20 වැනි සංශෝධන පනත් කෙටුම්පත නිකුත් වෙයි
-
RSL
-
September 3, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඊයේ (02) පැවැති කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය අද (03) දින නිකුත් කිරීමට රජය පියවර ගත්තා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඊයේ (02) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූණා. කැබිනට් මණ්ඩයේ අනුමැතිය …
Continue Reading
කතානායක සහ නෝර්වේ තානාපති අතර විශේෂ හමුවේ සම්පූර්ණ කතාව
-
RSL
-
September 3, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනි ටී‍්‍රනා යුරන්ලි එස්කෙඩල් මහත්මිය අද උදෑසන පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා මුණගැසුණාය. මෙහිදී මෙරට 9 වන පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත සුබපැතුම් එක් කළ එම මහත්මිය පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව කතානායකවරයා සමග සාකච්ඡුාවක නිරත වූවාය. මෙම හමුවෙහිදී දෙරටෙහි පාර්ලිමේන්තු දෙක අතර අනාගතයේදී සිදු කළ හැකි …
Continue Reading
කහ සහ ගම්මිරිස්වලට ස්ථාවර මිලක් දිය යුතුයි – ජනපති අවධාරණය කරයි
කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. කහ සහ ගම්මිරිස් වගා කරුවන් ආරක්ෂා කිරීමට එම භෝග ආනයනය සම්පූර්ණයෙන් නතර කෙරිණ. අන්තර්ජාතිකව වෙළෙඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා …
Continue Reading
කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදන රැසක්
කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදනය කරන පරසර හිතකාමී යෝගට් කෝප්පය ඇතුළු අනෙකුත් ආහාර ඇසුරුම් පෙළක් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති ‘එකෝ – මා පැකේජින් පෞද්ගලික ආයතනයේ’ සභාපති, නව නිපැයුම්කරුවකු වන මේනක ආරියරත්න මහතාට කඩිනමින් සිය නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ. ඒ අනුව පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්ප ඇතුළු ආහාර …
Continue Reading
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඇමතිවරුන්ට හා නිලධාරීන්ට දෙහි කපති
-
RSL
-
September 3, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ආණ්ඩුවේ සිටින සියලුම අමාත්‍යවරුන් සහ නිලධාරීන් ජනතාවට නම්‍යශීලි විය යුතු යැයි ‘පැවිදි හඬ සංවිධානයේ’ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කරති. අද (03) දින පැවැති මාධ්‍ය හමුවකදී ආනන්ද හිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ආනන්ද හිමියෝ කියා සිටියේ මහජන මතයට කන් නොදෙන අමාත්‍යවරුන් හා නිලධාරීන් යහපාලන ආණ්ඩුවට සිදුවූ දේ ආදර්ශයට ගත යුතු බවයි. මෙහිදී වැඩි දුරටත් …
Continue Reading
ඇපල් වෙනුවට අපේ ‘රහංගල පෙයාර්ස්’වලට පුරුදු වෙමු !
-
RSL
-
September 3, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
2018 වර්ෂයේදී ලංකාවට රුපියල් මිලියන 4300ක් වටිනාමින් යුතු ඇපල් ටොන් 27,253ක් ආනයනය කරලා තිබෙනවා. ඊට අමතරව පෙයාර්ස් ටොන් 355ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 50ක් වැය කරලා තිබෙනවා. ඒ කියන්නේ අපි 2018දී ඇපල් සහ පෙයාර්ස් කන්න රුපියල් මිලියන 4350ක විදේශ විනිමය විනාශ කරලා තිබෙනවා. ලංකාව කියන්නේ ‘පලතුරු වත්තක්’. එහෙම රටක තමයි මේ මිලියන 4350ක විදේශ පලතුරු කාලා තියෙන්නේ. පිට රට …
Continue Reading
රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට සංකේත පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්
-
RSL
-
September 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි “රට වෙනුවෙන් වැඩ” සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. විනාඩි 25කට සීමා වූ සරල උත්සවය අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. උපාධිලාභීන් 50,000කට රැකියා දීමට ඉල්ලුම්පත් කැඳවුවද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 60,000ක් බඳවාගැනීමට රජය තීරණය කළේය. අද රාජ්‍ය සේවයට එක් වූ …
Continue Reading
ආරක්‍ෂිත දෝෂ කිහිපයක් හේතුවෙන් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය වහාම යාවත්කාලීන කරගන්න
-
RSL
-
September 2, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
Mozilla Firefox වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-15663,CVE-2020-15664,CVE-2020-12401,CVE-2020-12400,CVE-2020-15665,CVE-2020-15666,CVE-2020-15667,CVE-2020-15668,CVE-2020-15669,CVE-2020-15670 නම් ආරක්‍ෂිත දෝෂ හදුනාගැනීම හේතුවෙන් Mozilla සමාගම විසින් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය සදහා නවතම යාවත්කාලීන නිකුත් කොට ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සදහා Mozilla Firefox වෙබ් බ්‍රව්සරය යොදාගන්නා බැවින් කඩිනමින් නවතම යාවත්කාලීන ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.
Continue Reading
ඉණ අඟල් 40ට වඩා වැඩි පිරිමින්ට ‘පිළිකා මරුවා’ අතවනයි !
-
RSL
-
September 2, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ඉණ වට ප්‍රමාණය අඟල් 40ට වඩා වැඩි පිරිමින් ඊට වඩා අඩු ඉණ වට ප්‍රමාණයක් ඇති පිරිමින්ට වඩා පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවෙන් මියයාමට ඇති සම්භාවිතාව 35%ක් බවයි මෙහිදී ඔවුන් හදුනාගෙන තිබෙන්නේ. ඉණ වටා වට ප්‍රමාණය අඟල් 40ට වැඩි පිරිමින් පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවෙන් මිය යාමේ වැඩි අවදානමක් ඇතැයි නවතම පර්යේෂණවලින් සොයා ගෙන තිබෙනවා. ඉණ අඟල් 40 (සෙන්ටිමීටර් 103) හෝ ඊට වැඩි පිරිමියෙකු ඉණ …
Continue Reading
ගැටළු නැති ඉඩම්වලට මාස 03ක් ඇතුළත ඔප්පු – ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනයට
-
RSL
-
September 2, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. ඉඩම් ඔප්පු නොතිබීම දිවයින පුරා චාරිකා කළ තමාට දිස්ත්‍රික්ක රැසක ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. පරම්පරා ගණනක් පදිංචිව සිටිය ද, වගා කටයුතු කළ ද ඔප්පු නොමැති වීමෙන් ඔවුන් දැඩි පීඩාවට ලක්ව ඇතැයි ජනාධිපතිතුමා කියා සිටී. ප්‍රශ්නය විසඳීමට …
Continue Reading