කොරෝනා වෛරසයට ස්වේච්ඡාවෙන් නිරාවරණය වීමට කැමැති පුද්ගලයන් සොයයි

එන්නත් ලබා ගැනීමෙන් පසු ස්වේච්ඡාවෙන් කොරොනාවෛරසයට නිරාවරණය වීමට කැමැති පුද්ගලයන් ඉදිරිපත් වන ලෙස නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයන් ද ඇතුළු පර්යේෂකයින් පිරිසක් ඉල්ලා සිටිති. අදාළ එන්නත වෛරසයට එරෙහිව ආරක්ෂාව දෙන්නේ ද යන්න විමසා බැලීම එහි අරමුණ වී තිබේ. එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතන ප්‍රධානියා වෙත විවෘත ලිපියක් යවමින් ඔවුන් කියා සිටියේ මෙම “අභියෝගාත්මක අත්හදා බැලීම්” මගින් එන්නතක් නිපදවීම වේගවත් කළ හැකි බවය. …

Continue Reading

Covid-19 මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවෙන් නව තීරණ රැසක්

කොරෝනා (කොවිඩ් 19)  වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත   ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීමේ අරමුණින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධනත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය. මෙම විශේෂ  කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 …

Continue Reading

අද වාර්තා වූ සියලුම Covid ආසාදිතයින් කන්දකාඩු නිලධාරීන්ගේ ඥාතීන්

2020.07.16 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය “අද දින මේ දක්වා කොවිඩ් 19 ලෙස 8 දෙනෙක් වාර්තා වී තිබෙනවා මෙම කන්දකාඩු පොකුරු සම්බන්ධව.  මෙම 8 දෙනාම කන්දකාඩු සේවය කරන නිලධාරීන්ගේ ළඟම ඥාතීන්. පිට අය නොවෙයි සිය පවුල්වලම අය.  ඒ අනුව මෙම කන්දකාඩු පොකුර 542ක් වශයෙන් වාර්තා වනවා රෝගීන්. අද …

Continue Reading

Covid-19: සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන්’ විශේෂ ප්‍රකාශයක්

2020.07.15 දින සවස 5.00 වන විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කරන ලද ප්‍රකාශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (2020.07.15) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ. අද දින මේ දක්වා සිදුකරන ලද PCR පරීක්ෂණ වලට අනුව කන්දකාඩු පොකුර ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වී නැහැ. …

Continue Reading

Covid-19 දෙවැනි රැල්ලට හේතු මෙන්න: මුළු රටේම සිදුකර ඇත්තේ PCR පරීක්ෂණ 28,496ක් පමණයි

කොවිඩ්-19 ආසාදිතයින් සම්බන්ධ නොවන, සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන මුළු දිවයිනම ආවරණය වන පරිදි විවිධ අවස්ථාවලදී 2020.06.25 වැනි දිනට දළ වශයෙන් PCR පරීක්ෂණ 28,496ක් සිදුකර ඇති බව වෛද්‍ය පබා පළිහවඩන – නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විසින් හෙළිකර ඇත. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මේ තොරතුරු හෙළිකර ඇත්තේ, මහජන අයිතීන් සුරැකීමේ පදනමේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා විසින් 2020.05 .26 වැනි දින තොරතුරු දැන …

Continue Reading

දිස්ත‍්‍රික්ක 16කින් ආසාදිතයින් හමුවේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇසුරින් කොවිච්-19 ආසනයට ලක් වූ රෝගීන් මේ වන විට දිස්ත‍්‍රික්ක 16කින් වාර්තා වී ඇති බවත් මේ ආසාදිතයින් ඇසුරු කළ 3000කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවත් ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි. ඔහු සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවලට අමතරව නිවාසවල ද ස්වයං නිරෝධායනයට ලක්වන පිරිසක් සිටින බවයි. මේ අනුව කොළඹ, …

Continue Reading

කොවිඩ් වසංගතයෙන් ජනතාව රැක ගැනීමේ අභියෝගය ජයගන්නා බවට ජනපතිගෙන් සහතිකයක්

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ …

Continue Reading

කන්දකාඩු Covid-19 පොකුර ‘රටපුරා පුපුරා යයි’ – මොබිටෙල් මූලස්ථානයත් වසා දමයි

මොබිටෙල් මූලස්ථානය වසා දමයි කොරෝනා අවදානමක් හේතුවෙන් කොළඹ මොබිටෙල් ප්‍රධාන කාර්යාලය වසා දැමීමට කටයුතු කර ඇත. කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කල පුද්ගලයෙක් එහි පැමිනීම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත. නිවසේ සිට රාජකාරි කරන්නැයි එම කාර්යාලයේ සේවකයන්ට දැනුම් දී තිබේ. ගම්පහ ආසාදිතයින් දෙදෙනා හතර අතේ ගිහින් ගම වනසලා කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයකු …

Continue Reading

තත්ත්වය භයානකයි – නිවැරදි තීන්දු නොගත්තොත් රටම අනතුරේ !

බාහිර සමාජයෙන් කොරෝනා පොකුරු නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් නිරීක්ෂණය වන බවත් එය කොරෝනා දෙවැනි රැුල්ලක භයානක පෙර නිමිත්තක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. අද (13) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව අවධාරණය කළේය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආරම්භ වී තිබෙන කොරෝනා දෙවැනි රැුැල්ල ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේය. …

Continue Reading

රට වසා දමනවාද ? – යුද්ධ හමුදාපති කියන කතාව

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුරේ සියලු ආශ්‍රිතයන් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. කන්දකාඩු කොරෝනා පොකුරේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. ‘කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ සියලූම ආශ‍්‍රිතයින් මේ වන විට ඔවුන්ගේ නිවාසවලම නිරෝධායනයට යොමු කර තිබෙන අතර රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් ප‍්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. …

Continue Reading