දැන් ඉතිං කිකිළියන්ට බිත්තර දාන්න වෙන්නෙත් ආණ්ඩුව කියන කියන විදිහටද ?

ලෝකයේ ආහාර සුරක්ෂිතභාවය වැඩිම රටවල්, ආහාර වවන රටවල් නොවන බවත් පෙන්වා ඇත. විශේෂයෙන් ආහාර පිළිබඳ කතාවේදී අතිබහුතරයක් වන පාරිභෝගිකයන්ට ප්‍රමුඛතාව දිය යුතුය. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු ගිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න පරිප්පු වෙනුවට බඩඉරිඟු කමු යැයි යෝජනා කළේය. ඒ ආනයනය කළ ආහාර වෙනුවට දේශීය ආහාර කන්නැයි යෝජනා කරන ආණ්ඩුවේ අලුත් රැල්ල නිසාය. අලුත් රැල්ල යැයි කීවාට මේ …

Continue Reading

දරුවන්ගේ දඟකාරකම් වලට ඔබ ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද?

වැඩිහිටියාගේ ගුරුවරයා දරුවාය‘ කියා කතාවක් තිබෙනවා. ඒ වගේම තමයි ළමයින් වැඩිහිටියන්ට වඩා වෙනස් වීම. ඔවුන් තවම මේ ලෝකය ගැන ඉගෙන ගනිමිනුයි ඉන්නේ. ඒ නිසා ඔවුන් අතින් විවිධාකාර වැරදි සහ අතපසු වීම් සිදුවිය හැකියි. ඒ වගේම ඔවුන්ගෙන් බහුතරයකට තමන් කරන කියන දේ ගැන නිවැරදි, නිරවුල් අවබෝධයක් ද නැහැ. ළමුන් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් කියන ආකාරයට ඔවුන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාක දරුවන්ට සම්පූර්ණයෙන් නොතේරෙන අතර, …

Continue Reading

පිස්සු හැදෙන ‘නියපොතු විලාසිතා’

‘නියපොතු“ අනිවාර්යයෙන්ම අපට හමු වන පුද්ගලයින් කෙරෙහි හැඟීමක් ඇති කරන එක් කරුණකි. අපිරිසිදු නොකැපූ නියපොතු අශෝභන වේ. මේ නිසා අපගෙන් බොහෝ දෙනෙක් අපගේ නියපොතු ගැන සැලකිලිමත් වීමට උත්සාහ කරන අතර ඒවා හැකි තරම් සුන්දර ලෙස තබා ගැනීමට ද පියවර ගනී. සමහරු උදාසීන වර්ණයක් සහිත කෙටි නියපොතු සඳහා යති, තවත් අය අඳුරු පැහැයක් සහ දිගු නියපොතු වලට වැඩි කැමැත්තක් දක්වති. සෑම කෙනෙකුම …

Continue Reading

20ට එරෙහිව අදත් මූලික අයිතිවාසිකම් පෙත්සම් 06ක් – මුළු ගණන 12ට නගී

අධිකරණ ඇමැතිවරයා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් අද (24) දිනය අවසන් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ඉදිරිපත් වී තිබෙනවා. අද දිනයේ ද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචි පුරවැසියෙකු වන එස්.සී.සී.ඉලංගෝවන්, තවත් පුරවැසියන් …

Continue Reading

ලංකාවේ සෑම සතියකම අලුත උපන් බිළිදුන් 30ක් අක්ෂි පිළිකාව ගොදුරු වෙයි

ශ්‍රී ලංකාෙව් සෑම සතියකම අලුත උපන් බිළිඳුන් 30කට අධික ප්‍රමාණයකගේ පූර්ණ අන්ධභාවය ඇති කරන ‘රෙටිනොබ්ලාස්ටෝමා අක්ෂි පිළිකාවට ලක්වන බව ‘ජෛව ජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනයට අනුබද්ධ වෛද්‍යවරියකද ඇතුළුව රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් කරන ලද අධ්‍යයනයකදී සොයා ගෙන ඇත. සෑම සතියකදීම වයස මාසයට අඩු බිළිඳුන් 30කට වඩා ඇස් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකරන අතර පූර්ණ අන්ධභාවයට හේතුවන මෙයට මූලය …

