වැඩි වැඩියෙන් ජලය පානය කිරීමෙන් කොරෝනා වෛරසයෙන් ගැළවෙන්න පුළුවන්ද?

කෝවිඩ් -19 පිළිබඳ කටකතාවක් පැතිරී ඇත. ඒ නිතිපතා ජලය පානය කිරීම සහ මුඛයෛ් තෙතමනය තබා ගැනීමෙන් Covid 19 ආසාදනයෙන් ආරක්ෂා විය හැකි බවයි. මෙහි ඇත්ත නැත්ත මෙම ලිපිය මගින් විමසා බලයි මුලින්ම එය කොකේන් පානයෙන් සුව කළ හැකි යැයි විකාර යෝජනාවක් විය. ප්‍රංශ රජය මේ අත්හදා බැලීමට සූදානම් බව ද මේ සමග ප්‍රචාරය විය. සිදුවිය යුතු ලෙස ම මේ ව්‍යාජ අදහස …

Continue Reading

ගම්පහ දිස්ත්‍රික්කයේම සියලුම නගර වීදි විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙළක්

ගම්පහ පළාත් පාලන ආයතන 19කට ඉසින යන්ත්‍ර 200 බෙදා දෙයි ඇදිරි නීතිය පවතින කාලය තුළම ගම්පහ දිස්ත්‍රික්කයේම සියලුම නගර වීදි විෂබීජ හරණය කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරයි. කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක කරයි. මේ සදහා ගම්පහ දිසිත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා ඉසින යන්ත්‍ර බෙදා දීම අද සිදු කෙරිණි. ඉසින …

Continue Reading

Covid 19 World Hot News Update: ලෝකය පුරා බිලියනයක පිරිසක් නිවාසවල කොටුවෙයි

ලෝකය පුරා බිලියනයක පිරිසක් නිවාසවල කොටුවෙලා නව කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමට ගෝලීයව ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් අද (21) දින වන විට ශ‍්‍රී ලංකාව ද ඇතුළුව ලොව පුරා බිලියනයක පමණ ජනතාව නිවෙස්වල සිරවී සිටින බව ප‍්‍රංශ පුවත් සේවය කියනවා. එම වාර්තාව අනුව රටවල් 35ක මිලියන 600ක පමණ පිරිසක් රජයේ නියෝග මත නිවෙස්වල රැුදී සිටියි. හෙට සිට ඉන්දියාවේ ක‍්‍රියාත්මක වන ‘ජනතා ඇදිරි …

Continue Reading

Covid 19 ‍දේශීය උණුසුම් පුවත් සියල්ල: කොරෝනා ආසාදිත 77/48ක් විදේශයන්හි සිට පැමිණි අය

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 3063 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 22 ක රැඳී සිටින බවත් මීට අමතරව තවත් 11,048 දෙනෙක් නිවෙස්වල දී නිරෝධායනයට ලක් කර තිබෙන බවත් කොවිඩ් 19 මර්ධනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (21) පැවසීය. මේ අනුව දිවයින පුරා පුද්ගලයින් 14,111 දෙදෙනකු නිරෝධානයට ලක්ව සිටී. කොරෝනා ආසාදිත 77/48ක් විදේශයන්හි …

Continue Reading

විදේශ අමාත්‍යංශය විදේශිකයින්ට මෙරටින් බැහැර වීම සඳහා පහසුකම් සලසා දෙයි

සංචාරක හා අනෙකුත් වීසා බලපත්‍ර කාණ්ඩ මත දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ට අපහසුවකින් තොරව බැහැරව යාම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.  මෙය සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන නිත්‍ය ගුවන් ගමන් සහ යොදවා ගත හැකි  විශේෂ  ගුවන් ගමන් යන ආකාර දෙකම භාවිත කරමිනි. මෙම ගමන් සඳහා පහසුකම් සැලසීමේ ක්‍රමවේදයන් පිළිබඳව අද දින විදේශ සබඳතා ලේකම් රවිනාථ …

Continue Reading

කොරෝනා නැති කාලයේ නිවසේ සිට රාජකාරී කළ ඇමෙරිකානු ජනපතිවරු

කොරෝනා වෛරසයේ අවදානම ඉහළ යාම සමග බොහෝ රටවල්වල රාජ්‍ය සහ පෞද්ගලික අංශය ‘නිවසේ සිට වැඩ කිරීමට‘ සිය සේවකයින්ට නියම කළා. ලංකාවේත් පසුගිය 20 වැනිදා සිට 27 වැනිදා දක්වා ‘නිවසේ සිට වැඩ කිරීම“ සිදු වෙනවා. ලංකාවේ එය සිදුවන ආකාරය ගැන වැඩි පැහැදිලි කිරීමක් නැතත් (ලංකාවේ රාජ්‍ය ආයතනවල බොහෝ සේවා මෙසේ කළ නොහැකියි) ඇතැම් දෙනාට නිවසේ සිට සේවය කළ හැකියි. ඒත් අතර …

Continue Reading

කොරෝනා ආසාදිතයින් ගණන 70 දක්නා ඉහළට

කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින්  පස් දෙනකු  පිළිබඳව  අද දින (20) තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූවාය. ඒ අනුව අද දිනයේදී මේ දක්වා තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 11කි. මේ අනුව අද දින (20) වන විට  කොරෝනා අසාදිත  පුද්ගලයින්  70දක්වා   ඉහළ ගොස් තිබේ. මේ අතර මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම …

Continue Reading

රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු හදිසියෙන් කොළඹට කැඳවයි

දැනට දිවයින පුරා පැතිරයමින් පවතින කොවිඩ් 19 කොරෝනා වෛරසය මර්දනය කිරීමට ඍජුව සම්බන්ධව කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අද දින කොළඹට කැඳවන ලදී. මෙම අධ්‍යක්ෂවරුන් කොළඹ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රවණාගාරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ ඉදිරි දින කිහිපයේදී මෙම වෛරසය පැතිරයාම වැළැක්වීම …

Continue Reading

Political Week Review: සජිත් – මංගල ගිය එක එජාපෙට ආශිර්වාදයක් වුණා – වජිර

මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දීමට තිබුණද කොරෝනා වසංගත උණුසුම හේතුවෙන් ඡන්ද උණුසුම යටපත්වී ගියේය. ජනතාවට දේශපාලන උණුසුම නොතිබුණ ද නාම යෝජනා බාර දීමට තිබූ බැවින් එක්සත් ජාතික පක්ෂයට ද ඉකුත් සතිය කාර්ය බහුල විය. නායකයාද සිරිකොතෙහි රැදී සිටිමින් නාම යෝජනා කටයුතුවල නිරත වූවේ ඉකුත් බ්‍රහස්පතින්දා නාම යොජනා බාර දෙන අවසන් දිනය වූ නිසාවෙනි. වෙනදා මෙන් මන්ත්‍රීවරුන් …

Continue Reading

කිසිදු බාහිර පුද්ගලයෙන් මහරගම අපේක්ෂා රෝහලට යන්න එපා

මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු රෝගීන්ගේ ඥාතීන්ගෙන් සහ සෙසු පුද්ගලයින්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා. වාට්ටුවල රැඳී සිටින රෝගීන් ගැන විමසා බැලීමට හෝ බාහිර පුද්ගලයකුට එහි නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින වෛද්‍යවරු රෝහලේ සිටින රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් මහත් විනාශයක් දක්වා එය වර්ධනය විය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙනවා. පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් එවැන්නක් …

Continue Reading