ලිංගික ක්‍රියාකාරීත්වය ප්‍රබල කරන ස්වභාවික ආහාර මොනවාද ?

පුද්ගල ලිංගික ආශාවන් අවුළුවා ලමින් සංසර්ග ශක්තිය සහ සතුට වැඩීමට හේතුවෙන ආහාරයක් වේනම්, එය ඉක්මනින්ම විකිණී අවසන් විය හැක. සමතුලිත ආහාරවේලක්, ක්‍රියාශීලී ජීවන රටාවක් සහ යහපත් මානසික සෞඛ්‍යය කෙනෙකුගේ ලිංගික ජීවිතය පරිපූර්ණ වීමට හේතු වන බව විශේෂඥ මතයයි. එහෙත් ඒ අතරම ඊට හේතුවිය හැකි වාජීකරණ ගුණයක් සහිත (ලිංගික ක්‍රියාකාරීත්වය නංවාලන) සුවිශේෂී ස්වාභාවික ආහාර වර්ග තිබේද? සතුට දල්වාලීමට ඉවහල් වෙන පෝෂ්‍යදායී …

Continue Reading

මෝදි – අදානි සහ ගෝඨාභය: පුංචි ට්‍රම්ප්ලාගේ අසමත්භාවය

ඉන්දීය ගොවි ජන අරගලයේදී මෙන්ම ශ්‍රී ලංකාවේ වරාය සේවක අරගලයේදීද නම කියැවෙන එක්තරා පුද්ගලික සමාගමක් තිබේ. ඒ අදානි සමාගමය. දෙරටේම ජනතාවාදී ආමන්ත්‍රණයක් සහිතව බලයට පැමිණි නායකයින් දැන් එක් හෝ තවත් ආකාරයකින් මේ මහා කතිපයාධිපති සමාගමේ අභිලාෂයන් සමග සමාන්තරව සිටී. මේ මොහොතේ ලෝකයේ විශාලතම විරෝධතා ව්‍යාපාරය දියත් වන්නේ අපගේ දොරකඩ ඉදිරිපිටය. ඒ දැන් මාස තුනක් තිස්සේ අඛණ්ඩව ඉදිරියට යමින් තිබෙන ඉන්දීය …

Continue Reading

ලිංගික ජීවිතය නීරස වෙලා පිස්සු වැටිලාද ? මෙන්න ඔබ කළ යුතු දේ

‘ලිංගිකත්වය’ ගැන ලංකාවේ ප‍්‍රමාණවත් තරම් නොවෙයි කිසිම සංවාදයක් නැහැ. ඒ නිසා අපේ බහුතරයකගේ පවුල් ජීවිත ‘විඳිනවා’ නොව ‘විඳවන’ ඒවා බවට පත්වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වයෙන් ගොඩඑන්න උත්සාහා කරනවා. ඒත් ඒක පහසු නෑ. මොකද ‘ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ම තමයි ගොඩට ආ යුත්තේ. අනික් අතට විද්‍යාත්මක උපදේශනයක් හෝ උපදෙසක් ගන්න පුළුවන් ආයතන හෝ සායනික ව්‍යුහයකුත් ලංකාවේ නැහැ. සමීපතමයින් එක්ක මෙවැනි …

Continue Reading

දේශපාලන පළිගැනීම්වලට මුවාවෙලා ජනාධිපති මිනී මරුවෝ නිදහස් කරනවා

දේශපාලන පලිගැනීම් වචනෙට මුවාවෙලා ජනාධිපතිවරයා හොරු, තක්කඩි වංචාකාරයෝ සහ මිනී මරුවෝ නිදහස් කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත මහතා ආණ්ඩුවට චෝදනා කරයි. ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ අද (26) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. මෙම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ ජාතික …

Continue Reading

කොරෝනා ධනවාදයේ නව ලෝකය

2020 අගෝස්තු මසදී අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් තමන් අත්පත් කර ගත් විප්ලවීය සාර්ථකත්වයක් ගැන නිවේදනය කළේය. ඒ Neuralink නමැති විද්‍යාත්මක පර්යේෂණ සමාගම නියෝජනය කරමිනි. එහි ප්‍රධානියා වන එලන් මස්ක් ප්‍රකාශ කළේ ඌරෙකුගේ මොළයට සවි කළ යන්ත්‍රයක් ඔස්සේ ම මොළයේ ක්‍රියාකාරීත්වය පරිගණයක් මගින් කියැවීමට හැකි බවයි. මස්ක් තම පර්යේෂණාගාර ඌරා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සහ සතුටින් සිටින බවද පැවසීය. “ඌරා සතුටින් …

