දීර්ඝායුෂ සමග සෞඛ්‍ය සම්පන්න ජීවිතයක රහස කුමක් විය හැකිද ?

ජීවිතයට වසර ගණනක් එකතු කරනවාට වඩා, වසර ගණනාවකට ජීවිතය සැබවින්ම එකතු කළ හැකිය‘ ජොන් එෆ් කෙනෙඩි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ ආහාර අනුභය සම්බන්ධයෙන් බෞද්ධ සාහිත්‍යයේ වගේම ගැමිවහර තුළත් බොහෝ සාධනීය කතා තිබෙනවා. ප්‍රකට උදාහරණය තමයි කොසොල් රජුට බුදුන් වහන්සේ දුන් අවවාදය. ඒ වගේම කවුරුත් දන්න උදේට රජෙක් වගේ කන්න. දවල්ට සිටුවරයෙක් වගේ කන්න සහ රෑට හිගන්නෙක් වගේ කන්න කතා අපි …

Continue Reading

මාවතගම ඉන්නේ කාන්තාර පළඟැටියා නොවේ ! ඒත් විමසිල්ලෙන් සිටින්න

සතුන් පැතිරිලා හිටියේ අක්කර තුනක විතර ප්‍රදේශයක් පුරා. ඒ වගේම අපි දුටු සතුන්ට පියාසර කරන්න බෑ. ඒ කියන්නේ ඔවුන් තවමත් ඉන්නේ ශිශු තත්වයේ. ඉතාම දුර්වල පියාපත් යන්තමට ඇවිත් තියෙනවා. සුහුඹුල් තත්වයට එන්න කලින් මර්දනය කරගැනීම වැදගත් පසුගියදා හදිසියේ වාර්තා වූයේ මාවතගම ප්‍රදේශයෙන් මතුවූ පළඟැටි සේනාවක් භවබෝග කා දමමින් සැරිසරන බවයි. මාස කීපයකට පෙරාතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දැනට ඉන්දියාව දක්වා පැමිණ …

Continue Reading

‘සේනා’ ආයිත් ඇවිත් – විනාශයෙන් ගැළවීමට නිවැරදි විසදුම් මෙන්න !

රටේ ප්‍රධාන ආහාරය වශයෙන් භාවිතා කෙරෙන සහල් හැරුණුවිට ඉදිරි පෙළ සිටිනා බෝග අතරින් බඩඉරිඟු වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. 2018 වසරේදී සාමාන්‍ය අස්වැන්න වශයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.8 ක් ලබමින් හෙක්ටයාර් 70,895 ක් තුළ බඩඉරිඟු වවා අප මෙට්‍රික් ටොන් 270,041 ක අස්වැන්නක් ලබාගෙන තිබුණත්, රටේ අවශ්‍යතාවය කොපමණද යත්, මෙට්‍රික් ටොන් 119,086 ක ප්‍රමාණයක් ආනයනයද කර ඇත. මේ සඳහා වැයකර ඇති මුදල …

Continue Reading

‘අරන්තලාව මහා භික්ෂු සහාරයට’ වසර 33යි

1987 ජුනි 2 දා සිදු කළ අරන්තලාව මහා භික්ෂු සහාරය සිදුකර අදට වසර 33යි. මෙම ලිපිය ඒ වෙනුවෙනි. එල්.ටී.ටී.ඊ සංවිධානය ආරම්භක යුගය ලෙස 70 දශකය සැලකිය හැකිය. මිලේච්ඡ කොටි ත්‍රස්ථවාදි සංවිධානයක ආරම්භක පියවර ලෙස තවත් තරුණයන් සමග ප්‍රභාකරන්  එල්.ටි.ටි.ඊ සංවිධානය ලෙස මිලේච්ඡ ක්‍රියාවන් ආරම්භ කරන ලදි. එහිදී මුලින්ම යාපනය වැල්වටිතුරෙයි නගරයේ නවතා තිබූ රජයේ ලංගම බසයකට ගිනි තැබීය. එවා මහජන දේපලය. පසුව …

Continue Reading

හදගැස්ම රැකගෙන ‘කටගැස්ම’ හදාගන්න!

ෆාම් තෙල් ලීටරය…… යි.” යනුවෙන් සඳහන්වූ දැන්වීමක් සිල්ලර කඩයක් ඉදිරිපිට සවිකර තිබෙනවා පසුගිය දිනෙක දකින්නට ලැබුණි. මොනවා කරන්නද යනුවෙන් හිත හදාගෙන නිහඬ වෙන්නට උත්සාහ දැරුවත්, නිතර මා යන මාර්ගය අයිනේ වූ වෙළඳසැලක් නිසා දැන්වීම මගේ නෙත ගැටෙනා වාර ගණනද වැඩිය. පාරිභෝගිකයා වෙනුවෙන් තත්වය පහදා දෙන්නට මගක් නොමැතිවීම හේතුවෙන් ඒ හැම වතාවකදීම සිතට ඇතිවන කනස්සල්ලද මහත් මානසික වදයක් බවට පත්වී තිබේ. …

