ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38 ක් බේරා ගැනේ

 ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගෙන ඇත. ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් …

Continue Reading

‘සා.පෙළ ගැන’ කඩිනම් තීන්දුවක්

අද දින (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාර්ගගත ක්‍රමයට පැවති රජයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද කරුණු පසුගිය දින කිහිපය තුළම සාමාන්‍ය පෙළට මුහුණ දීමට සිටින දරුවන්ගෙන් සහ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ගෙන් විෂය නිර්දේශ ආවරණය පිළිබඳව දත්ත ලබාගෙන ලබාගනිමින් පවතින අතර එම දත්ත සහ සාධක මත අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඉදිරියේදී සිදුවන බවත් දුරස්ථ ක්‍රමයට එම ඒකක කොපමණ ප්‍රමාණයක් ආවරණය …

Continue Reading

‘තාක්ෂණ අමාත්‍යාංශය’ ජනපති යටතට

කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා යන සියලු ක්ෂේත්‍ර අනාගතයේ දී තාක්ෂණය මත යැපෙන ආර්ථික අංශ බවට පත් වේ. 21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීමට රජය අපේක්ෂා කරයි. නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගැනීමට පියවර ගෙන …

Continue Reading

මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යධූරය රියර් අද්මිරාල් සරත් වීරසේකරට

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ අද (26) දින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ  දිවුරුම් දුන්නේය. මේ අතර චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Continue Reading

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්

කොවිඩ් 19 වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කරනු වස් නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබේ. නිරීක්ෂණ කාර්යය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරේ. ආර්ථික සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීහූ, ග්‍රාම නිලධාරීවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිස් නිලධාරීහු ඊට අයත් වෙති. කොවිඩ් වසංගතය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් …

Continue Reading

ඩියාගෝ මරඩෝනා: ‘ආර්ජන්ටිනාවේ පුරාවෘත්තය’

ඉහළ ඡායාරූපය – ඩියාගෝ මරඩෝනා – 1986 දී පුහුණු සැසියකදී සහ ඔහුගේ හිටපු බිරිඳ ක්ලෝඩියා සහ ඔවුන්ගේ දියණියන් වන ඩල්මා සහ ජියානා සමඟ ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීම ඩියාගෝ මරඩෝනා පාපන්දු පිටියේ දක්ෂයෙක් වූ අතර ඔහු මතභේදාත්මක චරිතයකි. ඔහුගේ මව්බිම වන ආර්ජන්ටිනාවේ සිට ඉතාලිය දක්වා පාපන්දු ලෝකයේ සාර්ථකත්වය, ලෝක කුසලාන කීර්තිය සහ ඔහුගේ කීර්තිය පහත වැටීම දක්වා ඡායාරූපවලින් ඔහුගේ ජීවිතය දෙස …

Continue Reading

ලිංගික බෙලහීනතාව පවුලෙන් සහ සමාජයෙන් සැඟවිය යුතු නැහැ

වෘත්තීයමය කාර්ය බහුලත්වය සහ සංකීර්ණ ජීවන රටාවකට හුරු වී ඇති වර්තමාන සමාජය ලිංගික සම්බන්ධතාවයන් සහ පවුල් ජීවිතයේ සතුට වෙනුවෙන් ලබා දෙන්නේ ඉතා සුළු අවධානයකි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය සහ පවුල් ජීවිතයේ ගැටලු වැඩි වෙනු දක්නට හැකිය. පුරුෂ ලිංගික බෙලහීනතාව ශ්‍රී ලාංකික සමාජය තුළ අදත් විවෘතව සාකච්ඡා නොකරන මාතෘකාවක් වන අතර, බොහෝ පුද්ගලයන් එය ‘රහසක්’ වශයෙන් තබා ගෙන දැඩි …

Continue Reading

වාරිමාර්ග ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත් කර ගැනීමේදී නව තීන්දුවක්

වාරිමාර්ග ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත් කර ගැනීමේදිී එම ඉඩම් සදහා වන්දි ලබා දීම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදුකළ යුතු බව වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග කටයුතු පිළිබද  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී ඊයේ (23) එක් වෙමින් පැවසීය. ඉඩම් අහිමිවන ජනතාවගේ තෘප්තිය පිළිබදවත් අවධානය යොමු කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා නිරතුරුව …

Continue Reading

යහපාලනය දුන් උපාධිධාරින් පත්වීම් 14500 ක් ස්ථිර කිරීම සඳහා අවධානය

නිසි වේලාවට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා  ක්‍රමවේදයක් කඩිනමින් සකසන බව අමාත්‍ය ජානක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය වෙනුවෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමු වරට ඊයේ (23) රැස් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීවේය . මාසයක් ඇතුළත විශ්‍රාම ලබා …

Continue Reading

සායන පොත පොලිස් මුරපොලට ලබා දී නිවසටම ඖෂධ ගෙන්වා ගන්න

සායන පොත පොලිස් මුරපොලට ලබා දී නිවසටම ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කරන්න” යැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොළඹ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මෙම දඅහස් පළ කරන ලද්දේ අද (24) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. එම විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය. “ඊයේ දිනයේ දී නව කොවිඩ් ආසාදිතයින් 335 ක් වාර්තා වුනා. එයින් කොළඹ මහ …

Continue Reading