නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවයි
-
RSL
-
August 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්, නැවත දැනුම්දෙන තුරු අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශ වලට යටත්ව, මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කෙරෙන දිනය, සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
Continue Reading
පහළම තැන සිට වැඩ අරඹා තිබේ – කඩිනම් ප්‍රතිඵල අවශ්‍යයි – රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපති කියයි
-
RSL
-
August 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සියලු ක්ෂේත්‍රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියා සිටී. ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාව දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර තිබේ. ඉලක්ක ළගාකර ගැනීමේදී ලේකම්වරුන්ට විශාල වගකීමක් හා කාර්ය භාරයක් පැවරී ඇත. ජනතාව අතරට ගොස් ගැටලු විසඳමින් අභියෝගය ජය ගැනීමට …
Continue Reading
‘කරුට ගහන මඩවලට’ කරුගේ මාධ්‍ය ඒකකයෙන් පිළිතුරු
හිටපු කතානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සූදානම් බව නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමත් සමග ඒ මහතාට එරෙහිව එජාපයේම ඇතැම් පිරිස් විසින් එල්ල කරන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය විසින් අද (26) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය, මාධ්‍ය නිවේදනයයි. එක්සත් ජාතික පක්ෂය මුහුණ …
Continue Reading
සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් දේශපාලනීකරණයෙන් මුදා ගත යුතුයි – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
ගෙවී ගිය වසර පහ තුළ දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් ඉන් මුදා ගනිමින් එහි සැබෑ අරමුණු කරා ළගා කරවීම රජයේ අපේක්ෂාව බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ දරීද්‍රතා මට්ටම නොව, සහය දක්වන දේශපාලන පක්ෂය සමෘද්ධි සහනාධාර …
Continue Reading
19 අහෝසි කිරීම: මේක අශිෂ්ඨ වැඩක් – දේශපාලන නරුමකමක්
-
RSL
-
August 26, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, ලංකා දේශපාලනය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වය ගෙන යාමක් බවට පත් වනු ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 1978 ව්‍යවස්ථාව කෙටුම්පත් වූ දා පටන් ව්‍යවස්ථා සංශෝධන 19 න් 17 ක් ගෙනාවේ බලයේ සිටි පක්ෂයේ, නැත්තම් රාජ්‍ය නායකයාගේ බලය තහවුරු කර ගැනීම සඳහා යි. 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අකමැත්තෙන් හෝ පළාත් වලට බලය බෙදුවා. 19 සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු …
Continue Reading
සිරුරේ හැඩයට ‘හරියටම ගැළපෙන’ Blazers තෝරා ගනිමුද ?
විලාසිතා කර්මාන්තය අවසානයේ ශරීර විවිධත්වය පිළිගත් විට “මගේ ශරීරය කිසිවෙකුගේ ව්‍යාපාරයක් නොවේ -My body is noBODY’s business ” යන මන්ත්‍රය වේගවත් විය. මීට පෙර, පසුගාමී (සහ ආත්ම අභිමානය බිඳ දැමීමේ* විලාසිතාවලින් හෙම්බත් වූ 21 වන සියවසේ කාන්තාවන් අවසානයේ ඔවුන්ගේ කොන්දේසි අනුව ජීවිත ගත කරති. අලංකාරය පිළිබඳ මුළා කරවන අදහස නොසලකා හැර ඇති ඈෂ්ලි ග්‍රැහැම් වැනි ට්‍රේල් බ්ලේසිං ආකෘති (Trailblazing models) නූතන …
Continue Reading
ආනයනය අවශ්‍යම නෑ: අවුරුදු දෙකහමාරකට ප්‍රමාණවත් වාහන තොග රට තුළ තිබෙනවා – පී.බී. ජයසුන්දර
ශ්‍රී ලංකාව තුළ මේ වන විට වසර දෙකහමාරකට ප්‍රමාණවත් වන පරිදි වාහන තොග තිබෙන බවත් ආනයන සීමා පනවා තිබෙන්නේ රටට අනවශ්‍ය භාණ්ඩවලට බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, “ආනයනය සීමා කරලා තියෙන්නේ ඕනේ නැති ඒවා. උදාහරණයක් හැටියට මෝටර් රථ. ලංකාවට ගෙනල්ලා තියෙනවා 2019 දක්වා අවුරුද්දකට ඩොලර් මිලියන 1,000 …
Continue Reading
ජංගම දුරකථන භාවිතා කරන්නන්ට TRCSL වෙතින් වැදගත් තොරතුරක්
-
RSL
-
August 25, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජංගම දුරකථන පාරිභෝගිකයා හට තම ජංගම දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන සේවා සපයන්නා වෙනස් කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබෙනවා. ඊට අදාළ මුලික ක්‍රියාමාර්ගයන් මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ‘ට්විටර්’ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. පාරිභෝගිකයින්ට අවශ්‍ය වන පරිදි තමන්ගේ ජංගම දුරකථන සඳහා භාවිත කරන …
Continue Reading
ජනතාව අපේක්ෂා කරන ව්‍යවස්ථා වෙනසට පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකළා එක් වන්න
දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාව අපේක්ෂා කරන දැවැන්ත ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකළා එක්වන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින පාර්ලිමේන්තුවේ සියලු නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. 9 වන පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවාධාරණය කළේය. පාර්ලිමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කළ “පාර්ලිමේන්තු …
Continue Reading
රාජ්‍ය අමාත්‍යාංශ 35කට නව ලේකම්වරුන්
-
RSL
-
August 25, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. එම පත්කිරීම්වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කර තිබේ. අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත. එම ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය,
Continue Reading