කොරෝනා වෛරසයට එරෙහි එන්නත අපට ලැබෙන්නේ කවදා ද?
කොරෝනාවෛරසය ලොව පුරා පැතිර යමින් පවතී. නමුත් ඉන් ඇති වන කොවිඩ්-19 රෝගයෙන් මිනිස් සිරුර ආරක්ෂා කර ගැනීම සඳහා තවමත් එන්නතක් බිහි වී නැත. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා වෛද්‍ය පර්යේෂකයෝ මහත් සේ වෙහෙසෙමින් සිටිති. කොරෝනාවෛරස් එන්නතක් වැදගත් වන්නේ ඇයි? මෙම වෛරසය ඉතා ලෙහෙසියෙන් පැතිරේ. ලෝක ජනගහනයෙන් බහුතරයකට මෙය තවමත් අවදානම් සහගතය. මෙම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මිනිසුන්ගේ ප්‍රතිශක්තියට යම් …
Continue Reading
Covid-19 World Update: ආසාදිතයින් 2,603,147ක් සහ මරණ 180,784ක්
අද දිනය (22) වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 2,603,147ක් සහ මරණ 180,784ක් වාර්තා වූ බව ජෝන්ස් හොල්කිනිස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානය කියයි. එහි සදහන් වන්නේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 830,789ක් සහ මරණ 45,318ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ බවයි. එක්සත් ජනපදයේ මරණවලින් 14,887ක් නිව්යෝර්ක් වලින් වාර්තා වීම විශේෂත්වයකි. ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 208,389ක් සහ මරණ 21,717ක් ද, ඉතාලියෙන් ආසාදිතයින් 187,327ක් සහ මරණ 25,085ක් ද, ප්‍රංශයෙන් ආසාදිතයින් 159,315ක් සහ මරණ …
Continue Reading
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් 330 දක්වා ඉහළට – අදත් රෝගීන් 20ක් හමුවෙයි
අද රාත්‍රී 11.45 ට පමණ කොවිඩ්-19 ආසාදිත රෝගීන් 7 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිය වෙබ් අඩවියේ ප.ව 11.04ට සිදුකළ නවතම යාවත්කාලීන කිරීම අනුව සදහන් කරයි. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20 ක් වන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 330ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ශ්‍රී ලංකාවෙන් අද (22) දිනය තුළ කොවිඩ්-19 …
Continue Reading
රට ලිහිල් කළත් සමාජ දුරස්ථභාවය අඛණ්ඩව සිදුවිය යුතුයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
‘දැන් මෙම රට එක්තරා ප්‍රමාණයකට ලිහිල් කරලා තිබෙන අවස්ථාවක විශේෂයෙන්ම කියන්න ඕනේ යම් යම් සීමාවන් තිබෙනවා. ජනතාව පහුගිය කාළය තුළ ඉගෙන ගත් දේ ඒ වගේම හොඳ පුරුදු යහගුණයන් දිගටම රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. මේ රෝගය සම්පූර්ණයෙන් නැතිවෙලා නැහැ. මේ සඳහා යම් කාළයක් ගතවෙයී. මෙහිදි මෙම රෝගය වැඩීවීම වැළැක්වීම සඳහා මෙම උපදෙස් එහෙමත් නැතිනම් පිළිවෙත් අනුගමය කිරිම අත්‍යවශ්‍ය වෙනවා“ යැයි සෞඛ්‍ය …
Continue Reading
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව බලකාය ස්ථාපනය කර තිබේ. ලොව පුරා ව්‍යාප්ත කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා සමාජයීය අභියෝග සහ ඉඩ ප්‍රස්ථා කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ …
Continue Reading
ජංගම වෙළෙදුන් හරහා Covid-19 ව්‍යාප්ත වන බවට සැක
ජංගම වෙළෙදුන් සිය වෙළෙද කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම හේතුවෙන් කොවිඩ් 19 වෛරසය සාමාන්‍ය ජනතාව වෙත ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන මාර්ගගත ක්‍රමය යටතේ නිවසින් නිවසට ගොස් මාළු, එළවළු, පලතුරු හා බේකරි නිෂ්පාදන ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා අවසර ලබාදී ඇති සියලුම වෙළෙඳුන් සහ ආයතන තම ජංගම වෙළෙඳාම් කටයුතු සිදු …
Continue Reading
Covid-19 Update: ලංකාවේ ආසාදිතයින් 310යි – ලෝකයේ මරණ 171,810ක්
අද දින (21) පස්වරු 17.40 වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. අද දින වාර්තා වූ රෝගීන්ගෙන් 05 දෙනකු කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්රදේශයේ නිරෝධානයට ලක් වෙමින් සිටි පුද්ගලයින් අතරින් ද එක් අයෙකු රත්නපුර ප්‍රදේශයෙන් ද වාර්තා වී ඇති …
Continue Reading
ලංකාවේ එක් දිනක් තුළ Covid-19 නව ආසාදිතයින් 33ක්
ශ‍්‍රී ලංකාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (20) කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශයෙන් වාර්තා වීම සමග සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 304 දක්වා වර්ධනය වුණා. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයට අනුව මේ වන විට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 122ක් වන අතර ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 199ක්. 98 දෙනකු ප‍්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
Continue Reading
කොරෝනා වෛරසය “එක් වරකට වඩා ආසාදනය විය හැකියි”
නව කොරෝනාවෛරසයෙන් වැළඳෙන කෝවිඩ් 19 රෝගය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ (Vaccinology) මහාචාර්ය සේරා ගිල්බට් (Professor Sarah Gilbert) පවසයි. රෝගය වැළදීමෙන් ශරීරය තුළ ඇතිවන ප්‍රතිශක්තියට වඩා වැඩි කාලයක් එන්නතක් මගින් ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වනු ඇති බව ද මහාචාර්යවරිය සඳහන් කළාය. කෝවිඩ් 19 රෝගයට එන්නතක් සොයාගැනීම පිණිස පර්යේෂණ පවත්වන කණ්ඩායමක ප්‍රධානියා වන මහාචාර්යවරිය …
Continue Reading
කොළඹින් තවත් Covid-19 ආසාදිතයින් 24ක්: මුළු ගණන 295ට නගී
කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්රදේශයේ නිරෝධානයට ලක් වෙමින් සිටි පුද්ගලයින් අතරින් කොවිඩ්-19 ආසාදිතයින් 24 දෙනකු හදුනා ගැනීම සමග ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 295 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (20) දින පෙරවරු 9.30ට නිකුත් කළ වාර්තා වේ සදහන් වේ.
Continue Reading