සමාජයේ අතපය නොකඩා කොරෝනා මර්ධනයට ගත හැකි පියවර 10ක්

කුසල් පෙරේරා මේ වනවිටත් අලුත් සංකීර්ණ සමාජ හා ආර්ථික අවුල් බොහෝමයකට හේතුවී ඇති කෝවිඞ්-19 පාලනයේදී රටම වසා දැමීමේ ඇඳිරි නීතිය පැනවීමේ පිළිවෙත මගින් මෙයට මුහුණ දිය නොහැකි බැව් ඔප්පු වන්නකි. වසංගත පාලනය කර ගත යුත්තේ සමාජයක් ලෙස අත පය කඩා ගෙන නොවේ. එය පාලනය කරගත යුත්තේ අනවශ්‍ය තුවාල නොමැතිවය. මෙතෙක් කෝවිඞ්-19 පිළිබඳව කෙරුණු පැහැදිලි කිරීම් අතුරින් මා ඇසූ ඉතාම වැදගත් …

Continue Reading

චීනයේ මාධ්‍ය නිදහස තිබුණි නම් නව කොරානා රෝගය ගෝලීය වසංගතයක් නොවන්නට ඉඩ තිබුණි – දේශසීමා රහිත වාර්තාකරුවෝ්

චීනයෙහි බලධාරීන් විසින් පනවා ඇති වාරණය සහ පාලනය නොතිබුනි නම් චීන ජනමාධ්‍ය විසින් කොරොන වෛරස් වසංගතයේ බරපතලකම පිළිබඳව කල්තියා මහජනතාවට දැනුම් දෙන්නට තිබූ බවත් එමගින් ජීවිත දස දහස් ගණනාවක් බේරාගෙන වර්තමාන ගෝලීය වසංගතයෙන් වැළකීමට ඉඩ තිබූ බවත් “දේශසීමා රහිත වාර්තාකරුවෝ්” සංවිධානය (ආර්එස්එෆ්) පෙන්වා දෙයි. මාර්තු 13 වන දින ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයක් මගින්, සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් යෝජනා කරන්නේ චීන බලධාරීන් ජනවාරි 20 වන දින ගනු ලැබූ පළමු පියවර ඊට සති දෙකකට පෙර ක්‍රියාත්මක කළේ නම් චීනයේ කොරොන වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව 86% කින් අඩු කළ හැකිව …

Continue Reading

අපේ හෙළ වටිනාකම් බැහැර නොකළා නම් අද අපිට කොරෝනා භීතියක් නෑ

වෛරසයක් සතුව පවතින සීඝ්‍ර ගුණන හැකියාව සහ එකිනෙකට වෙනස් වූ විවිධ වර්ගයේ මාදිලි කෙටි කලක් තුළ ඇතිකර ගැනීමේ හැකියාව හේතූවෙන් වෛරස් රෝගයක් සඳහා ඖෂධයක් සොයා ගැනීම තරමක් අපහසු ය. මේ අතර එවැනි වෛරසයක් ගුණනය සඳහා කෙල බිඳිති, ශ්ලේෂ්මල යනාදිය මාධ්‍යයක් වූ විට කෙනෙකුගෙන් තව කෙනෙකුට ඉතාමත් සීඝ්‍රයෙන් වෛරසය ව්‍යාප්ත වේ. ජීවිත රැසක් බිලි ගනිමින් මුළු ලෝ පුරා ව්‍යාප්තව ගොස් ඇති …

Continue Reading

කොරෝනා බොරදියේ මාළු බාන ‘දේශපාලන අදබාලයෝ’

කොරෝනා වෛරසය ගැන පසුගිය දෙසැම්බරයේත් ලෝකය දැන සිටියහ. රාජපක්‍ෂ පාලකයන් ජනවාරියේ කටුනායක නිරෝධායන ඒකකය සකි‍්‍රය කොට, ජාතික කි‍්‍රයාකාරි කමිටුවක් පත් කළහ.  ජනවාරි 27 දා හඳුනා ගත් පළමු චීන ජාතික කොරෝනා රෝගියා  හමු විය. ඇය පෙබරවාරි මස 19 වෙනි දින සුවය ලබා  රටින් පිටව යෑම මහා උත්සවයක් විය.  ඒ සමග දිලිත් ජයවිර, ඉරාජ් වීරරත්න  ලංකාවේ සංචාරයට  එන්නැයි ලෝකයට ඇරයුම් කළහ. කොරෝනා …