Continue Reading

සූරියබණ්ඩාර ඔසවන ‘සිංහල-බෞද්ධ ලක්ෂපති’

ගෝලීය මහ බලවතුන්ගේ අනුග්‍රහය ඇතිව නොබෙල් සාම ත්‍යාගය ලැබූ පාකිස්තානි යුවතිය මලාලා යූසෆ්සායි කලක් තොරම්බල් වූ අයුරු, අවසානයේ වෙළඳපල තරගයෙහි අලෙවිවන “ෂුක්රලා” ගැන ඉතිරි වන්නේ අනුකම්පාවක්ම පමණි.   සිරස “ලක්ෂපති” වැඩසටහනට පසුගිය සතියේ පැමිණි ගාල්ලේ මුස්ලිම් පාසල් දැරිවිය ලක්ෂ 20 ක දිනුම රැගෙන යාම විශේෂයෙන් ෆේස් බුක් ලෝලීන් අතර ඉමහත් කතා බහට ලක් විය.  පාසල් දැරිවියක් හෙයින් තම සමාජ ආර්ථික වටපිටාව …

Continue Reading

පරිපූර්ණ දරුවෙකු අවශ්‍ය නම් ‘පැන්සලත් පින්සලත්’ ඔහු අතට දෙන්න

ඕනෑම දෙමාපියෙකුගේ ලොකුම ආසාව තමන්ගේ දරුවා ඉහළට ඉගෙන ගෙන වෛද්‍යවරයෙක් ඉන්ජිනේරුවෙක් වෙනවා දකින්න. ඉහළ ආදායම, ඉහළ සමාජ පිළිගැනීම වාගේ කාරණා ඒ සඳහා බලපානවා වෙන්න ඇති. ඒත් වර්තමාන ලෝකයේ ‘රැකියාව’ කියන සාම්ප‍්‍රදායික සංකල්පය විශ්වාස කළ නොහැකි තරමට අභියෝගයට ලක්වෙලා. අද වැඩියෙන්ම උපයන්නේ, වැඩිම පිළිගැනීමක් ඇත්තේ වගේම වැඩියෙන්ම සතුටින් සිටින්නේ සාම්ප‍්‍රදායික රැකියා ක්ෂේත‍්‍රය අතික‍්‍රමණය කළ පුද්ගලයින්. මේ අතර පැන්සල, පින්සල අතට ගත් …

Continue Reading

වත්මන් මොහොත ගැන: ‘ඥානමය සිතියමක’ අවශ්‍යතාව

මෙරට නව යුගයක් ගැන අපේක්ෂා දල්වමින් තාප්පවල චිත්‍ර අඳිමින් සිටි ආණ්ඩු පාක්ෂික ජනයාට දැන් සිදුව තිබෙන්නේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ අසුබවාදී සිතුවිලිවල ගිලෙමින් සිටින්නට ය. ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද එහි නොමැත. මේ ඔබ …

Continue Reading

රන්ජන්ගේ මන්ත්‍රීධුරයට කුමක් වෙයිද ? නීතිඥයින්ගේ විශ්ලේෂණ

අධිකරණයට අපහාස කරන ලදැයි චෝදනා ලැබූ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අද (12) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කළා. මෙසේ බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය වෙත ගෙනයන ලද බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පැවසුවා. රන්ජන් රාමනායක මහතාට බරපතළ …

Continue Reading

ජපානය සුපිරිසිදු රටක් වුණේ බුදු දහමේ බලපෑම නිසාද ?

දරු දැරියෝ සිය පොත් උරබෑග මේස මත තබා පංති කාමරයේ හිඳ සිටිති. පොත පතට යටවුණු දිගු දිනක අග නිවෙස් බලා යාමට නොඉවසිල්ලෙන් පසුවෙති. සිය ගුරුවරයා විසින් පසුදින කාල සටහන පිළිබඳ කරනු ලබන නිවේදන දරුදැරියෝ සාවදානව අසා සිටිති. ඉන් පසු සුපුරුදු ලෙස ගුරුවරයාගේ අවසන් වචන ඊට එක් වේ: ” හරි දැන් අදට නියමිත පිරිසිදු කිරීමේ පවරුමයි. පළවෙනි පේළිය සහ දෙවෙනි පේළිය …

Continue Reading