බස්නාහිර පළාතෙන් පිටවීම සම්පූර්ණයෙන් තහනම්

මේ දැනුම් දෙන මොහොතේ සිට (2020 නොවැම්බර් 11 පස්වරු 19.30) 15 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු පුද්ලගයෙකුට බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරිම තහනම් කර තිබෙන බව කෝවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.

Continue Reading

Update: මරණ සංඛ්‍යාව 46 දක්වා ඉහළට – අද දින මරණ 04ක්

අද (11) දින 46වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය. එසේ මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත. මෙම රෝගියා මියයාමෙන් පසු සිදුකරන ලද  PCR පරික්ෂණයෙන් ඔහු කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත. මරණයට හේතුව වශයෙන් දැක්වෙන්නේ ලියුකේමියා …

Continue Reading

බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් රැක ගැනීමට විශේෂ අවධානය

බෝ නොවන රෝගවලින් පෙලෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. සෙසු රටවලින් මෙන්ම මෙරටින්ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93% කට හේතුව බෝ නොවන රෝග වැළඳුණු අයට වෛරසය ආසාදනය වීම බව වෛද්‍යවරු පෙන්වා දෙති. හෘද, දියවැඩියා, වකුගඩු සහ පිළිකා ආශ්‍රිත රෝගීහූ ඉතා වේගයෙන් කොවිඩ් ආසාදනයට ලක් වෙති. බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වා මරණයට …

Continue Reading

වැලිමඩ සානුවේ එළවළු වගාවට පොහොර නෑ

ඊසානදිග මෝසම් සමය ඇරඹී සති 3 කට වැඩි කලක් ගතවී ඇති නමුත්, රසායනික පොහොර නොමැතිකමින් වැලිමඩ සානුවේ වගා කටයුතු ඇරඹිමට නොහැකිව ගොවීන් අන්ත අසරණවී ඇතැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි. බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ පොහොර අවශ්‍යතාවෙන් තවමත් ගොවීන්ගේ අතට ලැබී ඇත්තේ 27% ක් පමණයි.  එළවළු පොහොර හිඟය නිසා අර්තාපල්, බෝංචි, ගෝවා ඇතුළු සියළු එළවළු ගොවීන් අන්ත අසරණ භාවයට පත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාරවරයා …

Continue Reading

Covid-19 මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව නව තීන්දු රැසක් ගනී

කොරෝනා (කොවිඩ් 19)  වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත   ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (11) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්විය. මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් …

Continue Reading

සුදු සීනිවල මිල අඩු කළේ කසිප්පුකාරයින් පිනවන්න ද ?

මේ මිල වාසිය සම්පූර්ණයෙන් හොර කසිප්පු සහ සීනි ආශ්‍රිත නිෂ්පාදනවල නිරතව සිටින ව්‍යාපාරිකයින්ට ලැබෙන ඍජු සහනයක්. මේ සීනි අඩු කළා කියලා අද සිට හෝටලයේ ප්ලෙන්ටියේ මිල අඩුවෙන්නේ නැහැ. ඒකත් මුදලාලිට‘ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරී පනතේ 20 (5) වැනි වගන්තිය යටතේ ඇති බලතල ප්‍රකාරව නියෝග අංක 71ත් ඊයේ (10) වැනිදා ක්‍රියාවට නැංවීය. ඒ …

Continue Reading

විපක්ෂයෙන් සභාව කල් තැබීමේ යෝජනාවක් ලබන 13 වනදා පාර්ලිමේන්තුවට

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව හෙට (12) දිනයේ පැවැත්වෙනුයේ 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පමණි. හෙට දිනයේ දිවා භෝජනය සඳහා කාලය …

Continue Reading

2021 අයවැය විවාදය දින 19ක්

2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය දින 19 ක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව ලබන 18 සිට 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීfම් විවාදය සිදුවන අතර දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වන දා පස්වරු 5ට සිදුකරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්  ධම්මික දසනායක මහතා …

Continue Reading

කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළට

ප්‍රවාහන අමාත්‍යාංශය විසින් හදුන්වා දුන් ‘කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට‘ අනුව අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු තාවකාලිකව සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය මගී ප්‍රවාහන බස්රථ රුපියල් 12ක් වු අවම බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 14 ක් ලෙස සංශෝධනය වනු ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සදහන් කළේ. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් …

Continue Reading

Update: අද කොවිඩ් ආසාදිත මරණ 05ක් – මුළු මරණ ගණන 41යි

මෙරට 41 වන කොරෝනා මරණය වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටියි මෙසේ මිය ගිය පුද්ගලයා 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා නිවසේ දී මියගොස් ඇති අතර රාගම රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේ දී එම රෝගියා කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් හඳුනා ගෙන ඇත පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මිය යෑමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ දීර්ඝකාලීනව පැවැති පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් …

Continue Reading