Covid -19 : ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරෙන බලතල ගැසට් කෙරේ

Spread the love

ජනාධිපතිවරටා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා බලකායේ සභාපති ධූරයටත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා ලේකම් ධූරයටත් පත් කර ඇත.

පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, දෙපාර්තමේන්තු, සංස්ථා සහ අධිකාරි රැසක සභාපතිවරු, දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු 40 දෙනෙක් එහි සාමාජිකයෝ වෙති.

ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් කාර්ය සාධක බලකායට පැවරෙන බලතල සහ කාර්යයන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒවා පහත සදහන් පරිදිය.

කොරෝනා වෛරසය පැතිරයාමේ වැඩි අවදානමක් සහිත කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ප්‍රමුඛත්වය දෙමින් සෙසු දිස්ත්‍රික්ක කෙරෙහි ද කාර්ය සාධක බලකාය අවධානය යොමු කළ යුතුය.

වී, ධාන්‍ය, එළවළු,මාලු,කිරි හා බිත්තර නිෂ්පාදන සහ තේ, කුරුඳු, ගම්මිරිස් වැනි වැවිලි නිෂ්පාදන සඳහා ගොවීන්ට පහසුකම් සැලසීම.

අත්‍යවශ්‍ය වියළි ආහාර හා ඖෂධ ආනයනය මෙන්ම තේ, සනීපාරක්ෂක ඇඳුම් වැනි අපනයන පහසුකරනු පිණිස ශ්‍රී ලංකා වරාය, රේගුව, ආයතනික බැංකු සහ සෙසු රාජ්‍ය නියමන ආයතන සමග සම්බන්ධිකරණය හා තීරණ ක්‍රියාත්මක කිරීම.

ග්‍රාමීය වශයෙන් හා නිෂ්පාදකයින් විසින් සපයනු ලබන ආහාර ඝෘජුවම පාරිභෝගිකයින්ට ලබාදීම.

මෙහෙයුම් වාර්තා ජනාධිපති වෙත ඉදිරිපත් කිරීම.

සේවා සැපයීම පිණිස සහය ඉල්ලා සිටිය හැකි සියලුම රජයේ නිලධරයන් හා එබඳු සෙසු පිරිස් තත්කාර්ය සම්බන්ධයෙන් උපදෙස්වලට අනුකූලව ක්‍රියා කළ යුතුය.

සියලු සහය සහ තොරතුරු ලබාදිය යුතු බවද රජයේ නිලධාරීන්ට සහ සෙසු තැනැත්තන්ට චක්‍ර ලේඛ මගින් ජනාධිපතිතුමා නියම කර තිබේ. නිලධාරියෙකු විසින් පවරන ලද රාජකාරී හා වගකීම් ඉටුකිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ සියලු අවස්ථා ජනාධිපතිතුමා වෙත වාර්තා කරන ලෙස ද කාර්ය සාධක බලකායට නියම කර ඇත.

කාර්ය සාධක බලකායට පවරා ඇති තවත් කාර්යයන් කිහිපයක් මෙසේය,

ගොවිතැන් වැඩ සඳහා අවශ්‍ය බීජ, පැළෑටි, පොහොර සහ උපකරණ සම්පාදනය පිණිස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතන මෙහෙයවීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම, -බීජ ගොවිපළ, කාබනික පොහොර භාවිතය සහ ගෙවතු වගා නිෂ්පාදන දිරි ගැන්වීම,

ලංකා බැංකු, මහජන බැංකු, ප්‍රාදේශීය සංවර්ධන බැංකු සහ සමෘද්ධි බැංකු ශාඛා මගින් ගොවීනට ණය මුදල් සම්පාදනය -අදාළ කාර්යන් ඉටුකිරීමේ දී කාන්තාවන්, අඩු ආදායම්ලාභී පවුල් සහ අවදානමට ලක් වූ පුද්ගලයක් කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම ගොවීයා සහ දේශීය ආර්ථිකය ශක්තිමත් වන අයුරින් සහල්, එළවළු සහ නිෂ්පාදන සියලු දිස්ත්‍රික්කයන්හි ජනතාව වෙතම බෙදාහැරීම ධෛරවත් කළයුතුය.

සමූපකාර, සතොස, ආර්ථික මධ්‍යස්න, කාගිල්ස්, කීල්ස්, ආපිකෝ, ලාෆ් වෙළෙඳ ජාලය සංවිධානය කිරීම, ගොවිපොළ සහ වැවිලි නිෂ්පාදන කටයුතු සඳහා ගොවීන්ට පහසුකම් සැපයිම, ඖෂධ බෙදාහැරීම, වාණිජ බැංකු විවෘතව පවත්වාගෙන යාම ඇතුළු දෛනික ජන ජීවිතය යථාවත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ බලය කාර්ය සාධක බලකායට හිමි වෙයි

RSL

Related Posts