන්දියාවෙන් වාර්තා වන කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 719,664ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබෙනවා.
පාකිස්ථානයේ ආසාදිතයින් සංඛ්‍යාව 234,509ක් වන අතර මරණ සංඛ්‍යාව 4839ක් ලෙසයි වාර්තා වන්නේ. බංග්ලාදේශයෙන් ආසාදිතයින් 168,645ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 2151ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයෙන් ආසාදිතයින් 33,384ක් සහ මරණ 920ක් ද, නේපාලයෙන් ආසාදිතයින් 16,168ක් සහ මරණ 35ක් ද වාර්තා වී තිබෙනවා.