ජනපති, ජනතා ආර්ථිකය ගොඩනඟන වැඩ අරඹයි

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතු  ජනාධිපතිතුමා විසින් පැහැදිළි …

Continue Reading

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස රාජකාරී අරඹයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස අද (17) පෙරවරුවේදී මුදල් අමාත්‍යාංශයේදී සිය ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය. මෙම රාජකාරී භාර ගැනීමට පෙර ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික ආශිර්වාද ලබා ගත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, සුබ මොහොතින් සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය රාජකාරී ආරම්භ කරන ලදී. මේ අවස්ථාවේදී රු. 5,000/- ක නව මුදල් නෝට්ටුවක් මුද්‍රණය කර එළිදැක්වීම ද …

Continue Reading

19 කාටුගා 20 ගේන යෝජනාව මංගල කැබිනට් මණ්ඩලයට – විපක්ෂය විරුද්ධයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කෙරෙන 20 වන සංශෝධනයට අදාළ යෝජනාව මේ සතියේ පැවැත්වෙන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය ලබන මස අග සතිය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි රජය පවසන්නේ. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සතියේ පැවැත්වෙන නව රජයේ මංගල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. එය අමාත්‍ය මණ්ඩලයේ සම්මත …

Continue Reading

පළාත් ඡන්දෙ තෙක් දිනලා මිස හෙණ්ඩුව බිම නොතියන බව රනිල් කියයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන පළාත් සභා මැතිවරණය තෙක් පක්ෂ නායකත්වය දරනු ඇති බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. එජාප මහ ලේකම්වරයා කියන්නේ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්වනු ඇති බවයි. එජාප මහ ලේකම්වරයා මෙසේද කීවේය. ‘පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඊයේ (15) සිරිකොත මූලස්ථානයේ පැවැති සාකච්ඡාවේදී නායකතුමා තම ස්ථාවරය පැහැදිලි කළා. …

Continue Reading

වියතුන්ගේ කරෙන් බලයට ආවත් කැබිනට් එකේ වියතුන් කිසිවෙක් නෑ – හර්ෂ ද සිල්වා

වියත් මග සහ වත්මන් ජනාධිපතිවරයා විවිධ අවස්ථාවලදී තොරතුරු තාක්ෂණය ගැන බොහෝ දේ කතා කළත් වත්මන් අමාත්‍ය මණ්ඩලය තුළ තොරතුරු තාක්ෂණ කර්මාන්තය හා සම්බන්ධ අමාත්‍යවරයෙක් හෝ අවම වශයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් හෝ පත්කිරීමට පියවර ගෙන නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ …

Continue Reading

ශාසනික සේවය පසෙකලා ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනකට අරගල කරනවා – අගමැති

ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනක් වෙනුවෙන් අරගල කරන විට අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ සුවිශාල ශාසනික මෙහෙවරක් ඉටුකරමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (15) පස්වරුවේ සිදුකෙරුණ අතර එම අවස්ථාවේ අගමැතිවරයා මේ බව සදහන් කළේය. වසර 200කට අධික කාලයක් ස්ථිර ලිපියනයක් සහිත මධ්‍යස්ථානයක් …

Continue Reading

මුල් ළමාවිය සෞඛ්‍ය හා පෝෂණය ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

හොඳම දේ දරුවන්ට’ එහෙම කිවුවේ වී. අයි ලෙනින්. සෝවියට් දේශය නැමැති මහා දේශය ගොඩනැඟූ මහා විප්ලවවාදියා. ළමයි පමණක් නොවෙයි මුළු ලෝකයටම ආදරය කළ පුද්ගලයා. අපේ අම්මලා තාත්තලත් කියන්නේ ‘හොඳම දේ ළමයින්ට’ කියලා. ඒ නිසා එයාලා හැම මොහොතක්ම ගත කරන්නේ තමන්ගේ දරු පැටවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන්. දරුවන් සතුටින් තැබීම වෙනුවෙන්.ඒත් ‘හොඳම දේ දරුවන්ට ’ කියන මේ කියමන ‘පෝෂණ විද්‍යාවේදී’ නම් බොහොම …

Continue Reading

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ලබන 20 වැනිදා පස්වරු 3.00 ට

අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අනුව ප.ව 3.00ට ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ද ජනපතිවරයා විසින්  සිදු කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන අවස්ථාවේදී …

Continue Reading

කැබිනට් අමාත්‍යාංශ 03කට නව ලේකම්වරු

කැබිනට් අමාත්‍යාංශ 03ක් සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ඔවුන්ගේ නම් පහත පරිදි වේ. එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා       – ලේකම්, අධිකරණ අමාත්‍යාංශය යූ.ඩී.සී. ජයලාල් මහතා                          – ලේකම්, වරාය හා නාවික අමාත්‍යාංශය මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා        – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

Continue Reading

උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම්ලාභීන් 100,000 කට රැකියා ප්‍රදානය වහාම ඇරඹේ

මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. රැකියා පනස් දහසක් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වෙන් කෙරේ. ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලිනි. ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ගිය වසරේ නොවැම්බර් මස ධූරයට පත්වී සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් සහ අඩු ආදායම්ලාභීන් …

Continue Reading