මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ හෙට ඇරඹේ

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ වැඩපිළිවෙල හෙට (12) ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.   අම්පාර දිස්ත්‍රික්කයන් හෙට පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතය.  මීට සම්බන්ධ රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන්ගේ හා ගොවි ජනතාවගේ උනන්දුව හා ධෛර්ය වැඩිකරමින් නව වැඩපිළිවෙල මෙසේ ආරම්භ කිරීම …

Continue Reading

චිරාත් කෝලි – අනුෂ්කා ෂර්මා මාපිය පදවිය ලබති

සුපිරි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා ගැහැණු ළමයෙකු බිහි කළ බව ඇගේ සැමියා වන ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේය. “ඔබගේ සියලු ආදරය, යාච්ඥා සහ සුබ පැතුම් වලට අපි ඔබට ස්තූතිවන්ත වෙමු,” කෝලි සිය ට්විටර් හසුරුවමින් පළ කළේය. තරු යුවළ 2017 දෙසැම්බර් මාසයේදී ඉතාලියේදී විවාහ වූයේ පවුල් සබඳතාවකිනි “අනුෂ්කා සහ බබා යන දෙදෙනාම නිරෝගීව සිටින අතර අපගේ ජීවිතයේ …

Continue Reading

ශ්‍රී ලංකාවට නව ශාරීරික යෝග්‍යතා කළමනාකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු වශයෙන් දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන්ව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව ලූඩන්ගේ සේවය අද (ජනවාරි 11) සිට බලපැවැත්වෙනු ඇත. ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ විශේෂඥයකු වන ලූඩන් ජාතික තලයේ පසුවන ක්‍රීඩකයින්ගේ ශක්තීන් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින …

Continue Reading

දකුණු ඉන්දියාවේ චිත්‍රපට රූගත කිරිමේ ගමනාන්තය ශ්‍රී ලංකාව වේවි ද?

ඉන්යාදියානු චිත්‍රපට රූගත කිරීමේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරිම සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ කර්මාන්ත වෘත්තිකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ඉකුත්දා පැවැත්විණ.  ආර්ථිකය නංවාලීම සඳහා ව්‍යාපාරික අවස්ථා සලසා ගැනීම පිණිස ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු දකුණු ඉන්දියාවේ නීති, චිත්‍රපට සහ ආයෝජන අංශවල  වෘත්තිකයන් සමඟ මෙම  අන්තර්ක්‍රියා සැසිය සංවිධානය කර තිබුණි. මෙම සැසියේ පරමාර්ථය වූයේ ශ්‍රී ලංකාවේ පවත්නා ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පිළිබඳව එම වෘත්තිකයන් දැනුවත් කිරීමයි. චෙනනායි …

Continue Reading

ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අවධානය

ලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට  අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය. ඊට අදාළව සෞඛ්‍ය අංශ සමඟ සාකච්ජා කරන බවත්, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යටතේ එය ක්‍රියාත්මක කරන බවත්,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග  27(2) යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙරට උපකාරක …

Continue Reading

බදු නොගෙවන මෝරුන්ගේ නම් ජනමාධ්‍ය මගින් රට හමුවට

විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී පසුගිය (06 දා) තීරණය විය. එලෙස බඳු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. අයකර ගත හැකි බඳු කඩිනමින් අයකර ගැනීමට පියවර ගත යුතු …

Continue Reading

ඉහළ යන අන්තර්ජාල අපරාධවලින් සුරක්ෂිත වන්නේ කෙසේද ?

මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා ඊමේල් පණිවිඩ සම්බන්ද කරනිමින් සිදුකරනු ලබන මුල්‍යමය අපරාධ සහ සමාජ මාධ්‍ය ගිණුම් වලට අනවසරයෙන් ඇතුළුවීම් සම්බන්ධයෙන් වන අපරාධවල ඉහල යෑමක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ප්‍රකාශකොට ඇති බව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා වාර්තාවිය. උද්ගතවී ඇති COVID-19 වයිරස තත්වය යොදාගනිමින් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධ …

Continue Reading

ජනතාව සහ භික්ෂූන් අපේක්ෂා කරන භූමිකාව ගැන ජනපති කළ ප්‍රකාශය

බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනාධිපතිවරයා කියා සිටී. සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයකි. ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති සඳහන් කරයි. ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ …

Continue Reading

WhatsAp පරිශීලකයින්ට නව කොන්දේසි හා ප්‍රතිපත්ති

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත සන්නිවේදන යෙදුමක් වන වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට  වට්සැප් සමාගමේ මව් සමාගම වන ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ. මේ අනුව පෙබරවාරි 8 දා සිට වට්සැප් යෙදුම භාවිතා කිරීමට නම් පරිශීලකයන් වට්සැප් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව …

Continue Reading

සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම්

සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) උපදෙස් දුන්නේය. සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ පාර්ලිමේන්තුවේදී කමිටු කාමර 02 පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මහා පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටලුවලට පෙර සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටලු විසදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට …

Continue Reading