Coca-Cola ‘ප්‍රචාරණය අත්හිටුවීම සමග’ Facebook කඩා වැටෙයි!

Spread the love

අපි මීට පෙර ද ෆේස්බුක් සමාගමට එරෙහිව පාරට බැස ඇත්තෙමු. ඔවුන් අතීතයේ සමාව අයැද සිටියා. ඔවුන්ගේ වේදිකාව විසින් ඉටු කරන ලද සෑම ව්‍යසනයකටම පසුව ඔවුන් සොච්චම් පියවර ගෙන තිබෙනවා. නමුත් මෙය දැන්වත් අවසන් විය යුතුයි

කොකාකෝලා සමාගම ගෝලීය වශයෙන් සමාජ මාධ්‍යවල දැන්වීම් පළ කිරීම අවම වශයෙන් දින 30ක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. වෛරී කථාව මැඩපැවැත්වීම සඳහා වේදිකාවල පීඩනය වැඩි වන හෙයින් මෙම තීරණය ගත් බවයි කොකා කෝලා සමාගම නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ.

“ලෝකයේ ජාතිවාදයට තැනක් නැති අතර සමාජ මාධ්‍යවල ජාතිවාදයට තැනක් නැත” යනුවෙන් කොකා කෝලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් ක්වින්සි පැවසීය.

ඔහු සමාජ මාධ්‍ය ආයතනවලින් “වැඩි වගවීමක් සහ විනිවිදභාවයක්” ඉල්ලා සිටියේය.

ෆෙස්බුක් සමාගම විසින් ඔවුන්ගේ ප්‍රවෘත්තිවල වටිනාකම සදහා ඉතිරිකර ඇති හානිකර හෝ නොමග යවන පෝස්ට් ලේබල් කරන බව පැවසීමෙන් පසුව එය සිදුවිය .

“නිශ්චිත ජාතියක්, ජනවාර්ගිකත්වයක්, ජාතික සම්භවයක්, ආගමික බැඳීමක්, කුලයක්, ලිංගික දිශානතියක්, ස්ත්‍රී පුරුෂ භාවය හෝ සංක්‍රමණික තත්වය” යන ප්‍රකාශයන් ඇතුළත් වෙළඳ දැන්වීම් ද ෆේස්බුක් විසින් තහනම් කරන බව නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පැවසීය.

වෛරී කථනය සහ සාවද්‍ය තොරතුරු නැවැත්වීමට ෆේස්බුක් ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරන #StopHateforProfit ව්‍යාපාරයේ සංවිධායකයින් කියා සිටියේ “කුඩා වෙනස්කම් කුඩා සංඛ්‍යාවක්” ගැටලුවේ වෙනසක් ඇති නොකරන” බවයි.

සමාගම් 90 කට වැඩි ප්‍රමාණයක් #StopHateforProfit සඳහා සහය දැක්වීම සඳහා වෙළඳ දැන්වීම් නවතා දමා ඇත.

වර්ජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය සිකුරාදා (26) ෆේස්බුක්හි කොටස් 8.3%කින් පහත වැටුණු අතර එය සමාගමේ වෙළෙදපොළ වටිනාකමෙන් ඩොලර් බිලියන 56ක් ඉවත් කර සකර්බර්ග් මහතාගේ පුද්ගලික ශ්‍රද්ධ වටිනාකමින් ඩොලර් බිලියන 7.2ක් ලබාගත් බව බ්ලුම්බර්ග් වාර්තා කරයි.

පාඩුවේ ප්‍රතිඵලයක් ලෙස ‘ලුවී ටුටන් Louis Vuitton හි හිමිකරු බර්නාඩ් ආන්නෝල්ඩ් ෆෙස්බුක් නිර්මාතෘා වෙනුවට ලෝකයේ තුන්වන ධනවත්ම පුද්ගලයා ලෙස පත්විය.  

