නොගියොත් චෝදනා කරන නිසා එජාපය මහින්දගේ මැයි 04 හමුවට යනවා – අකිල
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැයි 04 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇති පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හමුව සදහා එක්සත් ජාතික පක්ෂය සහභාගී වන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (2) පැවසුවේය. එජාපය විසින් එම තීරණය ගැනීමට හේතු පැහැදිලි කරමින් මහ ලේකම්වරයා කියා සිටියේ අදාළ හමුව වර්ජනය කළහොත් එය හේතු කොට ගෙන ආණ්ඩුව දිගින් දිගටම එජාපයට චෝදනා …
Continue Reading
‘මනාප අංක’ මැතිවරණ දිනය නිශ්චිතව තීන්දු කළාට පසු – දයාසිරි ජයසේකර
මැයි 04 වැනි දින මහ මැතිවරණය සදහා තරග කරන අපේක්ෂකයින් හට අපේක්ෂක අංක ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වුවත් එදිනට එය සිදු නොවනු ඇති බව ඇමැති දයාසිරි ජයසේකර මහතා අද (2) මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවසුවා. දේශපාලන පක්ෂ නායකයින් සහ මැතිවරණ කොමිෂමේ සාමාජිකයින් අතර අද දින පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් පවසා සිටියේ මහ මැතිවරණය …
Continue Reading
විරෝධතා රැසක් සමග ‘සමගි ජන බලවේගයත්’ මහින්දගේ මැයි 04 හමුව ප්‍රතික්ෂේප කරයි
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාටම මැයි 4 වැනි දා අරලිය ගහ මන්දිරයට පැමිණෙන්නට සිදු කළ ආරාධනය සමගි ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කරන බව සදහන් කරමින් එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. සමගි ජන බලවේගය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි. විපක්ෂය වගකීමෙන් හැසිරුණා කොරෝනා ව්‍යසනය පිළිබඳව වූ අනතුර …
Continue Reading
‘හිටපු මන්ත්‍රී හමුවට’ අපි නෑ – ජවිපෙ අගමැතිට දැනුම් දෙයි
-
RSL
-
May 1, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
මැයි මස 04 වැනිදා අරලියගහ මැදුරේ පැවැත්වීමට නියමිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවට සහභාගී නොවීමට තම පක්ෂය තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම මගින් ආණ්ඩුව විසින්ම නිර්මාණය කරමින් තිබෙන අර්බුදය පිළිබඳව හිටපු මන්ත්‍රීවරු දැනුවත් කිරීම ප්‍රතිඵලදායක නොවන බව ජවිපෙ විශ්වාස කරන හෙයින් එම හමුවට …
Continue Reading
විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකියි – ජනපති සජිත්ට කියයි
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට ඊයේ (29) පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම් දුන්නේය. විපක්ෂයේ ප්‍රකාශනයට අත්සන් තබා ඇති පාර්ශ්ව මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නැතැයි කල්පනා කරන බව නිරීක්ෂණය වන්නේයැයි හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වෙයි. කොවිඩ් …
Continue Reading
ඇමෙරිකාවේ වගේ ජුනි 05 වැනිදට පසු ශ්‍රී ලංකාවත් ‘Government Shut Down කරන්න වෙයිද ?
-
RSL
-
April 29, 2020
-
දේශපාලන, මතවාද
-
featured
-
0 Comments
රටේ වර්තමානයේ උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය මත රාජ්‍ය සේවාවන්ගේ යම් ඇණහිටීමක් ඉදිරියේදි සිදුවේ ද යන්න පිළිබඳව සාකච්ඡාවට ලක් කිරීම කාලෝච්තය. ඒ අනුව මේ අවස්ථාවේදී සකච්ඡා කළ යුත්තේ රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යළි නොකැඳවා සිටිය හොත් සහ මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් 2020 ජුනි 05 වැනිදාගෙන් පසුව ආණ්ඩුවේ සමහර සේවාවන් නතර කර දැමීමට (Government Shut Down) සිදුවේ …
Continue Reading
විපක්ෂයේ නායකයින්ගෙන් කරුණු 10කින් යුත් ඒකාබද්ධ ප්‍රකාශයක්
පසුගිය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දේශපාලන නායකයින් 07 දෙනකු විසින් අත්සන් කරන ලද කරුණු 10කින් යුත් ඒකාබද්ධ ප්‍රකාශයක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු නොකැදවන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව, විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැදවීමට හෝ කටයුතු කරන්නැයි …
Continue Reading
පැරණි පාර්ලිමේන්තුව රැස් කිරීමේ කොරෝනා මර්ධනයට වන සෙතක් නෑ – ඇමැති ප්‍රසන්න
ජනතාවට ශත 05ක වැඩක් නොමැති පැරණි පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් කොරෝනා මර්ධනයට කිසිදු සෙතක් නොවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පැරණි පාර්ලිමේන්තුව නැවත රැස්වීමෙන් සිදුවෙන්නේ කොරෝනා මර්ධනයට යොදවා ගත හැකි මුදල් අපතේ යාමක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි. අද (27) උඩුගම්පල පැවති ජනතා සහන ලබා දීමේ ප්‍රගතිය පිළිබද සාකච්ඡාවකින් අනතුරව මාධ්‍යයට අදහස් …
Continue Reading
සියල්ලට ප්‍රථමයෙන් අපේ සෞඛ්‍ය අංශ, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතුයි – රවි
හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අද (27) කොවිඩ්-19 වසංගතය සහ දේශපාලන හා ආර්ථික කරුණු පිළිබදව මාධ්‍ය හමුවේ කරුණු පැහැදිළි කරමින් මාධ්‍ය හමුවක් පැවැත් වූවා. එහිදී රවි කරුණානායක මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළ වෙනවා. “රටේ නොයෙක් චක්‍රෙල්ඛ නිකුත් කර ඇති නමුත්, තවමත් බැංකු ක්ෂේත්‍රය තුළින් ජනතාවට ඒ සහන ලබාදී නැහැ. මේ වකවානුවේදී ජනතාවගේ අඩුපාඩුවක් …
Continue Reading
විදේශ රැකියා කරන්නන් අද අන්ත අසරණ වුණත් ආණ්ඩුවට වගේ වගක් නෑ – සුනිල් හඳුන්නෙත්ති
විදේශ විනිමය උපයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන විදේශගත ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ආණ්ඩුවේ නිසි අවධානයක් නැතැයි එතෙර අපි සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා රජයට චෝදනා කරයි. අන්තර් ජාලය ඔස්සේ එතෙර අපි සංවිධානය අද (26) මේ මාධ්‍ය හමුව පවත්වමින් සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී සුනිල් හදුන්නෙත්ති මහතා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ. අන්තර් …
Continue Reading