වී වගාවේ විප්ලවයක් කළ හැක්කේ ජෛව විද්‍යාත්මක තාක්ෂණ‍යෙන් පමණයි !

දේශගුණය වෙනස් වුණත් පරාක්‍රමබාහු රජ කාලේ පැළම හෝ බීජම සිටුවන්නට හෝ වපුරන්නට සිදුවී තිබෙන්නේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු නිසි ලෙස නොවීම නිසාය. ඒ කටයුතු නිසි ලෙස වීමට නම් රාජ්‍ය අය වැයෙන් ඒ සඳහා මහා පරිමාණයෙන් මුදල් ද වෙන් කළ යුතුය....

මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ හෙට ඇරඹේ

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ වැඩපිළිවෙල හෙට (12) ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.   අම්පාර දිස්ත්‍රික්කයන් හෙට පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් මිලදී ගැනීමේ...

සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම්

සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) උපදෙස් දුන්නේය. සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ පාර්ලිමේන්තුවේදී කමිටු කාමර 02 පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ...

කෘෂිකර්මාන්තයට වළ කපන මාෆියා 05ක් ගැන ඇමැති කළ හෙළිදරව්ව !

ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන රටට හිතැති ගමනට බාධා කරන මාෆියාවන් 5ක් කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. වී,සහල්, එළවළු, බීජ, පොහොර යන මෙම මහා පරිමාණ මාෆියාවන් ගෙන් මෙරට කෘෂිකර්මාන්තයේ අනාගතය මුළුමනින්ම විනාශ වෙමින් තිබෙන...

නව වසරේ කෘෂිකර්මාන්තය සහ ගොවියා සුරක්ෂිත කිරීමට නව තීන්දු රැසක්

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විදේශ ආධාර හා ණය ව්‍යාපෘතිවල ප්‍රගතිය හා 2021 වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ...

සේනා දළඹුවා ගැන පරීක්ෂණ කරන්න රුවන්ඩාවෙන් විද්‍යාඥයෝ පිරිසක් එති

ශ්‍රී ලංකාවේ බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතරේ සීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට රුවන්ඩාවෙන් විද්‍යාඥයන් 06 දෙනෙකුගෙන් සමන්විත  පිරිසක් පැමිණි බවත් , ඔවුන්ට තම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැපීඩ් ඇන්ටිජන්...

පොහොර සහනාධාරය ගන්න වී ගොවීන්ට අලුත් නීතියක්

මහ කන්නයෙන් නෙළන අස්වැන්නේ හෙක්ටයාරයකින් වී කිලෝ 1,000ක් වී අලෙවි මණ්ඩලයට ලබා දිය යුතු බවත්, එසේ ලබා නොදෙන ගොවීන් හට ඊළඟ කන්නය සඳහා පොහොර සහනාධාරය නොලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. වගා කර තිබෙන හෙක්ටයාර ප්‍රමාණය අනුව වී අලෙවි මණ්ඩලයට...

කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවට බාධා එපා – ජනපති

“ගම සමග පිළිසඳර” සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැබිතිගොල්ලෑව, කණුගහවැව ගමට යයි. ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” සිව් වැන්න මෙයයි.  2020 සැප්තැම්බර් 25 වැනි දින වැඩසටහන ආරම්භ වූයේ බදුල්ල දිස්ත්‍රිකයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංවිට ගම්මානයෙනි. මෙතෙක් කල් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන්...

කහ – බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ අක්‍රමිකතා නතර කරන්න

ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කරයි. දේශීය ගොවීන් කහ සහ බඩඉරිඟු වගාව ඉතා සාර්ථකව පුළුල් කර ඇත. ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙළීම...

සේනාදළඹු උවදුර විමර්ශනයට ජනපති වගා බිමට යයි

අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට අද (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීය. සේනා දළඹු උවදුර නිසා බඩඉරිගු වගාවට හානි වීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මේ වසරේ ද...
Loading posts...

All posts loaded

No more posts