Covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුව අද (4) එම මධ්‍යස්ථානයේ දී පැවැත් වුණා. මේ සදහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරුන් සහභාගී වුණා. එහිදී ජනතාව දැනුවත් කිරීම සදහා හෙළි කළ සියලු ‘නිල තොරතුරු’ පහත සදහන් …

Continue Reading

Covid -19 මර්දන වැඩසටහන තවත් විධිමත්ව ඉදිරියට

කොවිඩ්  – 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෛරසයේ භූගෝලීය ව්‍යාප්තිය සහ එය පාලනය කරනු පිණිස රජය ගත් ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පැහැදිලි …

Continue Reading

බන්ධනාගාර රැඳවියන් 2,961 දෙනෙකු ඇප මත මුදා හැරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත මුදා හැරෙති. මාර්තු මස 17 වනදා සිට අද (04) දක්වා කාලසීමාවේදී මේ පිරිස නිදහස් කර තිබේ. ජනාධිපතිවරටා බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කළ අවස්ථාවේ රැඳවියන් එතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට කමිටුව පත් කෙරිණ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ අමාත්‍යංශය …

Continue Reading

කොරෝනා වෛරසය ළදරුවන් සහ ළමුන් කෙරෙහි දක්වන ප්‍රතිචාරය කුමක්ද ?

මේ දක්වා ලැබී ඇති සාක්ෂි වලට අනුව ළමයින් කොරොන බලපෑමට ගොදුරු වීමේ අවදානම අඩු නමුත් ඔවුන්ට ද කොරෝනා ආසාදනය විය හැකිය. වෛරසය දරුවන්ට වෙනස් ලෙස බලපාන්නේ ඇයි ? ව්‍යාපාරිකයෙකු වන ඇලන් මස්ක් Elon Musk විසින් මෑතකදී මෑතකදී නිකුත් කරන ලද ටවීටර් පණිවුඩයක විශ්වසනීයත්වය පිළිබඳව බොහෝ විවාද පවතී. මේ දක්වා විශ්වාසය වී ඇත්තේ කොරෝන වෛරසය වැඩිහිටියන්ට දරුණු හෝ මාරාන්තික රෝග ඇති කළ හැකි වුවද දරුවන් …

Continue Reading

කොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දෙමු : මහ බැංකු අධිපති

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීමෙන් උද්ගතව ඇති අනපේක්ෂිත වාතාවරණය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඉවහල්වන අයුරින් ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත ප්‍රකාශයක් කර තිබේ. මේ අර්බුද අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය …

Continue Reading

PHI වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කරයි

අද (4) දින ක‍්‍රියාත්මක කිරීමට තීන්දුකර තිබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

Continue Reading

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලුවලට විසදුම්

ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන තිබියදී සංගමය ගත් තීන්දු තීරණ කණගාටුවට කරුණක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ගරුත්වය ද නැතිවීමට හේතුවූ  බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.  දිවයින පුරා දැනට උද්ගත වී පවතින COVID-19 කොරෝනා වෛරසය පැතිරීම පාලනය හා මර්දනය කිරීම සදහා ගත යුතු ක්‍රියාදාමයන්  පිළිබදව සහ දැනට එම කටයුතු වල යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට මුහුණ දීමට සිදුව …

Continue Reading

ජාතික රෝහලේ සායන ගැන දැනගන්න දුරකථන අංක

කොරෝන වෛරසය සම්බන්ධ හදසි තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී සායන සම්බන්ධව සායනවල ලියාපදිංචි රෝගීන් දුෂ්කරතාවට පත්වීම වළක්වාලීමට එම රෝහල කටයුතු කර ඇති අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් අද  (03) නිකුත්කර ඇත. ඒ හරහා දැනුම්දී ඇත්තේ පහත දුරකතන අංක අමතමින් සායන සම්බන්ධව තොරතුරු ලබා ගන්නා ලෙසයි.

Continue Reading

Update: ලංකාවේ කොරෝන මරණ 5යි – ආසාදිතයින් 159ක්: ලෝකයේ මරණ 53,218ක්

නව කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින ඉතාලියේ සිට පැමිණි 44 හැවිරිදි පුද්ගලයකු අද (4) උදෑසන මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය. මෙම පුද්ගලයාගේ මරණයත් සමග ලංකාවේ කොරෝනා ආසාදන මරණ සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගියේය. ඒ සමග ඊයේ (3) දිනය අවසානය වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 159ක් දක්වා වර්ධනය විය. ශ‍්‍රී …

Continue Reading

Covid -19 : ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරෙන බලතල ගැසට් කෙරේ

ජනාධිපතිවරටා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ. ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා බලකායේ සභාපති ධූරයටත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා ලේකම් ධූරයටත් පත් කර ඇත. පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධ …

Continue Reading