COVID -19 මැඩපැවැත්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් යෝජනා 07ක්
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගත යුතු ක්‍රමවේද, යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (01) දින සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුනි. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් ප්‍රධාන වශයෙන්ම යෝජනා 07 ක් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත ඉදිරිපත් කරන ලදි. එම ඉදිරිපත් කරන ලද යෝජනා පහත පරිදි වේ. 01.කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන සියලු දෙනා COVID -19 …
Continue Reading
Covid 19 World Hot: ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාසයේ පළමු ආසාදනය
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 932,605 ක් වන අතර මරණ 46,800 කට වඩා වැඩිය. සාරාංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසන්නේ ගෝලීය වශයෙන් ආසාදනය වූ සංඛ්‍යාව දින කිහිපයකින් මිලියනයකට ළඟා වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය තම උපදෙස් වෙනස් කර මුහුණු ආවරණ පුළුල් ලෙස භාවිතා කිරීම ප්‍රවර්ධනය කරන්නේද යන්න සාකච්ඡා කිරීමට යයි ජෝන්ස් හොප්කින්ස් …
Continue Reading
ශ‍්‍රී ලංකාවේ තෙවැනි Covid 19 මරණයත් වාර්තා වෙයි
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 72 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වීමට ස්වල්ප වේලාවකට පෙර ඔහු කොරෝන වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා දියවැඩියාව, අධික රුධිරපීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළී තිබෙන බවත් ඔහු රෝහල්ගත වී ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදී බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ …
Continue Reading
Covid 19 වෛරසයෙන් බැට කන ලෝකය අමතන ‘Ebola වසංගතය මැඩ ලූ ගැහැණිය‘
ඇය එලන් ජොන්සන් සර්ලීෆ් (Ellen Johnson Sirleaf). වසර 2014-16 තෙක් අතිශයින් බිහිසුණු දෙවසරක් ඇතුළුව වසර දොළහක කාලයක් ලයිබීරියාව පාලනය කළ කාන්තාව ඇයයි. එලන් ජොන්සන් සර්ලීෆ්ගේ පාලන කාලය ඇතුළත ලයිබීරියාවේ පමණක් ‘ඉබෝලා’ වසංගතයෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව පන්දහසකට ආසන්න විය. ලයිබිරීයාවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ පළමු ජනාධිපතිනිය මෙන් ම පසුව නොබෙල් සම්මානයෙන් පවා පුදනු ලැබූ එලන් ජොන්සන් සර්ලීෆ්, ඉබෝලා වසංගතය මැඩලීමේදී …
Continue Reading
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළට
නව කොරෝනා වෛරසය අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (01) දින හමු වූ බව සෞඛ්‍ය ප්රවර්ධන කාර්යංශය කියයි. ඒ සමඟ මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා වැඩි වී තිබේ. අද දින හමු වූ ආසාදිතයෝ කුරුණෑගල, යාපනය සහ මරදාන යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය.
Continue Reading
ප්‍රංශයේ තත්ත්වය බරපතළයි: ස්වේච්ඡා සෞඛ්‍ය වෘත්තිකයන්ට රජයෙන් ආයාචනයක්
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීඝ්‍ර වීමත් සමඟ ප්‍රංශ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි අධික ආතතියක් හටගෙන ඇතැයි පවසන ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලමොන් , ප්‍රංශයේ කොරෝනා ආසාදිත රෝගීන් සුවපත් කර ගැනීම සඳහා මේ අවස්ථාවේ රජයට සහයෝගය ලබා දෙන ලෙස සියළුම ස්වේච්ඡා සෞඛ්‍ය වෘත්තිකයන්ට අයත් වන වෛද්‍යවරුන්, හෙදියන් සහ සාත්තු සේවකයන්ට තමන් ආයාචනා කරන බව ඊයේ ( මාර්තු 31 ) ප්‍රකාශ කළාය. නගර …
Continue Reading
කොවිඩ් 19 – මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවා ද?
කොරෝනාවෛරසය ලෝකය අවිනිශ්චිතතාවකට ඇද දමා ඇති අතර, මෙම වසංගතය පිළිබඳ පුවත් නිතර ඇසීමෙන් හෝ දැකීමෙන් ඔබට මානසික ව්‍යාකූලතා ඇති විය හැකිය. මේ සියල්ල පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට බලපානු ඇත. දැනටමත් සාංකාව සහ ඕසීඩී (Obsessive-Compulsive Disorder) වැනි රෝගී තත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයෙකුට නම් මෙවැනි අවස්ථාවකදී මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම දැඩි අභියෝගයක් වනු ඇත. කොරෝනාවෛරසය පැතිරී යන අවස්ථාවේදී …
Continue Reading
සාමාන්‍ය ජනතාව මුහුණු ආවරණ පැළදීම අනවශ්‍යයි – ලෝක සෞඛ්‍ය සංවිධානය
ඔබ අසනීප වී හෝ අසනීපව සිටින අයෙකු රැකබලා නොගන්නේ නම් මුහුණු ආවරණ පැළඳ නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු හෝ කොවිඩ් 19 ආසාදිතයෙකු රැක බලා ගන්නා පුද්ගලයෙකු හැර අන් පුද්ගලයින් මුහුණු ආවරණ පැළදීම අනවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ඊයේ (30) යළිත් අවධාරණය කළා. “මහජනයා විසින් මුහුණු ආවරණ පැළඳීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වීම හා සම්බන්ධයෙන් …
Continue Reading
Covid 19 ව්‍යාප්තිය පාලනයට GMOA රජයට දැඩි නිර්දේශ ඉදිරිපත් කරයි
ශ‍්‍රී ලංකාව තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. ඇඳිරි නිතීය විටින් විට ඉවත් කරන මෙරට ඇතැම් ප‍්‍රදේශවල සමාජ දුරස්ථකරණය සියයට 50කට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබීම ඉතාමත් භයානක තත්ත්වයක් බවත්, සමාජ දුරස්ථකරණය සියයට 80කට වඩා වැඩි මට්ටමේ පවත්වා …
Continue Reading
Update: කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට
නව කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද දින (31) 142ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්රවර්ධන කාර්යංශය පවසයි. අද (31) දිනයේදී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 20 දෙනකු වාර්තා වීම සමග ඊයේ (30) 122ක් වූ අගය මේ ආකාරයෙන් ඉහළ ගොස් තිබේ. මෙතෙක් නව කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වූ දිනය අද බවයි සෞඛ්‍ය ප්රවර්ධන කාර්යංශය වැඩි දුරටත් පැවසුවේ. මේ වන …
Continue Reading