ඡන්දදායකයින්ට අයුතු බලපෑම් කළොත් සිදුවන දේ ගැන ‘මැකො නීතිය’ කියා දෙයි
මහ මැතිවරණයේදී ඡන්ද හිමියන් සදහා අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නීතිය පැහැදිලි කරමින් මැතිවරණ කොමිෂම විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පපනතේ 79 වැනි සහ 81 වැනි වගන්ති අනුව ඡන්ද හිමියන්ට අයුතු බලපෑම් කරන අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ නීතිය අනුව දැඩිව කටයුතු කරන බවයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ එම …
Continue Reading
සාර්ථක අඹ වගාවක රහස: අධිඝනත්ව අඹ වගාවට ‘නැතුවම බැරි කප්පාදුව’
අඹ වාරය නැවතත් පැමිණ තිබේ. රටපුරා නගරයක් ගමක් පාසා වීදි අයිනේ පලතුරු කඩ පුරවා දමා අඹ යහළුවා ආපසු යාමටත් සූදානම්වය. කෙසේ වෙතත් වාරයේ තරමට නොවූවත්, වසරේ දින 365 පුරාම දිවයිනේ කුමන හෝ ස්ථානයක අඹ හටගන්නා බැවින් වෙළඳපොළෙහිද කිසිදා අඹ හිඟයක් පෙනෙන්නට නම් නැත. රටේ ජනතාව අතර ගෘහාශ්‍රිතව වගා කරන්නට කැමතිම පලතුරු බෝග අතරද අඹ වලට හිමිවන්නේ ඉහළ ස්ථානයකි. ඒ නිසාම …
Continue Reading
ගොවීන්ට බොරු පොරොන්දු දී බලයට පත් වුණ ආණ්ඩුව අද ගොවීන්ට සරදම් කරනවා – නීතිඥ හිරන්‍යා හේරත්
නුවරඑළිය ඇතුළු ගම්මිරිස් වගා කළ දිස්ත්‍රික්කවල ගම්මිරිස් වගාකරුවන් කබලෙන් ලිපිට වැටී යනඑන මං නැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් පසුගිය ජනපතිවරණ සමයේ වේදිකාවක් වේදිකාවක් ගානේ ගම්මිරිස් වගාකරුවන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙළි වත්මන් ජනපතිවරයා ප්‍රමුඛ නායකයින් අද ගම්මිරිස් වගාකරුවන් දෙස ඇසැක් ඇර නොබලන බවත් සමගි ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍ය හේරත් මහත්මිය පැවසුවාය. අද (27) නුවරඑළියේ පැවැති ජනහමුවකදී …
Continue Reading
Covid-19 ආසාදිතයින් 22ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804යි
මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (27) දින ප.ව. 19.07 සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 22 දෙදෙනකු වාර්තා වූ බවත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804 දක්වා ඉහළ ගොස් ඇති බවත්ය. අද (27) දින උදෑසන 0600 වනවිට දී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) අළුතින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම …
Continue Reading
රු. 50ක සහතික මිලට වී මිලදී ගන්න රජයෙන් රු.මිලියන 10,400ක්
2020 යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර ඇත. මෙම වැඩසටහනේ මුල් අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් 200,000 ක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 10,400 ක මූල්‍ය පහසුකම් රාජ්‍ය …
Continue Reading
‘කහ ආනයනය තහනම් කිරීම’ නිවැරදි තීන්දුවක් ද ?
කහ කුඩු නැතිව ආහාර පිළියෙළ කරන්නට ගෘහණියෝ සමත්ව සිටිති. පරිප්පු ව්‍යංජනයක් සකස් කරන විට කහ ස්වල්පයක් එක් කරති. කහටක් ඇති එළවලුවක් සකස් කරන අවස්ථාවක කහ කුඩු ටිකක් මිශ්‍ර කර හොඳින් අත ගා ගැනීම ගැන නොදන්නෝ නොවෙති. මාස කිහිපයක සිට වෙළඳ සැල්වල කහ කුඩු නැත. රට පුරා කහ හිඟයක් පවතින අතර මෙරට වගා කරන සීමිත අස්වැන්න ඉතා අධික මිලකට අලෙවි වෙමින් …
Continue Reading
ජුලි 27 සිට සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණි ඇරඹෙයි
-
RSL
-
July 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මැතිවරණයට යොදාගන්නා පාසල්වල ප්‍රධානීන් ජූලි 28,29,30,31 දිනවල පාසලේ රැඳී සිටිය යුතුයි. ජුලි මස 27 වන දින සිට රජයේ සියලු පාසල් 11 ,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ නව තත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ පාසල් පැවැත්වෙන ශ්‍රේණි සහ විභාග පැවැත්වෙන දින සංශෝධනය කරන ලද අතර, ඒ අනුව 11 ,12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට ප.ව 3.30 …
Continue Reading
පනින අය නම් පාර්ලිමේන්තුවට එවන්න එපා – බැසිල්
පනින අයනම් පාර්ලිමේන්තුවට එවන්න එපා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලයි. කෙළින් වැඩ කරන කෙලින් තීන්දු ගන්න අය පමණක් පාර්ලිමේන්තු එවන්නැයි ඔහු ඉල්ලා සිටි. මීගමුවේ ඊයේ (25) පැවති කාන්තා රැස්වීමකට සහභාගි වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද …
Continue Reading
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු ඉටුකරනවා – ජනපති
-
RSL
-
July 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ගල්ගමුව සිට මීගලෑවට යන අතරමග දෙපස රැස්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය. අපේක්ෂක අංසක නවරත්න මහතා මීගලෑව ජාතික ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට රැස්ව සිටී ජනතාව මහත් හරසර පුද කළහ. ප්‍රදේශයේ මාර්ග සහ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ඔවුහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. අසු හැවිරිදි කිරිබණ්ඩා මහතා තමා එකතු කරගත් රුපියල් 5,000ක මුදලක් කොවිඩි …
Continue Reading
සශ්‍රීකත්වය සමග කුරුණෑගලට පූර්ණ සංවර්ධනයක්
ශ්‍රී ලංකාවේ සිව්වැනි රාජධානිය ලෙස සැලකෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සශ්‍රිකත්වය මත පදනම් වූ පූර්ණ සංවර්ධනයක් සඳහා වන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සැලැස්මට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය පූර්ණ සහය පළ කර සිටී. අතීතයේදී ඇතුගල්පුර නමින් ප්‍රකට කුරුණෑගලට ආවේණික වූ කෘෂිකර්මාන්තයේ උන්නතිය උදෙසා දිස්ත්‍රික්කයේ සියලු වැව් සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරන බව එතුමා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින …
Continue Reading