Political vs Political: මෛත්‍රී ජනපති සමයේ කළ දූෂණ එළියට දාන්න ප්‍රසන්න සූදානම් !

මගේ ළග මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්නකොට කරපු දේවල් වල රෙකෝඩින් තියෙනවා සර්. මිනිහා ඔය කියන තරම් ශුද්ධවන්තයෙකු නෙමේ. මම වෙලාවට ඔය ටික සර්ට දෙන්නම්කෝ..”. ප්‍රසන්න මහින්දට කීවේය. සටහන – ගජබා නාගහවත්ත ඇමති ප්‍රසන්න රණතුංග පහුගිය සදුදා ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු අපේක්ෂක කණ්ඩායම සිය නිවසට කැදවා තිබුණු ඉදිරි දේශපාලන කටයුතු පිළිබද සාකච්ඡාවටය. ප්‍රසන්න එහි දී පහුගිය ජනාධිපතිවරණය දිනයේ සිදු වූ සිදුවීමක් සිහිපත් …

Continue Reading

MCC සමාලෝචන අවසන් වාර්තාව ජනතාව හමුවට

සියලු කරුණුවලට සාවධානව සවන් දුන්  ජනාධිපතිවරයා වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නේය. සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිණ. කමිටු වාර්තාව අනතුරුව ජනතා අවධානයට යොමු කෙරේ. විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා …

Continue Reading

උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරු තෝරා ගැනීම Online ක්‍රමයට

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරු තෝරා ගැනීමේ අයදුම්පත්‍ර කැඳවීම මාර්ගගත (Online) ක්‍රමයට සිදුකරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත කරමින් සදහන් කරනවා. එම නිවේදනයේ සදහන් වන්නේ ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන්/ සහකාර පරීක්ෂකවරුන් සඳහා වන අයදුම්පත්‍ර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස මාර්ගගත (Online) ක්‍රමයට සම්පූර්ණ කළ යුතු බවයි.  අනතුරුව …

Continue Reading

Covid-19: දෙවන රැල්ලක් ගැන ජනපති හා අනිල් ජාසිංහ අනතුරු අඟවයි

ජනතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ නිසා තවදුරටත් සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ට ඉල්ලා සිටින බවද ඒ මහතා පවසයි. කොරෝනා වෛරසය නිසා ලොව සියලු රටවල් මේ වන විටත් දරුණු ලෙස පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව සහ සාමුහික …

Continue Reading

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට පවතින ගැටලු විසඳා නොදෙන්නේ නම් ලබන 29 වැනිදා සිට කොරෝනා මර්දන රාජකාරීවලින්, මැතිවරණයට අදාළ රාජකාරීවලින් සහ බෝ වන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි. කොරෝනා වසංගත මර්දනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් බිම් මට්ටමින් ඉටුකරනු ලබන රාජකාරීවල දී මතුව ගැටලු නිරවුල් කර දෙන්නැයි සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත් තවමත් එම …

Continue Reading

සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ අධිකාරියේ ලියාපදිංචි හෝටල්වල පමණයි

අගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණකැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම තීරණයට එළඹි බවයි. සංචාරක සංවර්ධන අධිකාරියේ මේ වන විට ලියාපදිංචි වී ඇත්තේ සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන …

Continue Reading

කොරෝනා වෛරසය : පළමු ජීවිතාරක්ෂක ඖෂධය ‘dexamethasone’ ගැන කරුණු 8ක්

කොරෝනා වෛරසයට ගොදුරු වී බරපතළ ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට උපකාරී වන බවට තහවුරු වූ dexamethasone නැමැති ප්‍රති ප්‍රදාහ ඖෂධය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයින්ගේ සමීක්ෂණවලින් තහවුරු වූයේ මෙම ඖෂධය අඩු මාත්‍රාවකින් ලබාදීම මගින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් සිරුර තුළ වර්ධනය වන බව ය. මෙම ඖෂධය කුමක්ද? ඩෙක්සමෙතසෝන් (dexamethasone) යනු ස්ටෙරොයිඩ …

Continue Reading

ආනයන සීමා කළා, නිෂ්පාදන අරඹන්න – ජනපති කර්මාන්තකරුවන්ට කියයි

දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යාවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයට ගමන් මග සකසා තිබේ. දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය බව ජනාධිපතිවරයා කියා සිටී. කර්මාන්ත හා …

Continue Reading

ජනාධිපති කොමිසමත් දූෂිතයින් හෙළිදරව් කිරීමේ අරගලයේ කොටසක් ලෙස පාවිච්චි කරනවා

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද වගඋත්තරකරුවන් ලෙස කැඳවනු ලැබ තිබෙනවා. ඇවන්ට්ගාඞ් පිළිබඳ මහාධිකරණයේ විභාග වන නඩුවේදී නීතිපතිවරයා හා රජයේ නීතීඥයින් පෙනී සිටින්නේ පැමිණිලි පාර්ශ්වය ලෙසයි. එහෙත් මෙම ජනාධිපති කොමිසමේදී ඔවුන් සියලු දෙනා විත්තිකරුවන් බවට පත් වෙනවා. ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අද (22) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. එහිදී අවධානය යොමු වුණේ ජවිපෙ නායක අනුර කුමාර …

Continue Reading

නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ‘ඩිජිටල් තාක්ෂණය’ ඔස්සේ පැවැත්වීමට අවධානය

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාල රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව වැනි පාර්ලිමේන්තුවේ  කාරක සභා රැස්වීම්  ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට මේ වන විට සැලසුම් කරමින් තිබේ. මේ අනුව ඒ සදහා ඇති හැකියාවන් සහ තාක්ෂණික අඩුලුහුඬුකම් හදුනා ගැනීමේ  පෙරහුරුවක් පාර්ලිමේන්තුවේ කාරක සභා ශාලාවකදී පැවැත්විණ. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී …

Continue Reading