Comedy Wildlife Photography Awards 2020: අවසන් වටයට පැමිණි ඡායාරූප
සිනාසෙන මාළුවෙක්…මිත්‍රත්වයට දෑත් ඔසවන වළසෙක්… කෝපයෙන් පුපුරණ කැස්බෑවෙක්… මේ අපූරු ඡායාරූප ගොන්න අපට හමුවෙන්නේ ‘කොමඩි වනජීවී ඡායාරූප සම්මාන 2020 – Comedy Wildlife Photography Awards 2020 finalists revealed. අවසන් තරඟකරුවන්ගෙ ඡායාරූප අතරින්.
ඔක්තෝබර් 22 වන දින පැවැත්වෙන සම්මාන උළෙලකදී ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඊට පෙර ඔබටම පුළුවන් කවුද අවසන් ජයග්‍රාහකයා කියා සිතා ගන්න. ඒ මේ සියලු ඡායාරූප බැලුවොත් පමණයි.
නැමීබියාවේ එටෝෂා ජාතික උද්‍යානයේ වාසය කරන මේ ජිරාෆ් යුවළ ඡායාරූපවලට ඉතා කැමති බව පෙනේ.
ඇලස්කාවේ දුඹුරු වලසා මේ අමතන්නේ කාටද ?
මේ ටර්න් පක්ෂියා දිග ගමනක් යාමට සූදානම් වන හැඩයි !
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ලේඩි එලියට් දූපතේ වාසය කරන මේ කැස්බෑවා කුමක් නිසාදෝ මන්දා තරහෙන් පුපුරනවා
ශ්‍රී ලංකාවේ කවුදුල්ල ජාතික වනෝද්‍යානයේ දී කැමරාවට හසුකර ගත් මේ ගිරා යුවළ කියන්නේ කතාවෙන්නේ කුහක් ගැනද ? ‘කරුණාකර සමාජ දුරස්ථභාවය තියා ගන්න හොදේ !
උගන්ඩාවේ Mgahinga Gorilla ජාතික උද්‍යානයේ ජීවත් වන මේ කදුකර ගෝරිල්ලා මේ තරම් දුකින් ඉන්නේ ඇයි කියලා සොයා බැලිය යුතුයි.
රුසියාවේ කම්චැට්කා හි කුරිල් විලෙහි වාසය කරන මේ දුඹුරු වළසුන් ටිකක් ආඩම්බර පාටයි
ඊශ්‍රායෙලයේ හිවලෙකු හා මීයෙක් අතර සිදුවන මේ සංවාදය කුමක් ගැන විය හැකිද ?
ෆෝක්ලන්ඩ් දූපත් වල ජෙන්ටූ පෙන්ගුවින් රංචුව වැඩිහිටියන්ට සලකන තාලේ අන්තමයි !
බොට්ස්වානා හි චෝබේ ගඟ අසල චක්මා බබූන් ගේ පිටකහන්න පත්තරකාරයෙක්වත් නැහැලු
කෙන්යාවේ බොගෝරියා විලේ වාමන මොන්ගෝස් මේ පුදුමයෙන් බලා ඉන්නේ මං දිහා නෙමෙයි කියලා ෂුවර්ද ?
ෆ්ලොරිඩාවේ ඩෙසෝටෝ කුරුල්ලට දැන් සංසාරෙම එපා වෙලා
ස්කොට්ලන්තයේ කයිත්නස් හි වෙරළේ සුව නින්දක් ලබන මේ සීල්ට බාධා කරන්න එහෙම එපා හොදේ !
ස්කොට්ලන්තයේ කිර්ක්කුඩ්බ්‍රයිට්හි කිංෆිෂර් පිළිහුඩුවට මේ නීති දැම්මේ කවුද ?
ජපානයේ මේ හිම වදුරට උණුසුම උහුල ගන්න බැරිතරම්ලු
ෆ්ලොරිඩාවේ ෆෝට් මයර්ස් බීච් හි දුඹුරු පෙලිකන් තම දරුවන්ට උපරිම ආරක්ෂාව ලබා දෙන පියෙක් බව පැහැදිලියි
නෙදර්ලන්තයේ එස්පෙලෝහි ජීවත් වන මේ යුරේසියානු රතු ලේනා කවුරු එනකම් ද මේ තරම් සතුටින් ඉන්නේ ?
වර්ජිනියාවේ නිව්පෝර්ට් නිවුස් හි ජීවත් වන මේ රකූන් උදව් ඉල්ලන්නේ ඇයි කියලා දන්නවාද ?
ඉන්දියාවේ කබිනි හි මේ රිලා පැටවාට මීට වඩා හොද ඔන්චිල්ලාවක් සොයා ගන්න බැරි වෙයි.
බී.බී.සී. ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