ගස්ලබු ආහාරයට ගත්විට බර අඩුකර ගන්න පුළුවන් ද ?

වසර පුරා ලබා ගත හැකි ගස්ලබු /පැපොල් බොහෝ දෙනාගේ ප්‍රියතම පලතුරකි.  ගස්ලබු /පැපොල් අනුභවය ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට පමණක් නොව සමේ ​​දීප්තිමත් බව වර්ධනය කරයි. පැපොල් වල අඩංගු ‘පැපයින්’ නම් ඉන්ද්‍රජාලික එන්සයිමය ඔබේ ශරීරයට චිකිත්සක ප්‍රතිලාභ ලබා දෙයි. එහි ප්‍රතිඔක්සිකාරක සහ ඩයුරටික් ස්වභාවයක් ඇති අතර අවම කැලරි සහිත තන්තු වලින් පොහොසත් වේ.  මේ සියල්ලම නොවේ, මෙම සියලු ප්‍රතිලාභ හැරුණු විට …

Continue Reading

පිරිමින්ට වඩා කාන්තාවන් ‘මානසික අවපීඩනයෙන්’

වත්මන් කොවිඞ් අර්බුදය සමග වර්ධනය වී ඇති සෞඛ්‍ය ගැටලූ අතර මානසික අවපීඩනයට ඉහළ තැනක් හිමිවෙනවා. ආර්ථික හා සමාජයීය ගැටලූ හා දුෂ්කරතා නිසා පොදුවේ මානසික අවපීඩනය සියලූ පිරිස් අතර ඉහළ මට්ටමක තිබුණත් එයින් වැඩියෙන්ම බැටකන්නේ, පීඩාවට පත් වන්නේ කාන්තාවන් බවයි මානසික සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ. මෙය කිසිසේත් පහසුවෙන් බැහැර කළ හැකි හෝ නොතකා හැරිය හැකි ගැටලූවක් නොවෙයි. මොකද මානසික අවපීඩනය හරහා තවත් …

Continue Reading

COPE කමිටුව හමුවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ රෙදි ගැළවෙයි !

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය 12 වනදින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු  අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ළමා   අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරුවූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර …

Continue Reading

වැලන්ටයින් දිනය: නීතිය සහ මානසික ගැටලු

තුරු සෙවණේ පෙම් සුව විඳින තරුණ තරුණියන්ය. දරුවන් කැටුව ඒ අසලින් ගමන් ගන්නා ඇතැම් වැඩිහිටියෙකුගේ මුහුණේ ඇත්තේ නොරිස්සුම් සහගත බැල්මකි. පෙම් සිසිලෙන් මදකට මිදී අවට බලන පෙම් යුවළක මුහුණේ ඇත්තේ වරදකාරී හැඟීමකි. නමුත් ඔවුහු යළි ප්‍රේමයේ ගිලෙති. හන්තාන සිසාරා යන නොනැවතෙන විසිල් හඬකි. දණ්ඩක් අතින් ගත් ආරක්ෂකයෙකු පෙම්වතුන් දෙසට ළං වන්නේ අශ්ශීල වදන් සමුදායක් ද මුදා හරිමිනි. ශරීර ප්‍රමාණයෙන් කුඩා …

Continue Reading

කොවිඩ් එන්නත ගත්තොත් කාන්තාවන් ‘වඳ’ වෙයිද ? – ඇත්ත කුමක්ද ?

කොවිඩ් එන්නත කාන්තාවන්ගේ සශ්‍රීකත්වයට බලපානු ඇතැයි සමාජ මාධ්‍යවල ප්‍රකාශ පදනම් විරහිත බව ඒ පිළිබද අධ්‍ය්‍යනවල නිරත වූ විශේෂඥයෝ පවසති. සමාජමාධ්‍ය විසින් පසුගිය දිනවල පවසා සිටියේ ෆයිසර් එන්නත කාන්තාවන්ගේ වඳභාවයට හේතු විය හැකි බවයි, නැතහොත් ඔවුන්ගේ ශරීර වැදෑමහ විනාශ කිරීමට / ආසාදනය කිරීමට හේතු විය හැකි බවයි. නමුත් එන්නත ඔබේ සශ්‍රීකත්වයට බලපාන බවට “පිළිගත හැකි ජීව විද්‍යාත්මක සාක්ෂි” නොමැති බව ලන්ඩනයේ කිංග්ස් …

Continue Reading

රසායනාගාරවල PCR පරීක්ෂණ 10,000ක් පමණ හිර වුණේ ඇයි ?

