කොවිඩ් 19 එන්නත් ලංකාවට ලබාදීම ගැන WHO නියෝජිතයින් සමග සාකච්ඡා

ශ්‍රී ලංකාව තුළ ඉතා සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර ඒ හරහා මෙරට ජනතාවගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ මට්ටමක පැවැති බවත් නැවත එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබදව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය හමුවේ අවධාරණය කළාය. රාජ්‍ය අමාත්‍යවරිය …

Continue Reading

සංචාරක කර්මාන්තය ගොඩනගන්න ක්‍රමවත් සෞඛ්‍ය මෙහෙයුමක්

කොවිඩ් 19 තත්වය සමග විවෘතව පවතින රටතුළ සංචාරක ව්‍යාපාරය නැවත පණගැන්වීමට අවශ්‍ය සෞඛ්‍ය වටපිටාව වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සෞඛ්‍ය බලධාරීන්ට අද (18) උපදෙස් දෙනු ලැබුවාය. කොවිඩ් 19 හේතුවෙන් බිදවැටී ඇති සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීම මේ මොහොතේ සිදුකල යුතු කාර්යක් බවත් ඒ …

Continue Reading

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එක්සත් ජනපද න්‍යෂ්ටික අවි කළමනාකරණය කිරීමේ වගකීම මෙම දෙපාර්තමේන්තුව සතු වන නමුත් අවි ගබඩාවේ ආරක්ෂාව අඩාල වී නොමැති බවයි බලශක්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. මයික්‍රොසොෆ්ට් සමාගම බ්‍රහස්පතින්දා (17) කියා සිටියේ තම පද්ධතිවල අනිෂ්ට මෘදුකාංග malicious software සොයාගෙන ඇති බවයි. බොහෝ දෙනා සැක කරන්නේ රුසියානු රජය ඊට වගකිව යුතු බවයි. එහෙත් එම චෝදනාව රුසියාව විසින් තරයේ …

Continue Reading

බස්නාහිර පළාතෙන් පිටවන මගීන් කොවිඩ්-19 රැපිඩ් ඇන්ටිජන් සහ අහඹූ නියැදි පරීක්ෂාවට

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතෙන් අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ගමන් ගන්නා වූ ජනතාවගෙන් කොවිඩ් – 19 අහඹූ නියැදියන් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද දින (18) සිට සිදු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.  සංචාරක ජනතාවගෙන් පිටපළාත්වලට වෛරසය පැතිරීමේ වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා …

Continue Reading

වැළඳ ගැනීමෙන් හිමිවන සෞඛ්‍ය ප්‍රතිලාභ

‘වැළඳගැනීම – Hug‘ අතිෂය ආදරණීය සහ උණුසුම් අත්දැකීමක් බව අපි කවුරුත් දන්නවා. මේ වසංගත සමයේ සෞඛ්‍යාරක්ෂාව වඩාත්ම වැදගත් හා ප්‍රමුඛතම කරුණ වන නිසා ඊටත් අගුළු වැටී තිබෙනවා. ඒ ගැන අපි කිසිවෙකුට ගැටලුවක් නැහැ. මොකද වඩාත් ම වැදගත් කොවිඩ්-19 වසංගය පිටුදැකීමයි. ‘වැළඳගැනීම‘ සහ එයින් ඇතිවන සෞඛ්‍ය හා සමාජයීය ප්‍රතිලාභ ගැන ලෝකය පුරා නිරන්තරයෙන් අධ්‍යයන සිදුවෙනවා. මේ පිළිබද අධ්‍යයනය කළ විශේෂඥයින්ට අනුව …

