පොහොට්ටුවෙන් ඉල්ලූ ‘ශ්‍රීලනිප 15ක් ජයග්‍රහණය’ කරලා

මෙවර මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලැබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්ෂකයින් 15 දෙනෙකු මන්ත‍්‍රී ධුර දිනාගෙන තිබෙනවා. ඒ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තාගත මනාප සංඛ්‍යාවක් දිනාගත් අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි මනාප ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත් වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වැටුණු …

Continue Reading

අගමැති අනිද්දා දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ලබන 09 වනදා, ඉරිදා දිවුරුම් දීමට නියමිත බවත් ඓතිහාසික කැළණිය රජ මහා විහාරස්ථානයේ දී උදෑසන 08.30ට දිවුරුම් දීම සිදු කිරීමට නියමිත බවත් වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දෙන්නේ සිදුවන වරට වීම විශේෂත්වයකි. මීට පෙර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද සිවු වරක් අග්‍රාමාධ්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

Continue Reading

පොහොට්ටුවට ගාල්ලෙන් අති විශිෂ්ඨ ජයක් – UNP හා JJB සේදී යයි

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ අනුව දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන 7/9 ක් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගත්තා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 430, 334ක් ලබාගත් අතර සමගි ජන බලවේගය ඡන්ද 115,456ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 29,963ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18968ක් ලබාගත්තේය. ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි …

Continue Reading

71%ක් ඡන්ද ප්‍රකාශ කරයි – වැඩිම ප්‍රතිශය නුවරඑළියෙන්

අද (05) දින පැවැති මහ මැතිවරණයේදී 71%ක ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි ඡන්ද වීමසීම නිමාවීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ අද (05) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එය75%ක්. බදුල්ල, ත්‍රිකුණාමලය, මොනරාගල යන දිස්ත්‍රික්කවලින් 74%ක ප්‍රතිශතයක් වාර්තා වුණා. අවම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් …

Continue Reading

සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන්ට මැ.කොගෙන් ‘නිවේදනයක්’

ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා, ඡායාරූපගත කර හා වීඩියෝගත කර සමාජ ජාල ඔස්සේ මුදාහැරීමට ඇතැම් ඡන්ද දායකයින් විසින් කටයුතු කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එසේ කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බැවින් එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස සියලු සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන් …

Continue Reading

80 – 85%ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව මැ.කො කියයි

ශ්‍රී ලංකාවේ 09 වෙනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරා පත් කරගනුවස් පැවැත්වෙන මහ මැතිවරණය අද (අගෝස්තු 05) උදෑසන 7:00 ට ආරම්භ වූ අතර එය පස්වරු 05.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ඡන්ද දායකයින් 16,263,885 ක් සුදුසුකම් ලබා සිටින අතර. මහ මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 7,452ක්. …

Continue Reading

නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා රැස් වෙයි

අගෝස්තු 05 බදාදා මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවනු ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මේ තීරණය ගෙන තිබේ. ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට පත් කෙරිණ.

Continue Reading

කොවිඩ්-19 අවධානමක් නෑ – බය නැතුව ඡන්ද මධ්‍යස්ථානයට යන්න !

කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක කොවිඩ්-19 අවධානමක් නොමැති බවත්, මහ නගර සභා නගර සභා හා ප‍්‍රාදේශීය සභාවල සහාය ලබාගෙන සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ අද (03) සහ හෙට (04) යන දිනයන්හිදී සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමට පියවර ගන්නා බවත් මැතිවරණ කොමිෂම පවසනවා.   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට දැනුම් දී ඇති ආකාරයට ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන ගොඩනැඟිලි …

Continue Reading

වේලක් කන්න පොහොට්ටුවට දෙන්න – තුන් වේලම කන්න අලියට දෙන්න – රනිල්

සහෝදරයින් දෙදෙනකුට බලය දී එක් වේලක් කනවාද ? තුන් වේලම කන්න එක්සත් ජාතික පක්ෂයට බලය දෙනවාද යන්න ජනතාව අගෝස්තු 05 වැනිදා තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා අද (02) ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශාලාවේ සංවිධානය කර තිබූ ජනහමුවේදී එජාප නායකයා මේ බව සදහන් …

Continue Reading

වැඩක් කිරීමට සූදානම් ජනපතිට ‘වැඩක් කළ හැකි කණ්ඩායමක්’ ලබා දෙන ලෙස අගමැති ඉල්ලයි

හැට නව ලක්ෂයක් ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන කණ්ඩායමක් මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. වැඩක් කිරීමට සූදානමින් සිටින ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ වැඩක් කළ හැකි ඒ පිළිබද අවබෝධයක් ඇති කණ්ඩායමක් බවට අගමැතිවරයා මෙහිදී සදහන් කළේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ …

Continue Reading