සියලු පාර්ශ්ව ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙලට සහාය පල කිරීම ජාතික යුතුකමක් – ප්‍රසන්න

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරීම සදහා රජය පූර්ණ වශයෙන් කැප වී සිටින බවත් පක්ෂ පාට සලකුණු නොබලා සියලු පාර්ශව ජනාධිපති අගමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙලට සාහාය පල කිරීම ජාතික යුතුකමක් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. මුහුණපා ඇති අවධානම් තත්ත්වයෙන් රට ගොඩගත හැක්කේ ජනතා සහයෝගයෙන් …

Continue Reading

වෛරසය පාලනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එජාපයේ ප්‍රසාදය

කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියට  සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය. මේ වන විට වෛරසය ආසාදිත පිරිසෙන් …

Continue Reading

ආණ්ඩුව යාන්ත‍්‍රණයක් හදනවානම් ‘අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගම් මට්ටමට බෙදාහරින්න’ ජවිපෙ සූදානම්

මේ වසංගතයෙන් පැරදුණොත් පැරදෙන්නේ මුළු රටමයි. ඒ වගේම දිනුවොත් දින්නේ මුළු රටමයි. කොරෝනා වෛරස නිසා රට තුළ මතුව ඇති නව තත්වයන් පිළිබඳව ජවිපෙ පැහැදිලි කිරීමක් මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුව සම්පූර්ණයෙන් මෙහි පළ වේ. ලෝකය පුරාම කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ තත්වයක් තුළ රටක් හැටියටත් අපි මේ තත්වයට …

Continue Reading

කොරෝනා මර්ධනයේදී ලංකාව ඉල්ලන්නෙත් ඉන්දිය පන්නෙට වැඩ කිරීම ද ?

කොරෝනා වසංගතය ලෝකයම බිත්තියට හේත්තු කර හමාරය. ලංකාවේ අප තවමත් තත්වය තේරුම් ගත් බවක් පෙනෙන්නේ නැත. පරිනාම වාදය අනුව  මිනිසුන් ස්වභාවයෙන්ම ස්වකීය ප‍්‍රාග් පරිනාමික අවස්ථා ප‍්‍රදර්ශනය කරති. කොරෝනා වසංගතයට  අද ලෝකය විවිධාකාරයෙන් මුහුණ දෙති. අටුලූගම ගම්මානයට මැද පෙරදිගින් පැමිණි විදේශික ශ‍්‍රමිකයාගේ හැසිරිමෙන්  එහි ජන ජීවිතය බිඳ වැටිණ. පරණ වෛද්‍ය වට්ටෝරු පෙන්වා ඇඳීරි නිති අවස්ථාවේ රස්තියාදු ගැසීමෙන් පුද්ගලික  පාමසි වැසිණ.  සිරිපාදේ …

Continue Reading

මහීපාල හේරත් මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයට

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා පත් කර තිබේ.ඒ මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.මහීපාල හේරත් මහතා මීට පෙර සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළේය.

Continue Reading

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබේ. ඒ මහතා අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Continue Reading

පක්ෂ නායක රැස්වීමක් කැදවීමට අගමැති පියවර ගනී

හෙට (24) පෙරවරුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙන අතර අරලිය ගහ මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වේ. මේ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Continue Reading

මහින්ද දේශප‍්‍රියගෙන් විශේෂ ඉල්ලීමක්

මහ මැතිවරණය සඳහා දිනයක් තීරණය කරන තුරු අපේක්ෂකයන්ගේ මනාප අංක ලබා නොදෙන බවත් පක්ෂ සහ අපේක්ෂකයන් සියලුම ආකාරයේ ප්‍රචාරක කටයුතු නවතා කොවිඩ් – 19 සතුරා පැරදවීම සඳහා ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය මුහුණුපොතේ විශේෂ සටහනක් තබමින් පවසයි. මහින්ද දේහප‍්‍රිය මහතා විසින් සිය මුහුණුපොතේ තබා ඇති සටහනේ මෙසේද සදහන් වේ. ‘මේ වෙලාවේ අපි …

Continue Reading

Political Week Review: දුමින්ද ඇතුළු කල්ලිය ප්‍රසන්න දැක්ක ගමන් තුෂ්නිම්භූත වෙයි

සටහන – ගජබා නාගහවත්ත පසුගිය සදුදා නෙළුම් මාවත කාර්යාලයට යමින් සිටි ඇමති ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ලැබුණි. එහා කෙළවරේ සිටියේ අගමැති මහින්දය. “ප්‍රසන්න කොහෙද ඉන්නේ….” මහින්ද ඇසුවේය. “සර් මම නෙළුම් මාවතට යන ගමන්….” ප්‍රසන්න උත්තර දුන්නේය. “මම මේ කථා කළෙත් ඒකට තමයි. ගම්පහ විතරක් නෙමෙයි අනිත් ඒවත් පොඩ්ඩක් බලන්න…” මහින්ද ප්‍රසන්නට කීවේය. “හරි සර්… මම ඒ ගැන බලන්නම්. බැසිල් සර්රුත් මට …

Continue Reading

Political Week Review: සජිත් – මංගල ගිය එක එජාපෙට ආශිර්වාදයක් වුණා – වජිර

මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දීමට තිබුණද කොරෝනා වසංගත උණුසුම හේතුවෙන් ඡන්ද උණුසුම යටපත්වී ගියේය. ජනතාවට දේශපාලන උණුසුම නොතිබුණ ද නාම යෝජනා බාර දීමට තිබූ බැවින් එක්සත් ජාතික පක්ෂයට ද ඉකුත් සතිය කාර්ය බහුල විය. නායකයාද සිරිකොතෙහි රැදී සිටිමින් නාම යෝජනා කටයුතුවල නිරත වූවේ ඉකුත් බ්‍රහස්පතින්දා නාම යොජනා බාර දෙන අවසන් දිනය වූ නිසාවෙනි. වෙනදා මෙන් මන්ත්‍රීවරුන් …

Continue Reading