Continue Reading

‘ලොක්ඩවුන්’ කිරීම වනිතා රුවට බල පෑ හැටි

කොරෝනාවෛරසයත් සමග බලපැවැත්වෙන ‘ලොක්ඩවුන්’ තහංචි කෙසේ නමුත්, අතැඟිලිවල හැඩ කරන ලද නියෙන් යුත්, රසායන මගින් කෘත්‍රිමව පුරවා ඔපමට්ටම් කරන ලද (Fillers) මුහුණුවල ඇසෙහි ඇලවූ කෘත්‍රිම ඇසිපිය මෙන් ම, මනාව නිමවන ලද හැඩට සකස් කරන ලද උදර ප්‍රදේශ සහිත රූ දැක්වෙන පින්තූර සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන්නන් වෙනදා මෙන් අදත් දකිනු ඇත. එහෙත් මේ මොහොතේ උද්ගතව පවතින යථාර්ථය නම්, සමාජයේ වැඩි දෙනෙකු …

Continue Reading

කොරෝනා වෛරස වසංගතය නිසා පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා හිඟයක්

සනීපාරක්ෂක තුවා හිඟයකට ඉන්දියාවේ පාසල් ශිෂ්‍යාවන් බරපතළ ලෙස මුහුණ දී සිටින බව වාර්තා වේ. මීට හේතුව කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් ඉන්දියාවේ පාසල් වසා තිබීමය. ශිෂ්‍යාවන්ට සනීපාරක්‍ෂක තුවා ප්‍රධාන වශයෙන් සැපයෙන්නේ පාසල් හරහාය. මෙම තත්ත්වය හමුවේ ඉන්දියාව පුරා පාසල් ශිෂ්‍යාවන් මිලියන ගණනක් කනස්සල්ලට පත් වී ඇති බව ඉන්දියාවේ බීබීසී වාර්තාකාරිනී ගීතා පාන්ඩේ පවසන්නීය. ප්‍රියා 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. ඇය ජීවත් වන්නේ දිල්ලි …

Continue Reading

විදුලි පාරිභෝගිකයාගේ මුදලින් ‘ලංවිම ලොක්කන්ගේ බදු ගෙවීමට’ මෙම රජයත් තීරණය කරයි

ලංවිම ඉංජිනේරුවන් ඇතුළු ඉහළ නිලධාරීන් විසින් ගෙවිය යුතු උපයන විට බදු ගෙවීම ඔවුන්ගේ වැටුපෙන් අයකර ගන්නවා වෙනුවට විදුලි පාරිභෝගිකයාගෙන් අයකර ගෙවීම  මෙම රජයත් තීරණය කර ඇතැයි මේ අනුව ලංවිම  ඉහළ නිලධාරීන්ගේ බදු වංචාව අලුත් මුහුණුවරකින් ක්‍රියාත්මක වීමට නියමිත බව ද  පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් අද  (24) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනපතිවරයාට පෙන්වා දෙයි. …

Continue Reading

මාඕගේ චීනය ‘රතු තොප්පි ධනපතීන්’ අතට පත්වෙලා !

පුද්ගලික  දේපළ ක්‍රමය තුරන් කිරීම මගින් සමානාත්මතා සමාජයක් ගොඩ නැගිය හැක යන දෘෂ්ටිවාදය , ‘කොමියුනිස්ට්වාදය’ යැයි සරළව හැඳින් විය හැක. කොමියුනිස්ට්වාදයේ විශ්වාසයන් වඩාත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ වන්නේ කාල් මාක්ස් ගෙනි. කොමියුනිස්ට්වාදය් මත ක්‍රියා කරමින් සාර්ථක කොමියුනිස්ට් විප්ලවයක් සිදු කර රාජ්‍ය බලයක් පිහිට වූ ලොව පළමු පුද්ගලයා වූයේ රුසියාවේ වැලැඩ්මීර් ලෙනින් ය. චීනය තුළ කොමියුනිස්ට්වාදී විප්ලවයේ නායකයා වූයේ මාඕ සේතූං ය. මාඕ …

Continue Reading

මාළිගාවත්ත හරහා ‘ආණ්ඩුවේ කෙරුවාව’ කියවීම සහ හෙළිවීම

ඊයේ (21) කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය මේ වන විට දේශීය සමාජජාලවලත් ජාත්‍යන්තර මාධ්‍යවලත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා. එහිදී ඔවුන් අවධාරණය කරන්නේ වත්මන් අගුළු දැමීම් හමුවේ නාගරික ජනතාව මුහුණ පා සිටින අසීරු තත්ත්වයේ කැඩපතක් බවට මාලිගාවත්ත සිදුවීම සැලකිය හැකි බවයි. මේ සිදුවීම ජාත්‍යන්තරව දකින ආකාරය ගැන අපට පැහැදිලි අවබෝධයක් අල් ජසීරා එය …

Continue Reading