උත්සව සමයේ සෑම පවුලකටම සහන පොළියට මූල්‍ය පහසුකම්

ළඟ එන නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සෑම පවුලකටම සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කරයි. ණය සම්පාදනය කාණ්ඩ 03ක් යටතේ සිදු කෙරේ. මසකට රුපියල් 50,000ට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීනට රුපියල් 50,000ක ණයක් ගැනීමට පිළිවන. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000  සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණය සැපයේ. මාසික වැටුප …

Continue Reading

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයන්ට ‘නුසුදුසුයි’ – නවතම වාර්තාවක් පෙන්වා දෙයි

පිළිගත් ප්‍රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබද කරන ලද දීප ව්‍යාප්ත අධ්‍යනයක  සඳහන් වේ. පිටු 863කින් යුත් එම වාර්තාව පසුගිය දා නිකුත් වුණා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයනය සිදු කිරීමේදී රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් …

Continue Reading

ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ ගින්න පාලනය කරයි

අද (15) දින සවස කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පහත මාලයේ පිහිටි ගොඩනැගිල්ලක හටගත් ගින්න පාලනය කළ බව උපරිමාධිකරණ සංකීර්ණයේ ආරක්ෂක අංශ නිලධාරීන් පවසති. ගිනි නිවන රථ 9ක් මේ සදහා යොදා ගත් බවයි ඔවුන් සදහන් කළේ.. අභ්‍යන්තර විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හදිසියේම ඇති වී ඇති අතර එය දැන ගත් වහාම  කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ ගින්න නිවීම සදහා …

Continue Reading

කොරෝනා පැණිවලට එරෙහිව කොවිඩ් රාජ්‍ය ඇමැතිනිය සටනට බසී

කොවිඩ් 19 පාලනය කිරීම සදහා යොදා ගැනීමට නියමිත කිසියම් ඖෂධයක් හෝ එන්නතක් නිසි සායනික පරික්ෂාවකින් තහවුරු වූ ඒ්වා විය යුතු බවත් එසේ නොවුනහොත් එයින් අත්විය හැකි ප්‍රතිඵල අහිතකර විය හැකි බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි. අමාත්‍යවරිය මේබව සදහන් කලේ කොවිඩ් 19 පාලනය කිරීම සදහා ලෝකයේ …

Continue Reading

Pornhub අසත්‍ය වීඩියෝ පට මිලියන ගණනක් ඉවත් කරයි

වැඩිහිටි වීඩියෝ වෙබ් අඩවිය වන Pornhub සියලුම සත්‍යාපනය නොකළ වීඩියෝ බහුතරයක් ඉවත් කර ඇත. නිව් යෝර්ක් ටයිම්ස් මාධ්‍ය වේදී නිකලස් ක්‍රිස්ටෝෆ්ගේ ගවේෂණාත්මක වාර්තාවක් මගින් අපයෝජන සහ ස්ත්‍රී දූෂණ ආශ්‍රිත වීඩියෝ පටවලින් Pornhub වෙබ් අඩවිය “පිරිපවතින” බවට චෝදනා කර තිබුණි. නව පියවර ගැන සටහනක් තබමින් පෝර්න්හබ් පවසන්නේ එහි නව ක්‍රියාමාර්ග දැන් ඕනෑම සමාජ මාධ්‍ය වේදිකාවකට වඩා දැඩි බවයි. ‘‘මෙම පියවරෙන් අදහස් …

Continue Reading

මාළු ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්නද?

මාළු සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස අපි දනිමු, නමුත් ගර්භනී කාන්තාවන්ට නම් මාළු පරිභෝජනය සීමා කරන ලෙස කියනු ලැබේ. මාළු ආහාරයට ගැනීමෙන් ඇති වන සෞඛ්‍යමය ප්‍රතිලාභ එහි අවදානම ඉක්මවා යනවාද? මේ පසුගිය කාලය තුළ ඒ පිළිබදව ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ පර්යේෂණ පදනම් කරගත් විශේෂඥ වාර්තාවකි. අපට ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරවලින් එකක් ලෙස මාළුවලට අභියෝගයකින් තොර කීර්තියක් ඇත. නමුත් ශාක පදනම් කරගත් …

Continue Reading

කෑගල්ලේ පැණිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ 10කටත් කොරෝනා

මේ වනවිට මහත් කතාබහට ලක්ව ඇති ”කෑගල්ල පැණියේ‘ පළමු සහ දෙවැනි පරීක්ෂණ සිදුකළ බව කියන වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී තිබේ. කෑගල්ල පැණියේ පළමු සහ දෙවැනි පරීක්ෂණය සඳහා යොදාගෙන තිබුණේද මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන් පිරිසකි. වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු, සෞඛ්‍ය කාර්ය සහයකයින් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු …

Continue Reading

මීළග ජනපති ට්‍රම්ප් ද ? බිඩෙන් ද ? තීරණාත්මක තීන්දුව අද !

එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා කෙලින්ම තෝරාගනු ලබන්නේ ඡන්දදායකයින් විසින් නොව මැතිවරණ විද්‍යාලය විසිනි එක්සත් ජනපද මැතිවරණ විද්‍යාලයේ US electoral college සාමාජිකයින් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කර ඇත්තේ ජෝ බිඩෙන් නිල වශයෙන් ජනාධිපති තේරී පත් වූ අයෙකු ලෙසයි. රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද 232 ට ඡන්ද 306 ක් ලබා ගනිමින් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බිඩෙන් පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනතිවරණය ජය ගත්තේය. එක්සත් ජනපද …

Continue Reading

එංගලන්තයෙන් COVID-19 ‘නව ප්‍රභේදයක්’ හඳුනාගනී

කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් එංගලන්තයේ සමහර ප්‍රදේශවල වේගයෙන් වර්ධනය වන බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවසා තිබේ. සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් Matt Hancock පැවසුවේ අවම වශයෙන් විවිධ පළාත් පාලන ආයතන 60 ක් වත් නව ප්‍රභේදය නිසා කෝවිඩ් ආසාදන වාර්තා කර ඇති බවයි. නව වෛරස් ප්‍ර භේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දන්වා ඇති බවත් එක්සත් රාජධානියේ විද්‍යාඥයින් ඒ …

Continue Reading

මහර ගැටුමට මුල පොලිස්පති මගේ උපදෙස් නොතකා හැරීමයි – නීතිපති

බන්ධනාගාරය තුළ සිරකරුවන් අඩු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මාර්ගෝපදේශ සහ උපදෙස් අවස්ථා දෙකකදී තමන් විසින් පොලිස්පතිවරයාට ලබාදුන් බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පැවසුවේය. අද (14) දින නව නීතිපති දෙපාර්තමේන්තු කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නීතිපතිවරයා මේ බව සඳහන් කළ අතර එහි දී නීතිපතිවරයා කියා සිටියේ තමා විසින් ලබා දුන් එම උපදෙස් ක්‍රියාත්මක වුයේ නම් මහර බන්ධනාගාර ගැටුම සිදුනොවීමට …

Continue Reading