රනිල් පක්ෂ නායකත්වයෙන් පමණක් නොව ‘දේශපාලනයෙන් ද විශ්‍රාම යා යුතුයි’
එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා වහාම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට පැවරිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ කරුණ කණ්ඩායම සහ වෘත්තීය සංවිධාන අවධාරණය කරති. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය මහ මැතිවරණයේදී ජාතික වශයෙන් සියයට 3ක් හෝ ලබාගත නොහැකි වූ එජාප නායකයා ඉදිරි පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්න වහාම පැහැදිලි කළ යුතු …
Continue Reading
අගමැති අභිනව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට සුභ පැතුම් එක් කරයි
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අද (18) දින සිය රාජකාරී ආරම්භ කළ නාමල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුභ පැතුම් එක් කරන ලදී. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය. රාජකාරී භාර ගැනීමට පෙර ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ …
Continue Reading
19 කාටුගා 20 ගේන යෝජනාව මංගල කැබිනට් මණ්ඩලයට – විපක්ෂය විරුද්ධයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කෙරෙන 20 වන සංශෝධනයට අදාළ යෝජනාව මේ සතියේ පැවැත්වෙන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය ලබන මස අග සතිය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි රජය පවසන්නේ. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සතියේ පැවැත්වෙන නව රජයේ මංගල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. එය අමාත්‍ය මණ්ඩලයේ සම්මත …
Continue Reading
පළාත් ඡන්දෙ තෙක් දිනලා මිස හෙණ්ඩුව බිම නොතියන බව රනිල් කියයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන පළාත් සභා මැතිවරණය තෙක් පක්ෂ නායකත්වය දරනු ඇති බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. එජාප මහ ලේකම්වරයා කියන්නේ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්වනු ඇති බවයි. එජාප මහ ලේකම්වරයා මෙසේද කීවේය. ‘පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඊයේ (15) සිරිකොත මූලස්ථානයේ පැවැති සාකච්ඡාවේදී නායකතුමා තම ස්ථාවරය පැහැදිලි කළා. …
Continue Reading
වියතුන්ගේ කරෙන් බලයට ආවත් කැබිනට් එකේ වියතුන් කිසිවෙක් නෑ – හර්ෂ ද සිල්වා
වියත් මග සහ වත්මන් ජනාධිපතිවරයා විවිධ අවස්ථාවලදී තොරතුරු තාක්ෂණය ගැන බොහෝ දේ කතා කළත් වත්මන් අමාත්‍ය මණ්ඩලය තුළ තොරතුරු තාක්ෂණ කර්මාන්තය හා සම්බන්ධ අමාත්‍යවරයෙක් හෝ අවම වශයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් හෝ පත්කිරීමට පියවර ගෙන නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ …
Continue Reading
ශාසනික සේවය පසෙකලා ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනකට අරගල කරනවා – අගමැති
ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු අසුනක් වෙනුවෙන් අරගල කරන විට අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ සුවිශාල ශාසනික මෙහෙවරක් ඉටුකරමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ සිදුකෙරුණ අතර එම අවස්ථාවේ අගමැතිවරයා මේ බව සදහන් කළේය. වසර 200කට අධික කාලයක් ස්ථිර ලිපියනයක් සහිත මධ්‍යස්ථානයක් …
Continue Reading
නැවත කියමි – “මෙහෙම යා නොහැක”
-
RSL
-
August 15, 2020
-
දේශපාලන, මතවාද
-
featured
-
0 Comments
කාට ඡන්දය දුන්නත් එක යැයි මැතිවරණ සමයේ මගෙන් ඡන්දය ගැන ඇසූවන්ට මම කීවෙමි. “කාටවත් කිසිම ප්‍රශ්නයකට උත්තර නැහැ.” මම එයට හේතු දැක්වූයෙමි. කෝවිඞ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් සිව් මසකට ආසන්න කාලයක් ප්‍රමාද වූ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් විය. අමාත්‍ය මණ්ඩලයත් රාජ්‍ය අමාත්‍යවරුනුත් ආණ්ඩුවේ දේශපාලන දිස්ත්‍රික් සම්බන්ධිකාරකයිනුත් පත්කර දිවුරුම් දී තනතුරු බාර ගෙනද අවසන්ව ඇත. සමාජ මාධ්‍ය ජාලවල ඒ සමග විශේෂයෙන් රාජ්‍ය ඇමති ලේඛනය …
Continue Reading
රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතියේ පළමු නැගීම
-
RSL
-
August 14, 2020
-
දේශපාලන, මතවාද
-
featured
-
0 Comments
කෙසේ වුවද, ලාංකීය දේශපාලනයේ එක් යුගයක් දැන් අවසන්ව ඇති අතර නව යුගයක් ආරම්භ වෙමින් ඇත. මා “රාවය”ට ලියන ලිපි පෙළේ ඊළඟ අදියර එම නව යුගය තේරුම් ගැනීම සඳහා දැරෙන පොදු බුද්ධිමය ප්‍රයත්නයට කිසියම් හෝ දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කරමි. පසුගිය ජනාධිපතිවරණයට පෙර පටන් මා “රාවය” පුවත්පතට ලියූ ලිපි මාලාව තුළ දිගින් දිගටම අවධාරණය කළ යමක් වී නම්, ඒ මෙයයි: ‘ලොව …
Continue Reading
රනිල් පාර්ලිමේන්තුවට – කරු එජාප මුල් පුටුවට
එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට සූදානමක් ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨයෙක් අප සමග පැවසුවේය. ඔහු සදහන් කළේ පසුගිය මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ තම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඇතිවී ඇති බරපතළ අර්බුදයට එකම විසදුම රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම බවයි. ‘මේක පක්ෂය තුළ යළිත් අර්බුදයක් ඇතිවීමට හේතු වී …
Continue Reading
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මැකොට
සමගි ජන බලවේගය විසින් තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 07 දෙනා නම්කර අදාළ නම් අද (13) පස්වරුවේදී මැතිවරණ කොමිෂම වෙත භාර දී තිබෙනවා. සමගි ජන බලවේගය විසින් ජාතික ලැයිස්තුවට නම්කර ඇත්තේ, පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, ඉමිටියාස් බාකීර් මාකාර්, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ මහත්මියයි.
Continue Reading