කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම සඳහා සමාජ ආරක්ෂණය ශක්තිමත් කළ යුතුයි
කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම සඳහා සමාජ ආරක්ෂණය ශක්තිමත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් සමාජ හා ආර්ථික කොමිසමේ (UNESCAP) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති සමන්තා කේ. ජයසූරිය මහත්මිය පුකාශ කළාය. ඇය මේ බව ප්‍රකාශ කෙළේ ආසියානු පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ 6 වන සමාජ සංවර්ධන කමිටුවේ රැස්වීමට සහභාගි වෙමිනි. මෙම කමිටුවේ සභාපතිත්වය ජයසූරිය මහත්මිය ඒකමතික තීරණයකින් පත් වීමද වීශේෂත්වයකි. ඉකුත් 21 හා 22 යන දෙදින බැංකොක් එක්සත් ජාතීන්ගේ …
Continue Reading
15 වැනි කොවිඩ් මරණය කුලියාපිටියෙන්
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 15 වන කොවිඩ්-19 ආසාදිත මරණය අද (24) අලුයම කුලියාපිටිය රෝහලෙන් වාර්තා වුණා. මෙසේ මියගියේ කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකුයි. ඔහු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත් වුණ බවයි කුලියාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ. එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, ඊට ප්‍රතිකාර සඳහා පසුගිය 14 වනදා …
Continue Reading
කොරෝනා ආසාදිතයින් ගණන 865 දක්වා ඉහළ යයි
අද (23) සවස තවත් කොවිඩ්-19 ආසාදිතයින් 256 දෙනකු හදුනාගත් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා. මෙම ආසාදිතයින් අතරින් 39 දෙනකු පෑලියගොඩ මාළු කඩේ කොරෝනා පොකුරෙන් ද ඉතිරි පිරිස ඔවුන්ගේ හා මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් බව යුද්ධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කළේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද දින සවස 6්.04 නිකුත් කළ වාර්තාවට අනුව අද දින හදුනා ගෙන තිබූ ආසාදිතයින් 609 …
Continue Reading
Covid-19: සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟයීමක්
රට තුළ මේ වනවිට පවතින වර්ධනය වෙමින් පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි මට්ටමක නොවන නමුත් වත්මන් තත්ත්වයේදී සමාජය වඩාත් අවධානයෙන් ක්‍රියාකළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ පරිශ්‍රයේ අද (23) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය. මෙහිදී වත්මන් තත්ත්වය පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් විශේෂඥ …
Continue Reading
නව ආසාදිතයින් 609ක් – පෑලියගොඩ මාළු කඩේ පොකුරෙන් 496ක්
අද (23) දින පස්වරු 18.05 වන විට කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. එහි සදහන් ආකාරයට නව ආසාදිතයින් හමුවී ඇති ස්ථාන වන්නේ, පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳ සංකීර්ණය – 496 යි. නිරෝධායන මධ්‍යස්ථාන – 48 යි. බේරුවල ධීවර වරාය – 20 යි. ගාල්ල ධීවර වරාය – 5යි. ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් – 40යි. ඒ …
Continue Reading
මුළු රටටම නීරෝධාන ඇදිරි නීතිය පැනවීමේ අදහසක් රජයට නෑ
ඊයේ (22) දිනයේදී නව ආසාදිතයින් 309 දෙනකු වාර්තා වුවත් රටට ම නීරෝධාන ඇදිරි නීතිය පැනවීමේ කිසිදු අදහස් රජයට නැති බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා. අද උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘දෙරණ අරුණ‘ වැඩසටහනට එක්වෙමිනුයි යුද්ධ හමුදාපතිවරයා මේ බව සදහන් කළේ. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර සහ …
Continue Reading
ශ්‍රී ලංකාවේ 14වන Covid-19 මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ 14වන කොවිඩ් මරණය අද වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ.
Continue Reading
Covid-19 සමාජ පැතිරීමක් ලෙස සැලකිය යුතු වන්නේ ඇයි?
කොවිඩ් සමාජ පැතිරීමක් නොවන බව පුන පුනා කීමෙන්, රෝගය පාලනයට අනර්ථයක් සිදුවෙනවා සේම, ජනතාව පොකුර වෙත අවධානය යොමු කරමින්, තම තමන්ගේ සාමාන්‍ය අනුමාන මත ලිහිල් ආරක්ෂිත ප්‍රතිපත්තියකට යෑම තුල තත්වය අතිශය භයානක වීමේ ඉහල සම්භාවිතාවයක් පවතී. මේ වන විට රටතුල කොවිඩ් සමාජ පැතිරීමක් නොවේ යැයි සනාථ කිරීම සදහා අවශ්‍ය ප්‍රජා වෛද්‍ය විද්‍යාත්මක කරුණු සම්පූර්ණ වී නොමැත. සෞඛ්‍ය භාවිතාවන්ට පරිභාහිර බුද්ධි අංශ සහ හමුදාමය උපක්‍රම භාවිත කරමින් පවතින …
Continue Reading
දිවුලපිටිය පොකුරෙන් නව ආසාදිතයින් 120ක්
අද (20) දිනය තුළ (පස්වරු 21.50 වන විට) දිවුලපිටිය කොවිඩ්-19 පොකුරෙන් නව ආසාදිතයින් 120 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු 21.50ට නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. එහි සදහන් වන්නේ ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය (නිරෝධාන මධ්‍යස්ථානවල සිටින) 37ක් සහ ආශ්‍රිතයින් 83 දෙනකු අද දින වාර්තා වී ඇති වයි. ඒ අනුව මේ දක්වා දිවුලපිටිය කොවිඩ් 19 පොකුරෙන් වාර්තා වූ …
Continue Reading
Covid-19: සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු දක්වයි
කොවිඩ්-19 බ්‍රැන්ඩික්ස් පොකුර ආශ්‍රිතව ආසාදිතයින් ව්‍යාප්තවීම සමගම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා ලද පියවරයන් පිළිබදව කරුණු දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සහ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රිධරන් මහතා මාධ්‍ය වෙත මෙසේ කරුණු දක්වයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා – “මිනුවන්ගොඩ ඇගළුම් ශාලාව කේන්ද්‍ර කරගෙන පසුගිය 04 වන දා මතු වූ කොවිඩ් …
Continue Reading