මහ මැතිවරණයට ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු නෑ – ජනපතිගේ ස්ථාවරය මැකොට කියයි

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ ලිපිවලට 2020-04-06 වැනි දින පිළිතුරු ලිපියක් යවා තිබේ. ජනාධිපති ලේකම්වරයා විසින් යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේය. මහින්ද දේශප්‍රිය මහතා සභාපති ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සරණ මාවත, රාජගිරිය 2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව …

Continue Reading

ජනතාව මුදා ගැනීමේ සටන කිසිසේත් අත් හරින්නේ නෑ – අගමැති මහින්ද

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (7) දින රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පහත සදහන් වේ. මේ මොහොතේ රටේ සිටිය හැක්කේ එකම එක හතුරකු පමණක් බවත්ල ඒ කොරෝනා නමැති සතුරා පමණක් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (07) වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. මේ ආගමික වශයෙන්, ජාති වශයෙන් බෙදී වෙන්වී සිතන මොහොතක් නොවන බව කී අගමැතිවරයා …

Continue Reading

බේදයකින් තොරව ජනතාවට සහන සලසනවා – ජනපති SJB හමුවේදී කියයි

කොරෝනා වෛරසය පැතිරයාම සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව  රජය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය. කොරෝනා වෛරසය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය …

Continue Reading

49 වන අප්‍රේල් විරු සමරුව: වයිරස් රෝගයකටවත් සාර්ථකව මුහුණ දෙන්න ධනවාදයට බැහැ – ටිල්වින් සිල්වා

වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1971 විරුවන් දිවිපුදා ආරම්භ කළ අරගලය දේශපාලනය මර්දනයෙන් පවා පරාජය කළ නොහැකිව අදත් අපට මග පෙන්වන පහන් ටැඹවල් බවට පත්වී තිබෙනවා. ඔවුන් හැම විටම අපේ හදවත් තුළ ජීවත්වෙමින් වත්මන් දේශපාලනයට ධෛර්යය, ශක්තිය ආදර්ශ ලබාදෙනවා. රට තුල පවතින විශේෂ තත්වය නිසා ජනතා විමුක්ති පෙරමුණේ 49වැනි අප්‍රේල් විරු සමරුව මෙවර ෆේස්බුක් මගින් සජීවි විකාශයක් ලෙස සිදුකරන …

Continue Reading

රජයේ කොරෝනා සහන සහ බලපෑම ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (5) දින සමාජජාල මාධ්‍ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.

Continue Reading

කොරෝනා ආධාර දේශපාලන ප්‍රචාරණයට නොගන්නා ලෙස මැකො ඉල්ලයි

නව කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනයාට ආධාර ලබාදෙන ඇතැම් දේශපාලනඥයින් එම ආධාර දීම් ඡායාරූප ගතකරමින් ජනමාධ්‍ය හා සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම යෝග්‍ය නොවන බවද එලෙස කටයුතු නොකරන ලෙසද ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කරයි. කොරෝනා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී තම දේශපාලන ප්‍රචාරයන් ලබාගැනීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව සඳහන් කරමින් අද (4) දින නිවේදනයක් නිකුත් …

Continue Reading

‘ජාතික ආණ්ඩු කතාව’ එජාපය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිත පිරිසක් සමග පසුගිය 01 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාව එක්සත් ජාතික පක්ෂ සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය ගන්නා උත්සාහයක් ලෙස ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රචාරය අසත්‍යක් බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය විශේෂ මාධ්‍ය නිවේදනයක් මගින් දන්නා සිටියි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ. …

Continue Reading

Covid -19: අගමැති මහින්දගෙන් විශේෂ ඉල්ලීමක්

කොරෝන වෛරසයෙන් රටත් ජනතාවත් බේරා ගැනීම සදහා ජාති, ආගම්, පක්ෂ, පාට ආදි කිසිදු භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. අග‍්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (2) අරලියගහ මන්දිරයේ පැවැති සර්ව පක්ෂ සහ නියෝජිත සමුළුවට එක් වෙමිනි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

Continue Reading

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න – මැකොගෙන් ජනපතිට ‘හදිසි‘ ලිපියක්

රටේ පවතින තත්ත්වය තුළ ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී ඇති බැවින් එය විසදා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීමක් ලබා ගැනීම සුදුසු බව ජාතික මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. මැතිවරණ කොමිසම ඊයේ (01) රැස්වූ අවස්ථාවේ මේ තීරණය ගෙන ජනාධිපති ලේකම්ව ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර එහි   “හදිසියි” යන පදනමින් ජනාධිපති දැනුවත් …

Continue Reading

ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක්

රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ඔස්සේ සිය ප්‍රකාශ ලෙස සකස් කළ අසත්‍ය පණිවිඩ හුවමාරු වන බව නිරීක්ෂණය වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය නිල වෙබ් පිටුවේ සටහනක් තබමින් සදහන් කර ඇත. එම සම්පූර්ණ සටහන පහත සදහන් වේ,  “මේ දිනවල රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ඔස්සේ මාගේ ප්‍රකාශ …

Continue Reading