“පුනර්ජනනීයබලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි

සුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විමර්ශනය කරයි. වර්තමාන ලෝකයේ බොහෝ රටවල් විදුලි බල උත්පාදනයේ දී පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීමට නැඹුරු වෙමින් සිටී.  “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරයි. පුනර්ජනනීය …

Continue Reading

Cabinet Hot: ‘අපි පේල් තමයි’ වෙළෙද ඇමති බන්දුල

සටහන – ගජබා නාගහවත්ත කැබිනට් මණ්ඩලය මෙවර ද රැස්වුයේ විඩියෝ තාක්ෂණය ඔස්සේය. මේ සදහා ජනාධිපති ලේකම් කාර්යාලය කලින් සිටම සුදානම් වුයේය. මෙවර කැබිනට් මණ්ඩලයට ඇමතිවරු විඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වුයේ තාක්ෂණ ගැටලු අවම වන පරිදි පූර්ව සුදානමක් ඇතිවය. කැබිනට් මණ්ඩලයේදී රටේ ජීවන වියදම ගැන අවස්ථා කිහිපයකදීම ඇමතිවරුන්ගේ අවධානය යොමු විය. වෙළද ඇමති බන්දුල ඇමති මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුනේ …

Continue Reading

මේ ආණ්ඩුව නටපු නැටුමකුත් නෑ – බෙරේ පළුවකුත් නෑ – එරාන් වික්‍රමරත්න

‘මේ ආණ්ඩුවට දුප්පත් අහිංසක ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන්න බැරුව පමණක් නොවෙයි, හරියට අයවැය ඉදිරිපත් කරන්නත් බැරිවෙලා. දිගින් දිගටම පෙන්නුම් කළ අසාර්ථකත්වය, හංගලා ගැහිලි, නොහැකියාව, වගේ හේතු රැසක් විසින් අවිනිශ්චිත බව සහ සැකය පුරවලා. විශ්වාසය පලවා හැරලා‘ යැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (10) දින පාර්ලිමේන්තුවේදී පැවසීය. අයවැය තෙවනවර කියවීමේදී විවාදයේදී 2021 අයවැය ලේඛනයේ දුර්වලතා සහ ව්‍යාකූල ස්ථාන රැසක් පෙන්වා දුන් වික්‍රමරත්න …

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සමඟ ඔන්ලයින් සාකච්ඡාවක්

පාර්ලිමේන්තුවේ මූලාසනය හෙබවීමේදී අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් සහ තාක්ෂණික විධික්‍රම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ මෙරට මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (08) පැවැත්විනි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා සහ කථානායක ධූරය වෙනුවෙන් මුලසුන හොබවන සාමාජික මන්ත්‍රීවරයන් පිරිසක් මෙලෙස අන්තර්ජාලය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වූහ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාද සහභාගීවූ මෙම සාකච්ඡාවේ අරමුණ …

Continue Reading

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. ලබන වසරේ මුල් පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගනු ලබන කරුණු පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැවත වරක් රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, රජයේ මුදල් කාරක …

Continue Reading

දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව ජනපතිට

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වෙයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද  (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය. 2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, FCID, CID සහ …

Continue Reading

‘වැඩ සමඟ යළි ගමට’ ලබන 14 වැනිදා සිට ක්‍රියාත්මක කරන්න – අගමැති

ග්‍රාමිය සහ අර්ධ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන් හඳුනාගත් ‘වැඩ සමඟ යළි ගමට’ නව ව්‍යාපෘතිය ලබන 14 වැනිදා  සිට රට පුරා  ක්‍රියාත්මක කරන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින උපදෙස් දුන්නේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ මුලසුන හොබවමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශයවල ඇති සැබෑ අවශ්‍යතා හඳුනාගනිමින්  අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක …

Continue Reading

කොමිෂන් සභා 4කට ජනපති යෝජනා කළ නම් පාර්ලිමේන්තු සභාවෙන් අනුමතයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) රැස් වූ පාර්ලිමේන්තු සභාව විසින් කොමිෂන් සභා 4 ක් සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නම් සඳහා අනුමැතිය හිමිවී තිබේ. එසේ අනුමැතිය හිමිවූ කොමිෂන් සභා වන්නේ ජාතික මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් කොමිසම, අල්ලස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස නීතිඥ නිමල් ජී. …

Continue Reading

රනිල්ට සිදුවූයේ කුමක්ද? – වික්ටර් අයිවන්

මට පෙනෙන ආකාරයට පරණ දේශපාලන නායකයන්ට හා එම පක්ෂවලට තිබෙන පිළිගැනීම අහිමි කිරීමේ ක්‍රියාදාමයද ලංකාවේ පරණ යුගය අවසන් කිරීම සඳහා ඉතිහාසය විසින් ක්‍රියාවට නගා තිබෙන ඓතිහාසික ක්‍රියාදාමයට ඇතුළත් දෙයක් ලෙස සැලකිය හැකිය. එජාප නායක රනිල් වික්‍රමසිංහට හා එම පක්ෂයට තිබූ පිළිගැනීම බිඳ වැටීමද එම ක්‍රියාදාමයේම ඵලයක් ලෙස සැලකිය හැකිය. එජාපයට හා එහි නායක රනිල් වික්‍රමසිංහට එම තත්ත්වය උදා කිරීමට දායක …

Continue Reading

බන්ධානාගාරේ භාරව සිටි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කොවිඩ් රාජ්‍ය අමාත්‍ය ධූරයට

පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබ සිටී. නව රාජ්‍ය අමාත්‍යවරිය අද (30) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සිය ධූරයේ දිවුරුම් දුන්නාය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු නව රාජ්‍ය අමාත්‍ය පදවියකි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළම ප්‍රමිතියට …

Continue Reading