Continue Reading

AL සහ ශිෂ්‍යත්ව සිසුන්ට විශේෂ නිවේදනයක්

මෙවර අපොස (උසස් පෙළ) විභාගයට පෙනීසිටින අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සහ පන්ති මෙහෙයවීම  ඔක්තෝබර් 6 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වනතෙක් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් නිවේදනය කරයි. එසේම,* විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම* උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම* විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන …

Continue Reading

රජයේ වෛද්‍ය පීඨ වසා දමනු !

මේ රටේ වෛද්‍ය පීඨයකට යා ගත නොහැකි වූ අවම සුදුසුකම් සපුරා නොමැති රජයේ ඉහළ නිලධාරීන්ගේ, දේශපාලඥයන් ගේ ජාවාරම්කරුවන්ගේ දරුවන් ට රැකියා ලබා දීම සඳහා ‘රජයේ වෛද්‍ය පීඨ වසා දමනු! නැතහොත්  සෞඛ්‍ය අතින් දකුණු  ආසියාවේ ඉහළම තැනක සිටින අප එය තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහා සුදුස්සන්ට පමණක් අවස්ථාව ලබා දෙමු. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා ජීව විද්‍යා අංශයෙන් වාර්ෂික …

Continue Reading

රුපියල් 1000 නව මුදල් නෝට්ටුව අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වයි

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා රුපියල් දහසේ නව මුදල්  නෝට්ටුව අද (24) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූයේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත හා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා අතර මෙම හමුව පැවැතියේ විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේදීය. එහිදී අග්‍රාමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා රටේ ආර්ථික තත්ත්වය සහ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළව සුහද කතා බහක ද නිරත වූහ.

Continue Reading

අලිබබා ‘වතුර බෝතල්වලට’ යටවෙයි

චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස පානීය ජල බෝතල් අලෙවි සමාගමක හිමිකරුවෙක් වන ෂොං ෂාන්ෂාන් Zhong Shanshan පත්ව සිටිනවා. ඒ අනුව දීර්ඝ කාලයක් චීනයේ ලොකුම ධනපතියා බවට පත්ව සිටි ‘අලිබබා’ හිමිකරු ජැක් මා දෙවැනි තැනට පත්වෙනවා. බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ෂන්ෂාන් සතු වත්කම ඩොලර් බිලියන 58.7ක්. ෂොං ෂාන්ෂාන් 1996 දී චීනයේ නැගෙනහිර වෙරළ තීරයේ ෂෙජියැන්ග් පළාතේ Nongfu Spring ආරම්භ කළ අතර ඔහු ඉතා …

Continue Reading

අලුත්ම Tattoo රැල්ල – Barbie tattoo

ඔබේ බාර්බි බෝනික්කාගේ (Barbie doll) පෙනුම මොන වගේද කියා ඔබට මතකද? අපි හැමෝමට එයාගේ කපාපු කොණ්ඩය මතකයි. සම්භාව්‍ය නිල් ඇස්, රෝස තොල්, අපූරු වේශ නිරූපණය, ඇඳුම් අපට මතකයි.   නමුත් ඔබ දන්නවාද ඒ සෑම බාර්බි කෙනෙකුගේම අපි කිසිවෙකුගේ අවධානය දිනා නොගත් කුඩා කොටසකුත් තිබුණ බව. බොහෝ බාර්බිවරු 60 ගණන්වල පසු වූ අතර පසුව පවා “ජපානයේ සාදන ලද” හෝ රටේ නම ඔවුන්ගේ …

Continue Reading