Covid-19 World Update: ආසාදිතයින් 2,603,147ක් සහ මරණ 180,784ක්

අද දිනය (22) වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 2,603,147ක් සහ මරණ 180,784ක් වාර්තා වූ බව ජෝන්ස් හොල්කිනිස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානය කියයි. එහි සදහන් වන්නේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 830,789ක් සහ මරණ 45,318ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ බවයි. එක්සත් ජනපදයේ මරණවලින් 14,887ක් නිව්යෝර්ක් වලින් වාර්තා වීම විශේෂත්වයකි. ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 208,389ක් සහ මරණ 21,717ක් ද, ඉතාලියෙන් ආසාදිතයින් 187,327ක් සහ මරණ 25,085ක් ද, ප්‍රංශයෙන් ආසාදිතයින් 159,315ක් සහ මරණ …

Continue Reading

උතුරු කොරියානු නායකයා මරණ මංචකයේ ! – ඇත්ත කියන්නේ කවුද ?

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ‘අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට‘ ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් සී.එන්.එන් වෙත පැවසීම සමග ලෝකයේම අවධානය උතුරු කොරියාව වෙත යොමුව තිබෙනවා. කිම් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලෝක අවධානය යොමු වුණේ  උතුරු කොරියාවේ ආබාධිතයින් මෙහෙයවනු ලබන විශේෂ වෙබ් අඩවියක් වන Daily NK ප්‍රධාන සංවත්සර උත්සවයකට කිම් උන් නොපැමිණි නිසයි. කිම් උන් පසුගිය 12 වන දින ශල්‍යකර්මයකට මුහුණ දුන් බව …

Continue Reading

ඇමෙරිකාවේ බොරතෙල්වලට මිලක් නෑ- මිලදී ගන්නත් කිසිවෙක් නෑ

එක්සත් රාජධානියේ තෙල් සඳහා වන මිණුම් ලකුණ වන ‘බ්‍රෙන්ට්‘ (Brent Crude – the UK benchmark for oil) බොරතෙල් බැරලයක මිල ඩොලර් 20ට වඩා පහත වැටී ඇති අතර එය 2002 සිට මේ දක්වා පහළම මට්ටමයි. එක්සත් ජනපද තෙල් සඳහා මිණුම් ලකුණ වන ‘බටහිර ටෙක්සාස් අතරමැදි  (West Texas Intermediate (WTI), the benchmark for US oil) බැරලයක ඍණාත්මක මිල ගණන් වාර්තා වීමෙන් 20% …

Continue Reading

Covid-19 World Revie: ඇමෙරිකාවේ වාර්තාගත මරණ සහ රෝගීන් සංඛ්‍යාවක්

ඊයේ (20) ශ‍්‍ර‍්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 33 දෙනකු වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 304 දක්වා වර්ධනය වෙද්දී ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2,435,876ක් වූ බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය පවසයි. එහි දැක්වෙන්නේ අද දිනය අවසාන වන විට ලෝකය පුරා කොවිඩ්-19 මරණ 167,369ක් වාර්තා වී ඇති බවයි. වැඩිම මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරන රටවල් එක්සත් …

Continue Reading

ඉන්දියාව වසා දැමීමෙන් පසු ‘ලිංගික ශ්‍රමිකයින්’ගේ ඛේදවාචකය ලෝක අවධානයට

COVID-19 ආසාදිතයින්ගේ ගෝලීය සංඛ්‍යාව අද (19) දිනය අවසන් වන විට 2,355,676ක් වන අතර මරණ සංඛ්‍යාව 162,032ක් බවයි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය කියන්නේ. ඇමෙරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ මහා බ්‍රිතාන්‍ය වැඩිම මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරලා තිබෙනවා. මේ වන විට කොවිඩ් වසංගතයේ කේන්ද්‍රය අප්‍රිකාවට විතැන් විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අගවනවා. ඒ අතර ජපානයේ සහ ඉන්දියාවේ තත්ත්වය ගැන තවම …

