Covid-19 Today Hot: රත්නපුර ප්‍රදේශයෙන් කො‍රෝනා මරණ 2ක්

Covid-19 ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (4) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 215 කි. මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි සහ 86 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි. මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (4) පස්වරු 8.35 වනවිට එක්වූ ආසාදිතයන් 277 දෙනාත් සමග දිනයේ …

Continue Reading

ජනවාරියේදී කොප් කමිටුව හමුවට රාජ්‍ය ආයතන 05ක් කැඳවයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( COPE ) ජනවාරි මස තුළ දී  රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. එලෙස කැඳවා ඇති ආයතන අතර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල, ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව, පොල් සංවර්ධන අධිකාරිය ද වේ. කෝවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනවාරි මස …

Continue Reading

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ කිරීම‍ට සියලු කටයුතු සූදානම්

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) සිට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සම්පාදනය කර ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් අහඹු ලෙස තෝරා ගත් අයවලුන් සඳහා පී සී …

Continue Reading

ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ශ්‍රී ලංකාවට

තෙදින සංචාරයක් සදහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා හෙට (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.  2021 වසරේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පළමු විදේශ සංචාරය මෙය …

Continue Reading

ලොක්ඩවුන් නැති බස්නාහිර පළාතේ පාසැල් වල 11 ශ්‍රේණිය ගැන තීන්දුවක්

බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 වන ශ්‍රේණිය සඳහා ලබන 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. මාර්තු මාසයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ.

Continue Reading

Covid -19 මෘතදේහ භූමදානය ගැන ‘විශේෂඥ කමිටුව’ සිය නිර්දේශ ලබා දෙයි

වෛරස් වලට ශරීරය තුළ එක් වර ප්‍රතිනිර්මාණයක් කළ නොහැක. ආසාදිත පුද්ගලයා මිය ගිය පසුව ශරීරයේ ජීව සෛල නොමැති බැවින් ඉතිරිව ඇති වෛරසය පුද්ගලයෙකුගේ මරණයත් සමඟ යම් කාලයක් තුළදී මිය යයි. SARS-Cov-2 වෛරස් ආසාදනය ජලයෙන් බෝවන රෝගයක් නොවේ,” යනුවෙන් ද මෙම වාර්තාවේ සඳහන් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද 11 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුව, ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 වෛරසය …

Continue Reading

SL v SA Test: තරගයේ පාලනය දකුණු අප්‍රිකානුවන් අතට

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි වොන්ඩරස් ක්‍රීඩාංගණයේ අද (03 දා) ආරම්භවු ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේදී ලබාගත් ලකුණු 157ට පිළිතුරු ලෙස පළමු දිනට ක්‍රීඩාව නතර කර දමනා විට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ කඩුල්ලක් දැවී ලකුණු 148 ක් ලබා සිටියේය. දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් පන්දු 119 කදී හතරේ පහර 16 ක් සමඟින් ලකුණු …

Continue Reading

පොළොන්නරු – සීගිරි යන්න ඉන්න දේශීය සංචාරකයින්ට නිවේදනයක්

මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්ක්‍රේන ජාතික සංචාරකයින් පිරිස සංචාරය කිරීමට නියමිත ස්ථාන කිහිපයක් හෙට (04) සහ අනාදිදා (05) දේශීය සංචාරකයින්ට විවෘත නොකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (04) දින පස්වරු 1.00න් පසුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාල අංක 02 සහ ආලාභ පිරිවෙණ සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක …

Continue Reading

හෙට උදෑසන සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හෙට (04) අලුයම 5.00 සිට හුදකලා බව ඉවත් කිරීමට තීරණය කරඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ හෙට (04) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ පහතින් දැක්වේ. මෝදර පොලිස් වසම කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාමනිලධාරී වසම කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසම බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාමනිලධාරී වසම මිරිහාන …

Continue Reading

ශ්‍රී ලාංකිකයන් 68,000ක් මවුබිමට ඒමට නොහැකිව කොටුවෙලා

වර්තමානයේ පවතින දැවැන්තම අභියෝගයන්ගෙන් එකක් වන ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව අඛණ්ඩව සිදු කරන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.  විදේශයන්හි අගුලු දැමීම්, හුදකලා කිරීම්, ඇඳිරි නීතිය සහ ගුවන් අවකාශය වසා දැමීම් මධ්‍යයේ වුවද විදේශයන්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනිමට විදේශ අමාත්‍යංශය පෙරමුණ ගෙන සිටින බවද, මෙරටට …

Continue Reading