කොකා කෝලා සමාගම සීඑන්බීසී පුවත් සේවය වෙත පැවසුවේ “සංශෝධන අවශ්‍යද යන්න තීරණය කිරීම සඳහා අපගේ වෙළඳ ප්‍රචාරණ ප්‍රතිපත්ති නැවත තක්සේරු කිරීම සඳහා සමාගම ගෝලීය “සමාජ මාධ්‍ය වේදිකා විරාමය” භාවිතා කරන බවයි.

සකර්බර්ග්ගේ නිවේදනයෙන් පසුව ෆේස්බුක් හි දැන්වීම් ප්‍රචාරය කිරීම නවත්වන බව ඇඳුම් නිෂ්පාදක ලෙවි ස්ට්‍රෝස් සහ සමාගම (Levi Strauss & Co) පැවසීය. කොකාකෝලා මෙන් නොව, එය ෆෙස්බුක් වෙත චෝදනා කළේය.

“තීරණාත්මක වෙනසක් සඳහා කැපවන ලෙස අපි ෆේස්බුක් වෙතින් ඉල්ලා සිටිමු,” ලෙවි ස්ට්‍රෝස් සහ සමාගමේ ප්‍රධාන නිලධාරී ජෙන් සේ පැවසීය.

“වැරදි තොරතුරු හා වෛරී කථන විස්තාරණය කිරීම සහ ඡන්දදායකයින් මර්දනය කිරීමට දායක වන දේශපාලන වෙළඳ දැන්වීම් සහ අන්තර්ගතයන් වඩා හොඳින් ඇමතීම සඳහා අර්ථවත් ප්‍රගතියක් දැකීමට අපට අවශ්‍යය. ෆේස්බුක් අද මෙම දිශාවට පියවර කිහිපයක් ප්‍රකාශයට පත් කිරීම අගය කරන අතර එය හුදෙක් ප්‍රමාණවත් නොවේ” ජෙන් වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

වර්ණ ගැන්වූවන්ගේ අභිවෘද්ධිය සඳහා වූ ජාතික සංගමය (National Association for the Advancement of Colored People (NAACP) සහ අපහාස-විරෝධී ලීගය (Anti-Defamation League (ADL)ඇතුළත් වන #StopHateforProfit සන්ධානය – කිසිදු වෙනසක් විමසා බැලීමට හෝ සත්‍යාපනය නොකරන බව පැවසීය.

“අපි මීට පෙර ද ෆේස්බුක් සමාගමට එරෙහිව පාරට බැස ඇත්තෙමු. ඔවුන් අතීතයේ සමාව අයැද සිටියා. ඔවුන්ගේ වේදිකාව විසින් ඉටු කරන ලද සෑම ව්‍යසනයකටම පසුව ඔවුන් සොච්චම් පියවර ගෙන තිබෙනවා. නමුත් මෙය දැන්වත් අවසන් විය යුතුයි”

ෆෙස්බුක් සමාගම තුළ ස්ථිර සිවිල් අයිතිවාසිකම් පහසුකම් ඇති කිරීම ඇතුළු ඉදිරි පියවර ගන්නා ලෙස මෙම ව්‍යාපාරය සකර්බර්ග්ගෙන් ඉල්ලා සිටියේය. අනන්‍යතාවය පදනම් කරගත් වෛරය සහ වැරදි තොරතුරු ස්වාධීන විගණනයකට යොමු කිරීම; එවැනි අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කරන රාජ්‍ය හා පෞද්ගලික කණ්ඩායම් සොයා ගැනීම සහ ඉවත් කිරීම; පැමිණිලි සමාලෝචනය කිරීම සඳහා විශේෂඥ කණ්ඩායම් නිර්මාණය කිරීම ඔවුන් ෆෙස්බුක් වෙත යොමු කරන ඉල්ලීම් වේ.

බී.බී.සී. ලෝක සේවයේ 2020 ජූනි 27 වැනි දින වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

RSL

Related Posts