ජනපති ගැන ගැටඹේ හිමියන්ගෙන් ‘සංවේදී ලිපියක්’

ගෝඨාභය ජනපතිතුමන්ගේ චින්තනය නිවැරදි වුවත් මෙහි ගමන් මග සිතන තරම් සරල නැතැයි ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියෝ පවසති. මාධ්‍ය වෙත යොමු කළ ලිපියක උන් වහන්සේ සදහන් කරන්නේ තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇති බවට ජනතාව තුළ කුකුසක් පවතින බවයි. ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි …

Continue Reading

ඡන්ද ආරක්ෂා කරගන්නත් ‘පඹයන්’ අවශ්‍ය වෙනවා – ඇමැති ප‍්‍රසන්න

අස්වැන්න ආරක්ෂා කිරීමට කුඹුරේ පඹයන් සිටවන්නාක් මෙන් ඡන්ද ආරක්ෂා කිරීමට ද පඹයන් අවශ්‍ය විය හැකී බවත් නව සන්ධානයේ සභාපතිවරයා පත්කිරීමද එවැනි අරමුණකින් සිදූවූවක් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන  ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. අද සුදනන් ලෙස පෙනී සිටින ඇතැමුන් පොහොට්ටුවෙන් ජයග්‍රහණය කර පාවා දීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව අවධාරණයෙන් කටයුතු කරන්නැ‘යි තමන් …

Continue Reading

එක්සත් ජනපදයේ පුරවැසියන් පතුරුවන බොරු දේශපේ‍්‍රමී ප‍්‍රචාරවලට අහුවෙන්න එපා – ටිල්වින් සිල්වා

අද මේ මාධ්‍ය සාකච්ඡුාව විශේෂයෙන් පවත්වන්නේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා නිකුත් කළ නිවේදනයකින් ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධ කරගෙන අමූලික බොරු කරුණු දැක්වීමක් පිළිබඳව අපේ පැත්තෙන් නිවැරදි තොරතුරු එළිකරන්න. 2015 පැවති ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්ක සම අනුග‍්‍රහයෙන් ඉදිරිපත් කළ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණත් සහයෝගය දක්වන ලද බවට අමූලික බොරුවක් ප‍්‍රචාරය කර තිබුණා. මෙම අසත්‍ය ප‍්‍රකාශය …

Continue Reading

Political Week: නාමල් ‘ප‍්‍රසන්නගේ හිත හැදුවේ ඇයි ?’

පසුගිය සතියේ ප්‍රසන්න සහ නාමල් කුවෙට් බලා ගියේ එරට පොදුජන පෙරමුණේ ශාඛාවේ නිලධාරීන්ගේ ඉල්ලීමක් අනුවය. එම ශාඛාවේ සභාපති සුමිත් මේ දෙදෙනාට ආරාධනා කර තිබුණේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු පිරිසට ස්තුතිය පුද කිරීම සඳහාය. උත්සවයෙන් පසුව පිරිස සුහද කතාබහක නියැලෙන අතර සුමිත් අපූරු හෙළිදරව්වක් කළේය. “මේ වතාවේ ඡන්දෙට ජනාධිපතිවරණයටත් වඩා වැඩි පිරිසක් පිටරට ඉඳන් ලංකාවට ඡන්දෙ දාන්න යනවා“ සුමිත් කීවේය. “ඒ …

Continue Reading

Political Week: අලුත් සන්ධානයේ මංගල පක්ෂ නායකයක හමුවේදී ‘ආතාවුල්ලා මෛත‍්‍රීගේ ‘සායම අරී’

1988 – 89 අතුරුදහන් වූවන් ගේ පවුල්වල සංවිධානය” රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සාධාරණත්වය ඉටුකරවා ගැනීමේ අරමුණින් පසුගිය 14 වැනිදා විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නියැලිණි. පසුව ඔවුන් සටන් පාඨ කියමින් පස්වරු 4.30ට පමණ අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ නැවත සිය උද්ඝෝෂණය ආරම්භ කළහ. මේ අවස්ථාවේ අගමැතිවරයා සිටියේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ග‍්‍රන්ථයක් දොරට වැඞීමේ උත්සවයකට සහභාගි …

Continue Reading

Political Week – UNP: සජිත්ට ‘හංස අවුල’ බේර ගන්න වෙන්න රවි එක්ක – අගමැති

සටහන – ගජබා නාහවත්ත වත්මන් පාර්ලිමේන්තුවේ අවසන් දිනය බ්‍රහස්පතින්දාට යෙදූ තිබුණ බැවින් ද වෝහාරික වාර්තාවට අදාළ විවාදයේ අවසන් දිනය ද යෙදී තිබුණු බැවින් එ.ජා.ප නායකයා එදින වේලාසනින්ම පාර්ලිමේන්තු ගියේය. එ.ජා.ප මන්ත්‍රීවරු හා නිලධාරින් සමග කතා බහ කිරීමට ද එහිදි ඔහු ක්‍රියා කළේය. “බැදුම්කර මගඩිය එ.ජා.පෙ ඇගේ ගහලා බේරෙන්න හදලා තියෙන්නේ 2015 ට කලින් බැදුම්කර වලින් කෝටි 5600 ක මගඩි කරපු …

Continue Reading

හිටපු ජනපති සිරිසේනට දුන් ‘නාමික තනතුර’ ගැන ඇමැති ප‍්‍රසන්නගේ ස්ථාවරය මෙන්න

සිය පෞද්ගලික ස්ථාවරය එලෙසම බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකතු කර ගැනීමට තමන් තවමත් විරුද්ධ බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම ගැටළුවක් නැතත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාව එම සන්ධානයේ නාමික තනතුරකට හෝ පත් කිරීම පිළිබද ව එකග විය නොහැකි බව ද රණතුංග මහතා පෙන්වා දෙයි. …

Continue Reading

ශ‍්‍රී ලංකාව යළිත් ජිනීවා මානව හිමිකම් කොමිෂම සමග පැටලෙයි

අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1, 40/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ගුණවර්ධන මහතා මේ බව පැවසුවා. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් …

Continue Reading

AIR BUS ගනුදෙනුව නීතිපති උපදෙස්වලින් තොරව – COPE

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්  බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කොට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන්  (19)  පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය. ඒ අනුව ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් අනුමැතීන් ලබා නොගැනීම, විධිමත් අධ්‍යනයකින් හා විශ්ලේෂණයකින් තොරව මුල්‍ය ප්‍රසම්පාදන කටයුතු නොකිරීම,  ගුවන්යානා ගිවිසුම  අවසන් කිරීම සම්බන්ධයෙන් …

Continue Reading

සජිත්ට ‘හංසයාත්’ නැති වෙන හැඩ

ඉදිරි මහ මැතිවරණයේ දී ජාතික සමගි බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අද (19) දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප‍්‍රකාශ කළා. සන්ධාන සලකුණ සම්බන්ධයෙන් නීති කෘත්‍යයක් පැන නැගීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ ජාතික සමගි බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් අද (19) රාජගිරියේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේ දී සාකච්ඡාවක් …

Continue Reading