නව වසරේ කෘෂිකර්මාන්තය සහ ගොවියා සුරක්ෂිත කිරීමට නව තීන්දු රැසක්

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විදේශ ආධාර හා ණය ව්‍යාපෘතිවල ප්‍රගතිය හා 2021 වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ විදේශ ආධාර ව්‍යාපෘතිවල ප්‍රධානීන්, ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ. විදේශ ආධාර හා ණය ව්‍යපෘති මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව සමඟ නිසි …

Continue Reading

ජපානය සුපිරිසිදු රටක් වුණේ බුදු දහමේ බලපෑම නිසාද ?

දරු දැරියෝ සිය පොත් උරබෑග මේස මත තබා පංති කාමරයේ හිඳ සිටිති. පොත පතට යටවුණු දිගු දිනක අග නිවෙස් බලා යාමට නොඉවසිල්ලෙන් පසුවෙති. සිය ගුරුවරයා විසින් පසුදින කාල සටහන පිළිබඳ කරනු ලබන නිවේදන දරුදැරියෝ සාවදානව අසා සිටිති. ඉන් පසු සුපුරුදු ලෙස ගුරුවරයාගේ අවසන් වචන ඊට එක් වේ: ” හරි දැන් අදට නියමිත පිරිසිදු කිරීමේ පවරුමයි. පළවෙනි පේළිය සහ දෙවෙනි පේළිය …

Continue Reading

දෙවැනි ටෙස්ට් තරගය ගැන දිමුත් කරුණාරත්නගේ හෙළිදරව්ව

2021 වසරේ උදාවත් සමඟ ශ්‍රී ලංකාව මෙන්ම දකුණු අප්‍රිකාව සහභාගිවන පළමු ටෙස්ට් තරගය අද (03 දා) ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩා පිටියේදී ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් ජය ගැනීමට සමත්වීමත් සමඟ තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින සත්කාරක පිල ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් තරගයට අවතීර්ණ වද්දී සංචාරක ශ්‍රී ලංකා පිල හෙට තරගය ජය ගනිමින් ජය පැරදුමෙන් …

Continue Reading

සේනා දළඹුවා ගැන පරීක්ෂණ කරන්න රුවන්ඩාවෙන් විද්‍යාඥයෝ පිරිසක් එති

ශ්‍රී ලංකාවේ බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතරේ සීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට රුවන්ඩාවෙන් විද්‍යාඥයන් 06 දෙනෙකුගෙන් සමන්විත  පිරිසක් පැමිණි බවත් , ඔවුන්ට තම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වූ බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය. මෙම රුවන්ඩා විද්‍යාඥයන් පිරිස සේනා දළඹුවන් …

Continue Reading

කොවිඩ්-19 පාලනයට දිස්ත්‍රික් මට්ටමින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 25ක්

කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත්  කිරීම සදහා දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු පත්කර ඇති බව බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර්  චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිල යුද හමුදාපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින්  අද (01) සිට   බලපැවැත්වෙන  පරිදි …

Continue Reading

කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය: ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්ථාවරය

COVID-19 සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති 85,000 කට අධික විද්‍යාත්මක වාර්තා අතර මළ සිරුරක් හරහා වෛරසය සම්ප්‍රේෂණය වීමක් පිළිබඳ එකදු සිද්ධියක්වත් වාර්තා වී නොමැත Covid-19 ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් කොරෝනාවෛරසය පැතිරෙන බවට ප්‍රබල සාක්ෂි නොමැති අතර, දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි සහ ගෝලීය මාර්ගෝපදේශ අනුව යමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලබන දැඩි මාර්ගෝපදේශ අනුව ශ්‍රී …

Continue Reading

ජපානයේ උපත් අනුපාතය ඉහළ දමන්න ආණ්ඩුවෙන් ගත් අපූරු පියවර

ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන උපත් අනුපාතිකය ඉහළ දැමීම සඳහා ජපානයේ තරුණ තරුණියන්ට මඟුල් කපුකම් කිරීමට කෘත්‍රිම බුද්ධියේ සහාය ලබා දීමේ යෝජනා ක්‍රමයක් ජපන් රජය දියත් කර තිබේ. ජපානයේ වැසියන්ට සිය ආදරය සොයා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධියේ ආධාරය ලබා ගනිමින් වැඩසටහන් දියත් කරන පළාත් පාලන ආයතනවලට ලබන වසරේ පටන් සහනාධාර ලබා දීමට ජපන් රජය තීරණය කළේය. ජපානයේ උපත ලබන දරුවන්ගේ ප්‍රමාණය …

Continue Reading

Covid-19: මරණ 4ක් සමග නව ආසාදිතයින් 555ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ 04ක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (01) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ අතර අද දින ප.ව 20.25ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වන්නේ …

Continue Reading

දෙසැම්බර් මාසයේදී උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී 4.2%ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී …

Continue Reading

ඔක්ස්ෆර්ඩ් එන්නත දොරට වඩියි: එන්නත දීම සඳුදා සිට අරඹයි

‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා’ එන්නත එරට කෝවිඩ් වෛරසයට එරෙහිව භාවිතය සඳහා අනුමැතිය ලද දෙවැනි එන්නත බවට පත්වෙයි. කෝවිඩ්-19 වෛරසයට එරෙහිව ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිර්මාණය කරන ලද එන්නත එක්සත් රාජධානියෙහි මහජනතාව වෙනුවෙන් ලබාදීමට අනුමැතිය ලැබී ඇත. ‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා’ (Oxford-AstraZeneca) යනුවෙන් නම්කරනු ලැබ ඇති එම එන්නත මහජනයාට ලබාදීම ලබන සඳුදා ආරම්භ කිරීමට නියමිතය. මේවනවිට එක්සත් රාජධානියේ කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළයමින් පවතින අතරවාරයේ එම එන්නත ලබාදීම …

Continue Reading