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින රසායනාගාරවල සාමාන්‍ය ධාරිතාවය දිනකට පරීක්ෂණ 25000 ක පමණ ප්‍රමාණයක් බව තහවුරු කළ හැකියි. මේ වන විට, PCR නිදර්ශක ගොඩගසාගෙන ඇති රසායනාගාර ඇතුළු රජයේ බොහෝ රසායනාගාර වල සිදුකල හැකි ධාරිතාවෙන් අඩක ප්‍රමාණයක් වත් තවම අපි සිදුකරන්නේ නැහැ. එය,  රසායනාගාර කළමණාකරන දුර්වලතාවයක්. කොවිඩ් වසංගතයේ තීරණාත්මක අවධියකට රට පත්ව තිබෙනවා. පසුගිය කාලයේ දෛනිකව 500-600 අතර වාර්තා …

Continue Reading

කොවිෂීල්ඩ් එන්නත සහ සෞඛ්‍ය මාෆියාව ගැන ‘රවී කුමුදේශ්’ කරන හෙළිදරව්ව

‘‘තාම අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබිලා තියෙන්නේ කොවිෂීල්ඩ් එන්නතට විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දීලා තියෙන්නේ ෆයිසර් එන්නතට විතරයි. ප්‍රභේද වලට වැඩිපුර සාර්ථක RNA වර්ගයේ එන්නත්. ෆයිසර් කියන්නේ එහෙම එන්නතක්. කොවිෂීල්ඩ් කියන්නේ එහෙම එන්නතක් නෙවේ. එය වාහක වර්ගයේ එකක්. ඒ නිසා විද්‍යාතමක පදනම තුලම අපට අභියෝගයක් තියනවා“ යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි. ඒ …

Continue Reading

ගැබ් ගැනීම් ප්‍රමාද ද ? එසේ නම් මේ ලිපිය කියවන්න !

ඔබ දරු ඵල  අපේක්ෂාවෙන් වසරකට වඩා වැඩි කාලයක් අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදීමෙන් පසුවත් ගැබ් ගැනීමක් සිදු නොවූ නි නම් ඔබට ”මදසරුභාවය” Subfertility ඇතැයි සලකන්න පුළුවන්. බොහෝ දුරට මෙය රෝගී තත්වයක් නොවෙයි. සාමාන්‍යයෙන් තරුණ යුවළක් අනාරක්ෂිත (උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකර) ලිංගික සංසර්ගයේ යෙදුනහොත්, එම කාන්තාව ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව පලමු මාසයේ දී 30%යි, මාස හයක් අවසානයේ දී 75%යි. ඔවුන් වසරක කාලයක් …

Continue Reading

‘කොවිෂීල්ඩ් එන්නතට’ ඖෂධ නියාමන අධිකාරියෙන් සුපිරි සැලකිලි ඇයි ?

ශ්‍රී ලංකාව දිගින් දිගටම කොවිෂීල්ඩ් එන්නත මත පමණක් යැපෙන්නට කෘතිම උත්සාහයක් දරන්නේද යන සැකය මතු වන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අනුපිළිවෙල විමසීමේදීය. කොවිෂීල්ඩ් සදහා කෙටි කාලයකින් ලියාපදිංචිය ලබාදෙන අධිකාරිය, ෆයිසර් සදහා තවම ලියාපදිංචි අවසරය ලබා දී නොමැත. ඒ අනූව ලැබෙන සෑම අවස්ථාවකදීම, රටක් ලෙස අපට ඉල්ලුම් කල හැකි වන්නේ කොවිෂීල්ඩ් පමණි.    ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත ලංකාවේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට  පළමු කොවිඩ් …

Continue Reading

සමාජමාධ්‍යවල කොවිඩ් එන්නත ගැන ‘අතේ පැළවෙන බොරු’ රැල්ලක් !

කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, එන්නත් ගැන විශාල කතාබහක් ඇති විය. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබේ. කෙසේනමුත්, එන්නත ලබා ගැනීම සහ එහි අඩංගු දෑ පිළිබඳ විවිධ මිත්‍යා මත, ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වනු දැකිය හැකිය. මෙම පුවත්වල සත්‍යය, අසත්‍යබව ගැන බීබීසී ‘රියලිටි චෙක්’ කණ්ඩායම ද මාස ගණනාවක් පුරා …

Continue Reading