COVID 19: අලුත්ම යාවත්කාලීන කිරීම

Spread the love

නව කොරෝනා වෛරසය හෙවත් COVID 19 පැතිරීමේ කේන්ද්‍රයේ පිහිටි හුබෙයි පළාතෙහි ඉහළ දේශපාලන නායකත්වය චීන මධ්‍යම රජය විසින් අද (13) ඉවත් කරන ලද අතර මේ වන විට මරණ සංඛ්‍යාව 1367 දක්වා ඉහළ ගොස් තිබේ.

චීන රජයට අනුව අද දින වන විට චීනය පුරා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 59,805ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට අවම වශයෙන් රටවල් 25ක් පමණ රෝගීන් තහවුරු කර ඇති අතර රටවල් කිහිපයක් ඔවුන්ගේ පුරවැසියන් හුබෙයි වලින් ඉවත් කර ඇත. මේ අතර වෛරසය හේතුවෙන් මේ දක්වා චීනයෙන් පිටත මරණ තුනක් ඇති අතර ඒ හොංකොං, පිලිපීනය සහ ජපානයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසය ලෝකයට ‘බරපතල තර්ජනයක්’ “grave threat” ඇති බවට අනතුරු අඟවා ඇති අතර එහි ප්‍රධානී ටෙඩ්රෝස් අද්නාම් ගෙබ්‍රෙයිසස් hief Tedros Adhanom Ghebreyesus කියා සිටියේ වෛරසය ‘ඕනෑම ත්‍රස්ත ක්‍රියාමාර්ගයකට වඩා ප්‍රබල ප්‍රතිවිපාක’ ඇති කළ හැකි බවයි.

නවතම යාවත්කාලීන කිරීම් මෙන්න.

පෙබරවාරි 13 බ්‍රහස්පතින්දා දින වන විට COVID 19 කොරෝනා වයිරස් ව්‍යාප්තියේ / ‘ගමන් පථයේ’ විශාල වෙනසක් සිදු වී නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ බ්‍රහස්පතින්දා චීනයේ වෛරස් රෝගීන් 14,000ක් ඉහළ යාම නව ගණන් කිරීමේ ක්‍රමවේදයන්හි ප‍්‍රතිඵලයක් බවත් එය පුපුරා යාමේ විශාල වෙනසක් නියෝජනය නොකරන බවත්ය.

‘පසුගිය පැය 24 තුළ ඔබ සැවොම දැක ඇති මෙම වැඩිවීම බොහෝ දුරට සිදුවීම් වාර්තා වන ආකාරයෙහි වෙනසක් දක්වා අඩු වී තිබෙනවා’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ ප්‍රධානී මයිකල් රයන් Michael Ryan, head of WHO’s health emergencies programme,  වාර්තාකරුවන්ට පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර දූත මෙහෙවරක සාමාජිකයින් සති අන්තයේ චීනයට පැමිණෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව රයන් පැවසීය.

RSL

Related Posts