Continue Reading

Political Week Review: දුමින්ද ඇතුළු කල්ලිය ප්‍රසන්න දැක්ක ගමන් තුෂ්නිම්භූත වෙයි

සටහන – ගජබා නාගහවත්ත පසුගිය සදුදා නෙළුම් මාවත කාර්යාලයට යමින් සිටි ඇමති ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ලැබුණි. එහා කෙළවරේ සිටියේ අගමැති මහින්දය. “ප්‍රසන්න කොහෙද ඉන්නේ….” මහින්ද ඇසුවේය. “සර් මම නෙළුම් මාවතට යන ගමන්….” ප්‍රසන්න උත්තර දුන්නේය. “මම මේ කථා කළෙත් ඒකට තමයි. ගම්පහ විතරක් නෙමෙයි අනිත් ඒවත් පොඩ්ඩක් බලන්න…” මහින්ද ප්‍රසන්නට කීවේය. “හරි සර්… මම ඒ ගැන බලන්නම්. බැසිල් සර්රුත් මට …

Continue Reading

පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා – පළමු කොටස

සුමිත් චාමින්ද දැන් අප යළිත් ළඟාවෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ තරඟයේ අවධියක් වෙතය. ඉදිරි සති කිහිපයේ දේශපාලන න්‍යාය පත්‍රය සකසනු ඇත්තේ දේශපාලන පක්ෂවල නේකාකාර ප්‍රචාරක ව්‍යාපෘතීන් විසිනි. ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයට දැන් සැලකිය යුතු අඛණ්ඩ ඉතිහාසයක් තිබේ. අදටත් දේශපාලන පක්ෂ මෙරට දේශපාලනයේ කේන්ද්‍රීය භූමිකාවක් රඟ දක්වන්නට සමත්ය. පශ්චාත් යටත් විජිත ආසියාතික රටක් ලෙස ප්‍රජාතාන්ත්‍රික දේශපාලන පක්ෂ නිර්මාණය වීම, ඒවා පරිණාමයට ලක් …

Continue Reading

කොරෝනාවලින් වැළකෙන්න අවශ්‍යම ප්‍රතිශක්තිකරණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණය වඩවන ‘වටු බිත්තර’

නිතිපතා වටු බිත්තර ආහාරයට ගැනීම අපගේ සෞඛ්‍යයට බෙහෙවින් ප්‍රයෝජනවත් වන අතර ප්‍රතිඔක්සිකාරක ප්‍රතිලාභ ගණනාවක් සපයයි. වටු බිත්තරයක මෙම ප්‍රතිඔක්සිකාරක ප්‍රතිලාභයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ විටමින් ඒ වැනි ප්‍රතිඔක්සිකාරක සහ ඒවායෙහි අදාළ වෙනත් සංයෝග තිබීමයි. ‘වටු බිත්තර /වටුකුරුළු Quail eggs යනු විවිධ වර්ගයේ වටුවන් විසින් දමන බිත්තරයි. මෙම මධ්‍යම ප්‍රමාණයේ පක්ෂීන් ප්‍රධාන වශයෙන් යුරෝපයේ, උතුරු අප්‍රිකාවේ, දකුණු එක්සත් ජනපදයේ සහ ආසියාවේ …

Continue Reading

පාර්ලිමේන්තුවේ ද කාන්තා නියෝජනය සහතික කරන ලෙස පක්ෂ නායකයින්ට ඉල්ලීමක්

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහා පියවර ගන්නා ලෙස ‘අභිමානී ළමා හා කාන්තා සංවර්ධන පදනමේ’ සභාපති, හිටපු පළාත් සභා මන්ත‍්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය සියලූම දේශපාලන පක්ෂ නායකයින් අමතා යවන ලද ලිපියක් මගින් ඉල්ලීමක් කරයි. එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය. 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහා කරනු ලබන ඉල්ලීමයි. ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මෙවන් මොහොතක ශ්‍රී ලාංකික සමාජය …

Continue Reading

අපි පත්කර ගන්නේ රට ගැන හිතන නායකයින් පමණයි – ඇමති ප්‍රසන්න රණතුංග

සන්ධානයක් ගහන්න හදනවිට මෙහි සම නායකයින් පත්කරන්න ගිය විට මම ඒකට විරුද්ධ වුණා. මහින්ද මහත්තයාට සම කරන්න මේ රටේ කිසිම නායකයෙක් නැහැ. මහින්ද මහත්තයා අසමසම නායකයා. එතුමා විතරයි සන්ධානයේ නායකයා වෙන්න පුළුවන් කියා මම කිවුවා. “ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් වේයන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් හිදී ඊයේ (11) පැවැති උත්සවය අමතමින් අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා …

Continue Reading

පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ ‘රටට ආදරේ කරන’ මිනිසුන්වයි – ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි

“ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් වේයන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් හිදී ඊයේ (11) පැවැති උත්සවය අමතමින් කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියන්, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති හඟුරන්කෙත චන්ද්‍රරතන නාහිමි සහ වාසුදේව නානායක්කාර මහතා කළ සම්පූර්ණ කතාව දිඟු කලක සිට ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පවුලේ අය සමඟ අපි සමීප සබඳතා තිබෙනවා. …

Continue Reading