එළවලු – පලතුරු හා වී වගාවට සැඟවී ප්‍රහාරයක්

මීට දශක හතරකට පමණ පෙර, එනම් අසූව දශකයේ මුල් භාගයේදී අර්තාපල් වගාකරන ප්‍රදේශ වල පසෙහි ජීවත්වෙන ‘රන්වන් කෝෂ්ඨ වටපණුවා’ නමින් වූ පණු විශේෂයක් හඳුනා ගන්නා ලදී. වටපණුවන් යනු සිහින් රවුම් දේහ දරන නෙමටෝඩා නමැති සත්ව වංශයට අයත් සාමාජිකයින් වේ. අප බොහෝ කලක පටන් වටපනුවන් ගැන කතා කරන්නේ මිනිසාගේ දේහය තුල ජීවත්වන ආන්ත්‍රික වටපනුවන්, කොකුපනුවන්, බරවා පනුවන් ආදිය සම්බන්ධයෙන්ය. එහෙත් බෝග …

Continue Reading

මඤ්ඤොක්කා ගැන විස්මිත කරුණු රැසක් හෙළි වෙයි !

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ තිරුවනන්තපුරම් දිස්ත්‍රික්කයේ පදිංචි වයස 50 ක පමණවූ රාජ්‍ය සේවකයෙක් තම ළමා කාලය මතකයට නංවයි. “ඒවා එකල අපේ ආහාරයේ අනිවාර්ය කොටස්. ආහාර රටාව වෙනස්වීමත් එක්ක අපි මේ වගා වලින් ඈත් වුණා. ලොක්ඩවුන් එකත් එක්ක ආයිත් ආහාරයෙන් ස්වයංපෝෂිත බව අතේ දුරින්ම තිබීමේ වැදගත්කම අපිටම තේරුනා. මම නැවතත් බතල, කිරිඅල, රාජඅල ආදිය වගාකළා. සාන්තිග්‍රාම් කියන ස්වේච්ඡා සංවිධානයෙන් තමයි අපිට රෝපණ …

Continue Reading

ආණ්ඩුවේ උපදේස්වලට අනුව ‘සෝයා ගොවීන්ට’ යනඑන මං නෑ

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ගොවි සංවිධානවල උපදෙස් මත පසුගිය යල කන්නයේ සෝයා බෝංචි වගා කළ ගලෙන්බිදුණුවැව හුරුළු ගොවීන් සිය අස්වැන්න සදහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. සිය සෝයා බෝංචි අස්වැන්න සඳහා රජය අනුමත කළ මිල වන රුපියල්නො 125 මේ වන විට තමන්ට නොලැබෙන බවත් අදාළ ආයතන සිය අස්වැන්න මිලදී ගැනීමට සූදානම් වන්නේ රුපියල් 115කට බවත් ගොවීන් පෙන්වා දෙනවා. …

Continue Reading

කෝමාරිකාවල ‘පත‍්‍ර කුණුවීමේ රෝගයෙන්’ වගාබිමේ අනෙකුත් බෝග අනතුරේ

රෝග ලක්ෂණ මුලින්ම දක්නට ලැබෙන්නේ පසට වඩාත් ළංව පිහිටන පත‍්‍ර ප‍්‍රදේශ වලිනි. තෙල් පැල්ලමක් වැනි ස්වභාවයෙන් ඇරඹෙන රෝග ලක්ෂණ දින දෙක තුනක් ගතවෙත්දී පත‍්‍රය පුරාම පැතිර යයි. පත‍්‍රය කහ පැහවී කුණුවී ගැලවී යාම අවසන් ප‍්‍රතිඵලය වන්නේය. කෝමාරිකා ශාකය කලකට ඉහතදී මෙරට භාවිතා කෙරුවේ අලංකාරය උදෙසා වවන ශාකයක් හා දේශීය ඖෂධීය පැලෑටියක් වශයෙනිග මෙම ශාකයේ ඖෂධීය ප‍්‍රයෝජන වලට අමතරව වෙනත් ප‍්‍රයෝජන …

Continue Reading

පළිබෝධනාශක හිස් ඇසුරුම් ‘බැහැර කරන’ පරිසර හිතකාමී පිළිවෙතට යොමු වෙමු

පළිබෝධනාශක භාවිතය නිසා සමාජයට සිදුවිය හැකි අනිසි බලපෑම අවම කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කලෙක පටන් මහත් උනන්දුවෙන් කටයුතු කරමින් සිටී. මෙහිදී බලධාරීන් ගත් සමාජ හිතවාදී පියවර ගණනාවකි. කෘෂි විද්වතුන් සෑමවිටම උපදෙස් දෙන්නේ අවම පළිබෝධනාශක පරිහරනයකට මග සැලසෙන ඒකාබද්ධ පළිබෝධ මර්දන ක‍්‍රම හරහා වගාබිම් පවත්වා ගන්නටය. භාවිතයේදී පවා නියම මාත‍්‍රාව පමණක් භාවිතා කරන්නටත්, එක රසායනයක් තවත් එකක් සමග එකම ටැංකිය තුළ මිශ‍්‍ර …

