මේ සිදුවන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ඉඩම් මංකොල්ලය යි – පා.ම. රෝහිණී කවිරත්න

මාතලේ හතර වටේ තියෙන්නේ අවශේෂ වනාන්තර.  මේවායේ අලි මිනිස් ගැටුම් තියෙනවා. හැබැයි  මාතලේ සාමාන්‍ය මිනිස්සු කවුරුත් අවශේෂ වනාත්නර ටික විනාශ කරන්න 5/2001 චක්‍ර ලේඛනය ඉවත් කරන්න යැයි ඉල්ලුවේ නෑ. මෙහෙම කැලෑ කැපුවොත් මාතලේ විතරයක් නෙවෙයි මධ්‍යම කඳුකරයම විනාශ වෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.  සමගි ජනබලවේගයේ ‘දිනමු‘ වැඩසටහන යටතේ ගාල්ලේ නාගොඩ පැවති රැස්වීමක් ඇමතු  කවිරත්න මහත්මිය තවදුරටත් පැවසූවේ,  ‘‘ගාල්ල, …

Continue Reading

දේශපාලන පළිගැනීම් සොයා බලන කමිටුවේ නව සභාපති අගමැති හමුවෙයි

රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන (2015-2019) කමිටුවේ නව සභාපති ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රමුඛ කමිටු සාමාජිකයන් අද (18) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස මෙයට පෙර මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ අතර එතුමා කථානායක ධූරයට පත්වීමත් සමඟ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පත් කෙරිණි. නව සභාපතිවරයා පත්වීමෙන් …

Continue Reading

ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකටසූදානම් වන්න – ජනපති කියයි

තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම දක්නා මන්දගාමී ක්‍රියාකාරිත්වය කණගාටුවට කරුණක් යයි එතුමා සඳහන් කරයි. කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් හැම දවසකම එකම මට්ටමක තිබීම නිදසුනකැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි. අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළයුතු යයි සඳහන් කළ …

Continue Reading

20න් ඓතිහාසික වාර්තාවක් !

20 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ ‘සෞභාග්‍ය යේ ආණ්ඩුව‘ ‘විගණකාධිපතිගේ බලය අඩු කරන්නට උත්සහ දරපු පළමු ආණ්ඩුව විදිහට  ඉතිහාසයට එක්වෙනවා යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ලෝකයේ කිසිම රටක් විගණකාධිපති ට දුන්න බලයක් නැවත අරගන්නට නීති හදලා නෑ.  ලෝක විගණන ඉතිහාසයේ එහෙම තැනක් හමුවෙන්නේ නෑ.  ප්‍රජාතන්ත්‍රවාදී, කොමියුනිස්ට්, ඒකාධිපති, රාජාණ්ඩුවලවත් විගණන බලය ශක්තිමත් කරනවා හැර, විගණනය බලය අඩු කරන්නට …

Continue Reading

20 කාව හරි විනාශ කරන්න හදපු ‘මඩ බාල්දියක් – රෝහිණී කවිරත්න

 ‘සෞභ්‍යාගයේ ආණ්ඩුවේ‘ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලයට පිටින් ‘මුදල් බලය‘ කියලා වෙනම බල ව්‍යුහයක් ගොඩනැගී තියෙනවා.  තමන්ගේ කැමැත්තට මුදල් වියදම් කරන්නට, නාස්ති කරන්නට තිබෙන ලැදියාව, කෑදරකම කොච්චර ද කියනවා නම්, විගණන කොමිසම ඉවත් කරලා, ප්‍රසම්පාදන කොමිෂන් සභාව වහලා දාලා, රටේ මුදල් වැය කරන හැටි ගැන සොයන්නට, විමසන්නට, පරීක්ෂා කරන්නට තියෙන සියළු මාවත අවහිර කන්නට 20 ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුව උත්සහ කරනවා යැයි …

Continue Reading

20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටුව අගමැතිට වාර්තාව භාර දෙයි

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අලුතින් එක් කළ යුතු හා සංශෝධනය කළ යුතු කරුණු …

Continue Reading

රවී සමග තියුණු සටනකින් රුවන් එජාප නියෝජ්‍ය නායකත්වය දිනා ගනී

අද (14) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පැවති රහස් ඡන්දයකින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත්කර ගෙන තිබෙනවා. එජාප නියෝජ්‍ය නායකත්වය සදහා එජාප උප නායකයා  ලෙස කටයුතු කරන රවී කරුණානායක මහතා ද තරග කළ අතර ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතා ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ …

Continue Reading

රජයේ ඉදිරි ගමනට සහාය වන්නැයි ජනපති වියත්මග වියතුන්ගෙන් ඉල්ලයි

රජයේ ඉදිරි ගමනට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “වියත්මග” සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලා සිටියි. “වියත්මග” විවිධ ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි.  2016 වසරේ අප්‍රේල් මස ඇරඹී “වියත්මග”  ක්‍රියාකාරීත්වය ජනතාවගේ දේශපාලන සමාජ චින්තනයේ ගැඹුරු වෙනසක් ඇතිකිරීමට සමත් විය. දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති …

Continue Reading

20 සංශෝධනයේ කර්තෘ ‘කරුණා – පිල්ලෙයාන්’ මිසක් ව්‍යවස්ථා විශාරදයෙක් වෙන්න බෑ

20 වන ව්‍යවස්ථා සංශෝධනය කරුණා – පිල්ලෙයාන් වගේ මරාගෙන මැරෙන්න පුුරුදු වූ කෙනෙකුගේ වැඩක් මිසක් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා විශාරදයෙකු ගේ නිර්මාණයක් වෙන්න බෑ.  20 සංශෝධනයේ කර් තෘ හැංගිලා.   නීතිය, දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය ගැන හැගීමක්, අවබෝධයක් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන කිසිම ව්‍යවස්ථා විශාරදයෙක් මෙවැනි විනාශකාරී ලියවිල්ලක් සකස් කරන්නේ නැතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. අද (13) නාරාහේන්පිට පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් …

Continue Reading

20 ගැන අධ්‍යයනය කර වාර්තාවක් ගන්න අගමැති කමිටුවක් පත් කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු නියොජිතයින්ගෙන් සමන්විත  කමිටුවක් පත් කරන ලද බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අද (12) දින පස්වරුවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි. කමිටුවට අදාළ සාමාජිකයින් පහත පරිදි වේ. …

Continue Reading