Continue Reading

Covid-19 World Review: ප්‍රංශ ජනපතිගෙන් චීනයට දැඩි විවේචන

ගෝලීය වශයෙන් තහවුරු වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (18) දින අවසන් වන විට 2,274,800ක් බව ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය සදහන් කරයි. එහි දැක්වෙන්නේ අද දින වන විට කොවිඩ්-19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 156,140ක් වූ බවයි. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 706,856කි. ස්පාඤ්ඤයෙන් 191,726ක්, ඉතාලියෙන් 172,434ක්, ප්‍රංශයෙන් 149,146ක්, පර්මනියෙන් 142,325ක් සහ මහා බ්‍රිතාන්‍යෙයන් 115,299 දෙනකු වාර්තා වී ඇත. රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 36,793ක් …

Continue Reading

Covid-19 ගැන චීනය කියන කතා ඇත්තද? – බටහිර ලෝකය සැක මතු කරයි

කොරෝනාවෛරස් (කොවිඩ්-19) වසංගතය චීනයෙන් පැතිරයාම ආරම්භ වූ මුල් අවස්ථාවේ බීජිං බලධාරීන් විසින් එදා පැවැති තත්ත්වය පාලනය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) ප්‍රශ්න කරයි. වෛරසය ආරම්භ වූ විගස, එම අර්බුදකාරී මොහොතේ චීනය තත්ත්වය පාලනය කරනු ලැබීම සඳහා උපරිම මට්ටමින් ක්‍රියාත්මක වී ඇතැයි පැවසීම ව්‍යාජ බොළඳ ක්‍රියාවක් යයි ප්‍රංශ ජනාධිපතිවරයා ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පතට ප්‍රකාශ කර …

Continue Reading

නීති ලිහිල් කළ හොත් ප්‍රංශය තුළ ‘Covid-19 රැල්ලක්’ ඇති විය හැකි බවට අනතුරු ඇගයීමක්

ප්‍රංශය තුළ සිදුවෙමින් පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සලකා බැලූවිට , එය පාලනය කිරීම වෙනුවෙන් පනවා ඇති, ජනතාව නිවෙස් තුළ රඳවා තැබීම ඇතුළු නීති රීති ඉවත් කළ හොත් හෝ ලිහිල් කළ හොත් හෝ ප්‍රංශය තුළ කොරෝනා ව්‍යප්තියේ නව රැල්ලක් ඇතිවිය හැකි බවට , ප්‍රංශයේ විද්‍යාත්මක කවුන්සිලයේ සභාපති ජෝ ප්‍රංශුවා දෙල්ෆරෙයිසි ( Jean – Francois Delfraissy ) අනතුරු හඟවා තිබෙනවා. ඔහු මෙම …

Continue Reading

Covid-19 World Review: ඩොනල්ඩ් ට්‍රම්ප්ට දසතින් දැඩි විවේචන

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව ලෝකයේ මුළු කිරීටක වෛරස් රෝගීන් සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝන වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විවේචනය කිරීම සහ එයට ලබා දෙන අරමුදල් කපා හැරීම අරමුදල් කපා හැරීම, ලොව පුරා නායකයින්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයවැයට විශාලතම දායකත්වය සපයන්නේ …

Continue Reading

කොරෝනා වෛරසයට මුහුණ දෙමින් දකුණු කොරියාවේ මැතිවරණයක්

කොරෝනාවෛරස් වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් පවතින අතරවාරයේ වෙනත් කිසිදු රාජ්‍යයක සිදු නොවූ අයුරින්, දකුණු කොරියාවේ මහ මැතිවරණයක් පැවැත් වේ. ඡන්දදායකයා ඡන්ද මධ්‍යස්ථානයට පැමිණිය යුත්තේ මුඛ ආවරණ පැළඳගෙනය. මීටරයක දුරක් එකිනෙකා අතර පවත්වා ගත යුතුය. ඡන්දය භාවිතා කිරීමට ප්‍රථම ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලෙනු ඇත. විෂබීජහරණය කෙරෙන දියරය භාවිතා කොට දෑත් පිරිසිදු කර ප්ලාස්ටික් අත්වැසුම් පැළඳිය යුතුය. ඡන්ද පත්‍රිකාව ඡන්දදායකයා අතට …

Continue Reading