කොරෝනා ආසාදිතයින් ගණන 865 දක්වා ඉහළ යයි
අද (23) සවස තවත් කොවිඩ්-19 ආසාදිතයින් 256 දෙනකු හදුනාගත් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා. මෙම ආසාදිතයින් අතරින් 39 දෙනකු පෑලියගොඩ මාළු කඩේ කොරෝනා පොකුරෙන් ද ඉතිරි පිරිස ඔවුන්ගේ හා මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් බව යුද්ධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කළේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද දින සවස 6්.04 නිකුත් කළ වාර්තාවට අනුව අද දින හදුනා ගෙන තිබූ ආසාදිතයින් 609 …
Continue Reading
Covid-19: සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟයීමක්
රට තුළ මේ වනවිට පවතින වර්ධනය වෙමින් පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි මට්ටමක නොවන නමුත් වත්මන් තත්ත්වයේදී සමාජය වඩාත් අවධානයෙන් ක්‍රියාකළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ පරිශ්‍රයේ අද (23) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය. මෙහිදී වත්මන් තත්ත්වය පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් විශේෂඥ …
Continue Reading
නව ආසාදිතයින් 609ක් – පෑලියගොඩ මාළු කඩේ පොකුරෙන් 496ක්
අද (23) දින පස්වරු 18.05 වන විට කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. එහි සදහන් ආකාරයට නව ආසාදිතයින් හමුවී ඇති ස්ථාන වන්නේ, පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳ සංකීර්ණය – 496 යි. නිරෝධායන මධ්‍යස්ථාන – 48 යි. බේරුවල ධීවර වරාය – 20 යි. ගාල්ල ධීවර වරාය – 5යි. ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් – 40යි. ඒ …
Continue Reading
20ට පක්ෂව ඡන්දය දීම ගැන ‘ඩයනා ගමගේ’ සහ SJB තීන්දුව ගැන මහ ලේකම් කියන කතා
මේ මන්ත්‍රීවරිය අපි පත් කළේ කාන්තා නියෝජනයක් හැටියට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට කළ නිග්‍රහයක් ලෙස දකින්නේ. අපි නීතිඥයින් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්නවා – රංජිත් මද්දුමබණ්ඩාර නාමික ජනාධිපතිවරයෙක් මොකටද? ඕන පඹයෙක් ඉන්දවන්න පුළුවන්නේ නමක් දීලා. මම මේක කළේ රට ගැන හිතලා. මට ගෝඨාභය ජනාධිපතිවරයාව හොඳටම විශ්වාසයි. මට විශ්වාසයක් තියෙනවා එතුමා රට හදයි කියලා.“ ඊයේ (22) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා …
Continue Reading
මුළු රටටම නීරෝධාන ඇදිරි නීතිය පැනවීමේ අදහසක් රජයට නෑ
ඊයේ (22) දිනයේදී නව ආසාදිතයින් 309 දෙනකු වාර්තා වුවත් රටට ම නීරෝධාන ඇදිරි නීතිය පැනවීමේ කිසිදු අදහස් රජයට නැති බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළා. අද උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘දෙරණ අරුණ‘ වැඩසටහනට එක්වෙමිනුයි යුද්ධ හමුදාපතිවරයා මේ බව සදහන් කළේ. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර සහ …
Continue Reading
ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව – ශ්‍රී ලංකා මහ බැංකුව
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ඔක්තෝබර් 21 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළ අතර, එමගින් දැනට පවත්නා ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කළේ ය. ශ්‍රී ලංකා මහ …
Continue Reading
ට්‍රම්ප්ට එරෙහිව TikTok මෙහෙයුමක්
ඇමෙරිකානු ෆෙඩරල් වාණිජ කොමිසම විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති රෙගුලාසි අනුව හාස්‍යෝත්පාදක නිර්මාණකරුවන් සිය නිර්මාණවලට දායකකර ගනු ලබන්නන්ට ගෙවීම් කරන ලද බව නිරන්තරයෙන් ම හඳුන්වා දී ඇති ‘කැප්ෂනයක්’ (caption) මගින් අනාවරණය කළ යුතුව ඇත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිර්මාණය කොට ‘ටික්ටොක්’ (TikTok) මෘදුකාංගය (app) මගින් පළකරණු ලැබ තිබුණ වීඩියෝපට ගණනාවක් ඉන් ඉවත්කරනු ලැබ ඇත. එම පියවර ගනු ලැබ තිබෙන්නේ එම …
Continue Reading
එක්සත් රාජධානිය තුළ එල්ටීටීඊ සංවිධානය තහනම් කිරීම පිළිබඳ අභියාචනය
-
RSL
-
October 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
එක්සත් රාජධානියේ තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාව (POAC) විසින් 2020 ඔක්තෝබර් 21 දින ලබා දෙන ලද විවෘත විනිශ්චය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැනුවත් කර තිබේ. තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාවේ මෙම තීරණය පැන නගින්නේ, දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය, 2000 එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ තහනම් කරන ලද සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා එම සංවිධානයේ පෙරමුණු කණ්ඩායමක් ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්ගේ 2019 මාර්තු 8 දිනැති තීරණය අභියෝගයට ලක් කරමින්, 2019 මැයි මාසයේදී එල්ටීටීඊ පෙරමුණු සංවිධානයක් විසින් ගොනු කරන ලද අභියාචනයක් හේතුවෙනි. තහනම් කරන ලද සංවිධාන පිලිබඳ අභියාචනා කොමිෂන් සභාවේ මෙම කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශ්වකරුවෙකු නොවූ බැවින් එහි …
Continue Reading
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි – මෛත්‍රී පැමිණ නෑ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවවේදී 156/65ක් ලෙස අති බහුතර ඡන්දයෙන් සම්මත වුණා. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි වුණා. මේ අනුව 3/2ක බලයට වඩා වැඩි ඡන්ද 06ක් යෝජනාවට පක්ෂව හිමිවී තිබෙනවා. මන්ත්‍රීවරුන් 221 දෙනක් ඡන්ද විමසීමට සහභාගී වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක …
Continue Reading
ශ්‍රී ලංකාවේ 14වන Covid-19 මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ 14වන කොවිඩ් මරණය අද වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ.
Continue Reading