දේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටුවේ වාර්තාව අගමැතිට

දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන් (2015-2019) පිළිබඳ සොයා බලන කමිටුවේ මූලික වාර්තාව අද (02) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට භාර දෙන ලදී. 2015-2019 කාලය තුළ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන්  දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පුද්ගලයින් 6952 දෙදෙනෙක් මේ වන විට මෙම කමිටුවට අභියාචනා ඉදිරිපත් කර තිබේ. ඒ අතුරින් 1152 දෙදෙනෙකුගේ අභියාචානාවලට අදාළ පරීක්ෂා කිරීම්, නිරීක්ෂණ හා ඉදිරි …

Continue Reading

මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයෙන් Portable ventilators යන්ත්‍ර 200ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට නවීනතම Portable ventilators යන්ත්‍ර 200 ක් පරිත්‍යාග කිරීමේ උත්සව අවස්ථාව අද දින (02) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් (Ms.AlainaTeplits) මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. එක්සත් ජනපදයේ නවීන තාක්ෂණයට අනුව  නිෂ්පාදිත මෙම උපකරණ කොවිඩ්-19 වෛරසයෙන් …

Continue Reading

20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – නීතිපති

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කළ යුතු බවත් නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.

Continue Reading

උද්ධමනය අගෝස්තු මාසයේ දී පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේය. 2019 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 10.9හි සිට 2020 අගෝස්තු …

Continue Reading

පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නැයි ඉල්ලීමක්

පෞද්ගලික උත්සව සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් නොකරන ලෙස ජනාධිති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් මගින් අද (01) ඉල්ලීමක් කළා. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි, ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෛනික නිල කාර්යයන්හි ප්‍රමුඛත්වය දී තිබේ. ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ …

Continue Reading

‘ඔබතුමා පස්සට යන්න එපා’ – ශ්‍රී රතනපාල රතනජෝති නා හිමියෝ කරුට කියති

එක්සත් ජතික පක්ෂය බේරාගත හැකි එකම නායකයා කරු ජයසූරිය පමණයි” අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික සුදුහුම්පල රජ මහා විහාරාධිපති මකුරුප්පේ රතනපාල රතනජෝති නා හිමියෝ පවසති. උන් වහන්සේ මෙම අදහස් පළ කලේ හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (31) මල්වතු- අස්ගිරි හා රාමඥ්ඥ නිකායන්හි මහානායක හිමිපාණන් වහන්සේලා බැහැ දැකීම සඳහා මහනුවර බලා ගිය අවස්ථාවේ දීය. කරු ජයසුරිය මහතාට ආශිර්වාද කරමින් …

Continue Reading

චොකා මල්ලි පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ගැන ‘නීතිපති හා ආණ්ඩුවේ ප්‍රබලයින්’ ගැටෙති

මේ අතර, මාධ්‍ය හමුවක් අමතමින් ජල සම්පාදන අමාත්‍යය වාසුදේව නානායක්කාර පැවසුවේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු එන්නේ ද, නැද්ද යන්න නීතිපතිවරයාට තීරණය කළ නොහැකි බවයි. මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි යයි නීතිපතිවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට සිය මතය දැන්වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මාධ්‍ය සම්බන්ධීකාරකවරිය, …

Continue Reading

දිළිඳුකම පිටුදකිමින් අඩු අදායම්ලාභීන්ට රැකියා ප්‍රදානය සැප්තැම්බර් 02 ඇරඹේ

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් 02දා  ඇරඹේ. රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම  වැඩසටහනෙහි අරමුණයි. රැකියාලාභීන් තෝරාගෙන ඇත්තේ පහත සඳහන් සුදුසුකම්වලට අනුවය. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අ.පො.ස සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයින් වීම. අයැදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස …

Continue Reading

ජීවන වියදම ගැන ජනපතිගෙන් දැඩි තීන්දු – ඉදිරියට තැබූ පියවර පස්සට ගන්නෑලු

ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. දේශීය කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව නඟා සිටුවීමට ගත් තීරණ හේතුවෙන් කහ ඇතුළු පරිභෝජන භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් තිබේ. මිල පාලනයට හෝ පහත හෙළීමට කහ සහ සෙසු භාණ්ඩ ආනයනය කළහොත් කිසිදු දවසක අපේක්ෂිත අරමුණට ළඟා විය නොහැකි බව ජනාධිපතිවරයා …

Continue Reading

ඒ.ජේ.එම්. මුසම්මිල් – රාජා කොල්ලුරේ පළාත් මාරු කර ගනී

වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ රාජා කොල්ලුරේ මහතා වයඹ පළාත් ආණ්ඩුකාවරයා ලෙසත් අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන්හ.

Continue Reading