Continue Reading

ඔන්ලයින් අධ්‍යාපනය නිසා ‘දෘෂ්ටි රෝගවලට ලක්වන’ දරුවන්ගේ ඉහළ වර්ධනයක්

කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වී තිබීම නිසා දිනකට දෘෂ්ටි රෝගාබාධ වලට ලක් වු පාසල් දරුවන් විසි තිස් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලේ අක්ෂී සායනය වෙත පැමිණෙන බව එම රෝහලේ අක්ෂී ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා පැවසීය. එම නිසා අඛණ්ඩව පරිගනකයේ හෝ ජංගම දුරකතනයේ තිරය දෙස නොබලන ලෙසත් මිනිත්තු 20 න් 20 ට අඩුම …

Continue Reading

2020 වසරේ හොඳම ජාත්‍යන්තර චිත්‍රපට 16

2020 වසර ලෝකයට කිසිසේත්ම සුබදායක වසරක් වුණේ නැහැ. ඒ ඇයි කියලා ඔබට අමුතුවෙන් කියන්නත් අවශ්‍ය නැහැ. ඔබ ඒ ගැන දන්නවා. මේ අවාසනාව හැම ක්ෂේත්‍රයකටම දැඩිව බලපාෑවා වගේම චිත්‍රපට කර්මාන්තයටත් දැඩි බලපෑමක් කළා. ඒ ගැනත් ඔබ දන්නවා. එහෙත් මේ අවාසනාවන්ත තත්ත්වය මැද පවා ලෝකය පුරා චිත්‍රපට ප්‍රදර්ශනය වුණා. විශේෂයෙන් ඩිජිටල් අවකාශය තුළ. මේ නිසා වෙන වසරවල මෙන් දැවැන්ත රැල්ලක් නොවුණත් 2020 …

Continue Reading

ලෝකයේ කැතම Orchid මලේ සුන්දර කතාව

“ලෝකයේ කැතම ඕකිඩ් – ugliest orchid in the world”” සහ බ්‍රිතාන්‍ය හතු –  British mushrooms 2020 දී රාජකීය උද්භිද උද්‍යානයේ (Royal Botanic Gardens -Kew) විද්‍යාඥයින් විසින් නම් කරන ලද නව විශේෂ ලැයිස්තුවට එක්කර ඇත. ප්‍රවීණයන් පවසන්නේ “අමුතු හා පුදුමාකාර – weird and wonderful” ශාක හා දිලීර තවමත් සොයාගත හැකි හා ලේඛනගත කර ඇති විශේෂවල ඇදහිය නොහැකි විවිධත්වය ඉස්මතු කරන බවයි. නව …

Continue Reading

ප්‍රංශ ජනපතිට කොවිඩ්: යුරෝපා නායකයින් රැසක් ස්වයං නිරෝධානයට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසුව යුරෝපීය නායකයින් පිරිසක් ස්වයං හුදෙකලා වී සිටිති. 42 හැවිරිදි මැක්‍රොන් මහතා දුරස්ථව වැඩ කරමින් දින හතක් ස්වයං හුදෙකලා වන බව එලිසි මාලිගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ප්‍රංශ ජනාධිපතිවරයා මෑත දිනවල යුරෝපා සංගම් සමුළුවක් ඇතුළු ඉහළ පෙළේ සිදුවීම් රැසකට සහභාගී විය. ඔහුගේ රෝග විනිශ්චයෙන් පසුව ස්පාඤ්ඤ අගමැති ඇතුළු …

Continue Reading

පැණිය දුන්නේ කාලිමෑණියෝ කිව්ව ගමන් ඕමල්පේ හිමිගේ විශ්වාසේ බිදුණලු !

දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාර නොකරන්නේ නම්  හා දේශීය වෛද්‍ය ක්‍රමය පිළිනොගන්නේ නම් බදු මුදල් ගෙවමින් පවත්වා ගෙන යන දේශීය වෛද්‍ය විද්‍යාල හා දේශීය වෛද්‍ය ක්‍රමය උගන්වන විශ්ව විද්‍යාල වසා දමන්නැයි ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ අද (17) පැවති ජාතික විද්වත් සංඝ සභාවේ මාධ්‍ය හමුවේදී …

Continue Reading