‘එජාප නායකත්වයට මංගල ගේන්න’ පක්ෂ ප්‍රබලයෝ සහ තරුණ බලවේග බරටම වැඩ

මංගල තමයි එකම විකල්පය. දැන් බල අරගලයේ ඉන්න කිසිම කෙනෙකුට අති බහුතර රාජපක්ෂ ආණ්ඩුවට අභියෝග කරන්න බැහැ. 1956 දී, 1970දී ජේ.ආර්. ජයවර්ධන කළා වාගේ හතර වටෙන්ම වට කරලා ආණ්ඩුවට අභියෝග කරන්න පුළුවන් ශක්තිය හා උපායශීලීත්වය තියෙන්නේ මංගලට පමණයි. ඔහුට අභියෝග කරන්න, තර්ජනය කරන්න ආණ්ඩුවට බැහැ. ඒත් ඔහුට සියලු අංශවලින් ආණ්ඩුවට අභියෝග කළ හැකියි පසුගිය මහ මැතිවරණයෙන් නින්දා සහගත පරාජයක් ලැබූ …

Continue Reading

මංගල යළි ප්‍රසිද්ධ දේශපාලනයට ! රට ගොඩනගන නව යෝජනාවලියකුත් එළියට

රට ගොඩනැගීම සඳහා රැඩිකල් මැද මාවතක් යෝජනා කරමින් යළි ප්‍රසිද්ධ දේශපාලනයට අවර්තිර්ණ වී සිටින හිටපු අමාත්‍ය මංගල සමරවීර, නව යෝජනාවලියක් ජනතාවගේ සංවාදයට යොමුකර ඇත.  තමා යළි මැතිවරණය දේශපාලනයට එක්නොවන බවට යලිත් සහතික වී ඇති ඔහු, දශක තුනක් පුරා තමා විසින් අගයකළ ප්‍රජාතන්ත්‍රවාදී හා සංහිඳියාව ක්‍රියාමාර්ග යටපත්වීමට ඉඩ නොතබා එවැනි ගුණාංග මතවාදීමය වශයෙන් සමාජගත කිරීමේ මෙහෙයුමක් හෙටින් (අගෝස්තු 06) අරඹන බව …

Continue Reading

කොරෝනා වසංගතයත් සමඟ රත්රන් මිල අහස උසට ඉහළ යන්නේ ඇයි?

රත්රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් දෙදාහකට($2,000) අධික මට්ටමකින් ඉහළගොස් ඇත රත්රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් දෙදාහකට ($2,000) අධික මට්ටමකින් ඉහළගොස් තිබේ. පළමුවරට එවැනි මිල වැඩිවීමක් සිදුව තිබෙන්නේ කොරෝනා වසංගතය මැද රන් වෙළෙඳුන් උපරිම ලාභ ලබා ගැනීමට බලාසිටින මොහොතකය. ඇමෙරිකා එක්සත් ජනපදයේ Covid-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩිවීම සහ විශාල මුදල් සම්භාරයක් ලෝක ආර්ථිකයට එකතු වීමත් සමඟ සිය වත්කම් රත්රන්වලින් තබා ගැනීමට …

Continue Reading

නව අමාත්‍ය මණ්ඩලයට 26යි – සදුදා දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන සදුදා (10) දින මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. නව අමාත්‍ය මණ්ඩලය 26 දෙනකුට පමණක් සීමා වනු ඇති බයි ආරංචි මාර්ග සදහන් කරන්නේ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස 09 වැනිදා නැවත දිවුරුම් දීමට නියමිත අතර අගෝස්තු මස 20 වෙනිදා නව පාර්ලිමේන්තු සැසිය ආරම්භවීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශ …

Continue Reading

පොහොට්ටුවේ’ජාතික ලැයිස්තු නාම ලේඛනය’ මැතිවරණ කොමිෂමට

මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17ක් දිනා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (7) දිනම සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සදහා වන නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදීන් ඇතුළු ප්‍රවීන පුද්ගලයින්ගෙන් සැදුම් ලත් මෙම ලැයිස්තුව තුළ කිසිදු පරාජිත අපේක්ෂකයෙකු ඇතුළත් න‍ොවීම විශේෂත්වයක් බවයි දේශපාලන නිරීක්ෂකයින් කියන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේෙ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් මෙසේය. මහාචාර්ය ජී එල් …

Continue Reading

පොහොට්ටුවෙන් ඉල්ලූ ‘ශ්‍රීලනිප 15ක් ජයග්‍රහණය’ කරලා

මෙවර මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලැබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්ෂකයින් 15 දෙනෙකු මන්ත‍්‍රී ධුර දිනාගෙන තිබෙනවා. ඒ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තාගත මනාප සංඛ්‍යාවක් දිනාගත් අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි මනාප ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත් වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වැටුණු …

Continue Reading

අගමැති අනිද්දා දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ලබන 09 වනදා, ඉරිදා දිවුරුම් දීමට නියමිත බවත් ඓතිහාසික කැළණිය රජ මහා විහාරස්ථානයේ දී උදෑසන 08.30ට දිවුරුම් දීම සිදු කිරීමට නියමිත බවත් වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දෙන්නේ සිදුවන වරට වීම විශේෂත්වයකි. මීට පෙර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද සිවු වරක් අග්‍රාමාධ්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

Continue Reading

රත්නපුර, දකුණ, මොනරාගල, මහනුවර සහ මඩකළපුව මනාප ලැයිස්තුව

රත්නපුරය දිස්ත්‍රික්කය – මරණ දඩුවම නියම වූ ‘චොකා මල්ලි’ දෙවැනි තැනට මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර 08ක් ද සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 03ක් ද දිනාගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු තැන හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහ්තිමය විසින් ද පසුගිය 2015 ජනාධිපතිවරණයේදී පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පසුගිය දා මරණ දඩුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර …

Continue Reading

කුරුණෑගල, කොළඹ, පොළොන්නරුව, ගම්පහ, මාතලේ, කලුතර සහ අනුරාධපුර ‘මනාප ලැයිස්තුව’

කුරුණෑගල දිස්ත්‍රික්කය – ලංකාවෙන්ම 01ක අගමැති මහින්ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප ඡන්ද 527,394ක් ලබා ගනිමින් දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ. මෙය පසුගිය මහ මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වශයෙන් ද සැලකේ. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 649,965ක් දිනා ගත්තේය. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඡන්ද එක් ලක්ෂ 99,203ක් ලබා …

Continue Reading

කෑගල්ල දිස්ත්‍රික්කය පොහොට්ටුව 7/2ක් ලෙස ජය ගනී

කෑගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 9/7ක ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය විසින් දිනා ගත් මන්ත්‍රීධුර සංඛ්‍යාව 2ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 331,573ක් (68.29%)(7)ක් ද සමගි ජන බලවේගය ඡන්ද 131,317 (26.25%)(2) ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 14,033 (2.81%) ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 12,168ක් (2.43%) දිනා ගත්තා.

Continue Reading