ගම්වදින වන අලි කැලෑ වදින ක්‍රමවේදයක් හදන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දෙන වන අලි ගම් වැදීමේ ගැටළුව වසර 40කට ආසන්න කාලයක් සාකච්ඡාවට ලක් වෙයි. විවිධ විසඳුම් ක්‍රියාත්මක කළ ද ගැටළුව විසඳී නැත. මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථීර විසඳුම් …

Continue Reading

පාර්ලිමේන්තුව හෙට රැස් වේ – රජයේ අතුරු සම්මත ගිණුම විවාදයට

සැප්තැම්බර් 01 වැනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති, අතුරු සම්මත ගිණුම හෙට (27) සහ අනිද්දා (28) පාර්ලිමේන්තුවේදී  විවාදයට ගැනේ. එමෙන්ම දේශීය භාණ්ඩාගාර බිල්පත් අඥා පනතේ 2 (1) වගන්තියට අනුව රුපියල් බිලියන 750 කට නොවැඩි මුදලක් භාණ්ඩාගාර බිල්පත් නිකුතුව …

Continue Reading

‘කරුට ගහන මඩවලට’ කරුගේ මාධ්‍ය ඒකකයෙන් පිළිතුරු

හිටපු කතානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සූදානම් බව නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමත් සමග ඒ මහතාට එරෙහිව එජාපයේම ඇතැම් පිරිස් විසින් එල්ල කරන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය විසින් අද (26) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය, මාධ්‍ය නිවේදනයයි. එක්සත් ජාතික පක්ෂය මුහුණ …

Continue Reading

සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් දේශපාලනීකරණයෙන් මුදා ගත යුතුයි – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

ගෙවී ගිය වසර පහ තුළ දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් ඉන් මුදා ගනිමින් එහි සැබෑ අරමුණු කරා ළගා කරවීම රජයේ අපේක්ෂාව බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ දරීද්‍රතා මට්ටම නොව, සහය දක්වන දේශපාලන පක්ෂය සමෘද්ධි සහනාධාර …

Continue Reading

ජනතාව අපේක්ෂා කරන ව්‍යවස්ථා වෙනසට පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකළා එක් වන්න

දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාව අපේක්ෂා කරන දැවැන්ත ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකළා එක්වන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින  පාර්ලිමේන්තුවේ සියලු නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. 9 වන පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවාධාරණය කළේය. පාර්ලිමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කළ “පාර්ලිමේන්තු …

Continue Reading

චොකා මල්ලිට – පිල්ලෙයාන්ට මැති සබේ දොර වසයි ?

09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් අද (25) සහ හෙ (26) පැවැත්වෙන වැඩමුළුව සඳහා සහභාගීවීමට සිරගතව සිටින පේ‍්‍රමලාල් ජයසේකර මන්ත‍්‍රීවරයාට සහ සිවනේසතුරේ චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ට ඉඩ නොලැබෙන බව පාර්ලිමේන්තුවේ චේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පවසයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රිමාන්ඞ් භාරයේ පසුවන මන්ත‍්‍රීවරයෙකුට ඇත්තේ පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගී වීමේ වරප‍්‍රසාදය පමණක් බවයි. ‘පේ‍්‍රමලාල් ජයසේකර …

Continue Reading

20 වැනි සංශෝධනයෙන් නාමල් සහ බැසිල් ගොඩ – නිල ප‍්‍රකාශය ජී.එල් කියයි

ජනාධිපති ධුරයට තරග කළ හැකි වයස් සීමාව යළි අවුරුදු 32 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප‍්‍රකාශ කරයි. ඊයේ (24) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධුරයට තරග කළ හැකි වයස් සීමාව අවුරුදු 35 දක්වා වැඩි කළා. 20 වැනි ව්‍යවස්ථා …

Continue Reading

ව්‍යවස්ථා සංශෝධන හරහා උප අගමැතිකම් නෑ – ජී.එල්. අවධාරණය කරයි

ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා උප අගමැති ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ආණ්ඩුව විසින් තවමත් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. මෙහිදී අධ්‍යාපන ඇමැති ජී.එල්.පීරිස් මහතා වැඩිදුරට පවසා සිටියේ, ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ඕනෑම …

Continue Reading

සමෘද්ධිය දුගී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්න – ජනපති

සමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. දුගීකම සහ සමාජ අසමානතාව අවම කළ හැක්කේ අඩු ආදායම්ලාභීන්ට නව ආදායම් මාර්ග විවෘත කර ඔවුන් වැඩි ආදායම්ලාභීන් කිරීමෙනි. එම නිසා දරිද්‍රතාව තුරන් කිරීමට ප්‍රමුඛතාව දෙමින් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. සෑම පවුලකම ආදායම වැඩි කිරීම, ග්‍රාමීය …

Continue Reading

එජාප නායකත්වය භාර ගැනීමට කරු සූදානම්!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා කියයි. අද (24) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය මහතා විසින් මේ බව සඳහන් කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. 2020 අගෝස්තු 24 අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමෙහිලා පුරෝගාමී දායකත්වය ලබා දුන් ගෞරවනීය දේශප්‍රේමී සහ ජාතිකවාදී දේශපාලන බලවේගය වූයේ මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් විසින් බිහි …

Continue Reading