Continue Reading

කහ වලින් රට ස්වයංපෝෂිත කරන වගකීමත් හමුදාවට

දේශීය වශයෙන් කහ නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම සදහා හමුදාවට කහ බීජ නිෂ්පාදනය කිරීමේ වගකීම භාර දී ඇති බවත් ඒ අනුව ලබන මස 02 වැනිදා ගාල්ලේ හමුදා කදවුරකය කහ පැළ ලක්ෂයක් බෙදාදීමට බලාපොරොත්තු වන බවත් උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. ඊයේ (20) පැවැති …

Continue Reading

දේශීය රට පලතුරක රස ගුණ රැගෙන එන ‘රහංගල පෙයාර්ස්’

දිනකට වාහන දහස් ගණනක් එහා මෙහා යන ලංකාවේ අංක එකේ මහා මාර්ගය වන කොළඹ නුවර පාරේ මග දෙපස තබාගෙන විකුණන පලතුරු ප්‍රභේදයන් දකිනා විදේශිකයෙකු, ශ්‍රී ලංකාව නමැති පලතුරු උයනට එන්නට ලැබීමේ භාග්‍යය ගැන උදම් අනනවාට සැක නැත. ඒ තරමටම විවිධත්වයකින් යුත් පලතුරු තොගයක් පාර දෙපැත්තෙන්ම අපට හමුවේ. අන්නාසි, අඹ, අලිපේර, දූරියන්, රඹුටන්, පේර වැනි වාණිජ දේශීය පලතුරුද, නෙල්ලි, ගඩුගුඩා, ගල් …

Continue Reading

කොස් ගැන ‘විස්මිත’ කතාවක් !

බ්‍රිතාන්‍ය පාලන සමයේදී ආහාර ස්වයංපෝෂිත භාවය ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් කොස් ගස් සිටුවීමට පටන් ගත් අතර, එතැන් පටන් ඔවුන් දූපත් වැසියන්ට සාගින්නෙන් වැළකී සිටීමට උදව් කර ඇත. මගේ අම්මා හැදී වැඩුණේ කොළඹට කිලෝමීටර් 100 ක් ඊසාන දෙසින් පිහිටි ශ්‍රී ලංකාවේ කුරුණගල දිස්ත්‍රික්කයට අයත් ගමක අට දෙනෙකුගේ නිවසකය. 1970 දශකයේ ශ්‍රී ලංකාවේ පැවැති දරුණු ආහාර හිගයේදී / පාලනයයේදී බොහෝ විට ඇගේ …

Continue Reading

2020 මහ කන්නයට ඩොලර් මිලියන 17.9ක යූරියා මිල දී ගැනීම සූදානම්

2020 මහ කන්නය තුළ ඔක්තෝබර් මාසය අවසානයේදී අවශ්‍ය වන රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම සඳහා අන්තර්ජාතික විවෘත තරගකාරී මිල ගණන් කැඳවා ඇත. ඒ අනුව, යූරියා (ග්‍රැනියුලර්) මෙට්‍රික්ටොන් 60,000ක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, දින 180ක ණය කාලසීමාවක් යටතේ මෙට්‍රික්ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 298.34 බැගින් ඇග්‍රිෆර්ට් ලයිවන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් වෙතින් මිල දී ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍යවරයා …

Continue Reading

ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තේ ලෝක වෙළෙඳපොළට සපයන්න – ජනපති තේ කර්මාන්තකරුවන්ට කියයි

දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී. සීනි, ග්ලුකෝස් වර්ග සහ සෝඩියම් බයිකාබනේට්, පෙරස් සල්ෆේට් වැනි ද්‍රව්‍ය මිශ්‍රණයෙන් කෙරෙන තේ නිෂ්පාදන ගැන මෑතක සිට මාධ්‍ය මගින් වාර්තා වේ. එවැනි තේ ලෝක වෙළෙඳ පොළේ දී ප්‍රතික්ෂේප වීමෙන් තේ කර්මාන්තය දැවැන්ත පසුබැසීමකට ගොදුරු වී …

Continue Reading